IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


සාත්තරේ සූත්තරයෙන් මිතුරාට කෙල්ල සෙට්කරලා

(මොරගොල්ලාගම සිසිර කැලේගම)
නිවෙසට පැමිණි පිටස්තරයකු පැවසූ අනාවැකියක් නිසා ඔහු ප්‍රදේශයේ ප්‍රසිද්ධියක් උසුලන සාස්තරකාරයකු බවට ප්‍රසිද්ධ වූ පුවතක් යාපහුව පුරවරයේ පිටිසර ගම්මානයකින් අසන්නට ලැබුණි.


අනාවරණය වූ ආකාරයට සිද්ධිය මෙසේය.


දිනක් නාඳුනන හැඩි දැඩි තරුණයකු මෙම  නිවෙසට පැමිණ ඇත්තේ පිපාසයට වතුර බීම සඳහාය.


ඔහු එහි නැවතී වතුර බොන අතරවාරයේ “ මහත්තයා පුංචි කාලේ රිය අනතුරකින් අනූනවයෙන් බේරුණා නේ ද?  මහත්තයාගේ ලග්නය සිංහ නේ ද”? යනුවෙන් ප්‍රශ්න කළේය.


ඇදහිය නොහැකි ලෙසට ඒ දෙස බලා සිටි ගෙයි හිමියා තම බිරිඳටත් අඬ ගැසුවේය.


“නෝනා මහත්තයා, ඔයත් සර්පයකු දෂ්ට කිරීමෙන් ජීවිතය බේරා ගත් කෙනෙක් නේ ද? ඔයාගේ ලග්නය මිථුන බව නම් පැහැදිලියි.”


ඔහු ඇයටත් සාස්තරයක් කියන්නට විය.


අනේ, මෙයා කියන දේවල් ඔක්කෝම ඇත්ත, යනුවෙන් ඒ දෙදෙනාම තව දුරටත් සමීප වී ආගන්තුකයාගෙන් ඒ පිළිබඳව තවදුරටත් සාස්තර අසන්නට විය.


ඔය දෙන්නට ඉන්නේ එකම දියණියකි. ඇයගේ විස්තර, වයස, හැඩහුරුකම සියල්ලට අනුව නිවෙසේ නොමැති දියණිය ගැන ද කියන්නට වුණි.


ඇයට සිකුරා බැල්ම හෙළා ඇත. ඇයගේ විවාහය ළඟදීම සිදු වෙනවා. හැබැයි, ඔයාලා මොනවා කීවත් ඇයගේ විවාහය  හිතුවක්කාර තීරණයකට අනුව තමයි වෙන්නේ. ඇය පලා යන්නේ මාතලේ ප්‍රදේශයේ අහවල් ගමට ය.  තම පවුලට පෑහෙන පවුලක් නම් නෙමෙයි. ඇයගේ නිවෙස ඉදිරිපිට වැවක් තිබෙනවා. ඇය වාසය කරන නිවහන තිබෙන්නේ වැව් වානේ. ඔහු ​ෙතාරතෝංචියක් නැතිව කියාගෙන යන්නට විය.


දුව ගැන කිසිදු සැකයක් නොමැති අම්මා තාත්තා දෙදෙනා ගෙදර ඇය නැති අතරේ සාත්තරේට කියු දේවල් ඇයට දැන ගන්නට ඉඩ තැබුවේ නැත. එහෙත් ඔවුන් දියණියගේ සිකුරු අපලයට කළ හැකි දේ කරන්නට සූදානම් වුණි. එවැනි සාත්තුවක් කරන්නට දින වකවානු සැලසුම් කරන අතරවාරයේ ඇය පලා ගියාය.


ඇය ආගිය අතක් නැත. ඇය සොයා ගත නොහැකි වුවත් සාත්තරේට කියු මාතලේ ප්‍රදේශයේ  සඳහන් ග්‍රාමය ගැන ඔවුන් විපරම් කර බැලීය.


ඇය,  එහි සිටිනවාය. සිදු වූ දේවල් අතර සාත්තරකරුවා කිරි ගහට ඇන්නා වාගේ මේ දේවල් කිව්වේ කොහොම ද? ඔවුහු කල්පනා කරන්නට වූහ.


සාත්තරකාරයා කියු දේවල් ඇසූ ගම්මු පවා පුදුමයට පත් වූහ. ඔහු සොයා යාමට ඔවුන්ට ද දැඩි අවශ්‍යතාවක් විය.
මව්පිය යුවළ ඥාතීන් හා ගම්මුන් කැටුව එම නිවහන සොයා ගියේය. නිවහන වැවක් අසල වානේ තිබෙනු දැක ගිය පිරිස සාස්තරේ කියූ තැනැත්තා ගැන තව තවත් විමතියට පත්ව ඇත.


ගතවූවේ නිමේෂයකි. එම සාස්තරකරුවා එම නිවෙසේ සිටිනු දැක  දියණියගේ මව්පිය දෙපල අන්දුන්කුන්දුන් වී තිබේ.
වතුර බොන මුවාවෙන් එදා නිවසට පැමිණ සාස්තර කියා ඇත්තේ දියණිය අත ගෙන සිටින සැමියාගේ අතිජාත මිත්‍රයකු බව හෙළි විය. ඔහු සිදුවන්නට යන මංගල්‍යයේ හොරගල් ඇහිලීම සඳහා එහි ගොස් ඇති බවට අනාවරණය වනවිට සිදුවිය යුතු සියල්ල සිදු වී හමාර බවත් පවසමින් එම යුවළ රැස්ව සිටි පිරිස අතරේ සුසුම් හෙලුවාලු.

 



අදහස් (0)

සාත්තරේ සූත්තරයෙන් මිතුරාට කෙල්ල සෙට්කරලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 768 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 574 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 457 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site