සිතාසියක් භාරදීම සඳහා මාතලේ පැත්තේ පොලිසියක පොලිස් නිලධාරියකු යතුරු පැදියකින් අදාළ ගම්මානය පුරා ගියේය. ඒත් අවශ්‍ය පුද්ගලයා හමුනොවීම නිසා නිලධාරියා දැඩි වෙහෙසටත් මානසික පීඩාවටත් පත්විය.
කාලය ගෙවී ගියත් කෙසේ හෝ රාජකාරිය කළයුතු නිසා හෙතෙම යළි උත්සාහයක යෙදෙමින් ගමපුරා යතුරු පැදිය මෙහෙයවීය. ගමේ අතුරු මාර්ගයක කොන්ක‍්‍රීට් අතුරමින් සිටි පිරිසක් ළඟට ගියා.
මේ නිලධාරියා එතැන සිටි පුද්ගලයකුට කිට්ටුවී සිතාසිය පෙන්නා එහි සඳහන් පුද්ගලයා හඳුනන්නේදැයි විමසීය.
එවැනි අයකු තම ගම් පළාතේ නැති බවත් වෙනත් ප‍්‍රදේශයක ඇද්දැයි සොයා බලන ලෙසත් අර පුද්ගලයා නිලධාරියාට පවසා නැවත තමා කරමින් සිටි වැඩෙහි යෙදුනේය.
‘‘මොකක්ද රාලහාමි ඇසුවේ’’ යයි වැඩපලේ සිටි යහළුවන් අදාළ පුද්ගලයාගෙන් විමසීය. ඔහු සිනාසෙමින් කියා සිටියේ එයා සිතාසියක් භාර දෙන්න හොයන්නේ මම. එහෙම අයෙක් මේ ගමේ නෑ කියලා එයාට මම කීව නිසා රාලහාමි බයිසිකලය හරවාගෙන යන්න ගියා.’’

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැබැයි ගොයියෝ, මේ පුවත රාලහාමි කියවපු ගමන්, පෙන්වපු කොකා ඉගිලෙන කොකාද? තුවක්කුවේ කොකාද? නැත්නම් කොකාකෝලාද කියා උගන්වයි පාඩමක් (නි)
මගේ මිතුරෙකුගේ දරුවකුට ගණිතය ඉගැන්වූ ගුරුවරයෙක් කල වරදක් ඔහුට පෙන්වාදීම සඳහා මගේ මිතුරා පාසලට ගොස් තිබුණා. කාර්යාලයට ඇතුළු වන තැනදීම යම් ගුරුවරයෙකු මගේ මිතුරාගෙන් තොරතුරු විමසු විට ඔහු තම දරුවාගේ ගණන් පොත පෙන්වා "මම ආවේ මේ විදියට උගන්වන ගුරුවරයා සොයාගෙනයි" කියා කියුවිට "මම දන්නේ නැහැ ගිහින් පිළිගැනීම් නිළධාරිනියගෙන් අහන්න" කියා ඉවත ගොස් තියනවා. ඉන් පසු ඇගෙන් පෙර ප්‍රශ්නයම පොත පෙන්වා ඇසුවාම ඇය කීවාලු "ඇයි දැන් මොහොතකට කලින් ඔබත් එක්ක කතාකලේ ඒ ගුරුවරයා තමා " කියලා. කොහොම හරි අන්තිමට ඒ ගුරුවරයා හොයාගන්න බැරි උනාලු. (ස)
අහු උනොත් කොකා නෙවේ තරුත් පෙන්වයි.(අ)
මනෝජ්-සාජා, මේක ලංකාව, තව අවුරුදු 35කින් 45 කින් ඔයා කියනවා වගේ තාක්ෂණයක් ලංකාවේ ගෙඹි මොලවල් වලට පෑදෙයි. එතකල් ඉමු අපි මෝල් ගහේ දළු එන තුරු. මේක සාජා නෙවෙයි. (නදී)
සරා ගොයියා හරි මිනිහා (නි)
මේක නම් පොලිස් නිලධාරියාගේ වරදක් නොවේ, කොකා පෙන්නු එකා.... යකා දකියි නැතුව සැකා....(අ).
සිතාසියට එය බාර දියයුතු පුද්ගලයාගේ ජායාරුපයක් එක් කලා නම් මෙහෙම දේවල් වෙන්නේ නැ. (අ)
ඉල්ලගෙන කන්න වගෙයි හදන්නේ. එක හීනෙන් එළිවෙන්නේ නැහැ. (නි)