සිටිනාමළුළු - අනීෂා මානගේ
සුපිරි වෙළෙඳසලක ආරක්ෂක නිලධාරිනියකට විෂබීජනාශක දියර බෝතලය සහ උෂ්ණත්වය පරීක්ෂා කරන උපකරණය මාරුවී වෙළෙඳසලකට ගිය තරුණියකට මුහුණ පෑමට සිදුවු අකරතැබ්බයක් දිවයිනේ තේ දළු තිබෙන පෙදෙසකින් වාර්තා වෙයි.
සිද්ධිය සැකෙවින් මෙසේය.
අලුත විවාහ වූ තරුණ යුවළක් දිවයිනේ තේ දළු තිබෙන පෙදෙසක පදිංචි වී සිටිති. නිවෙසට අවශ්‍ය ආහාර පාන මිලදී ගන්නට ගියේ සුපිරි වෙළෙඳසලකටය.
කොරෝනා වසංගතය හේතුවෙන් සෞඛ්‍ය බලධාරින්ගේ නිර්දේශ අනුව සුපිරි වෙළෙඳසලේ සේවකයෝ හැඩගැසී සිටියහ. වෙළෙඳසලට ඇතුළු වන සියලුම අයගේ ශරීර උෂ්ණත්වය පරීක්ෂා කර දෙඅත්වලට විෂබීජනාශක දියර ඉසීමද ආරක්ෂක නිලධාරිනියට පැවරුණු අලුත්ම රාජකාරිය විය. මෙම තරුණ යුවළද අදාළ වෙළෙඳසලට ඇතුළු වූ විට ආරක්ෂක නිලධාරිනිය යුවළගේ ශරීර උෂ්ණත්වය පරීක්ෂා කිරීමට සූදානම් වූවාය. තරුණියද වටපිට බලමින් ඇතුළු වූ අතර එක්වරම ඇයගේ නළලට සීතල දියර වර්ගයක ස්පර්ශය දැනීමෙන් තිගැස්සිණි. සිදුවී ඇත්තේ කුමක්දැයි අනාවරණය වූයේ එවිටය. ආරක්ෂක නිලධාරිනිය අත තිබු විෂබීජනාශක බෝතලය සහ උෂ්ණත්වය පරික්ෂා කරන උපකරණය ඇයට මාරු වී තිබණි.
උෂ්ණත්වය පරීක්ෂා කරනවා වෙනුවට ඇය විෂබීජ නාශක නළලට ඉස තිබිණි. සිදුවූ දෙයින් තරුණියටත් ආරක්ෂක නිලධාරිනියටත් සිනාව නවතාගත නොහැකි විය. ඇය තරුණියගෙන් සමාව අයැද සිටියාය.
සිද්ධියෙන් පසු තරුණිය සුපිරි වෙළෙඳසලට පැමිණෙන වාරයක් වාරයක් පාසා ආරක්ෂක නිලධාරිනියට සිනා පහළ වූයේ පෙරදා වු සිද්ධිය නිසාවෙනි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සිකුයුරිටි නෝනා උණ බලද්දී බඩු ගන්න ආ නෝනා හීතලවෙලා