IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


වළලන්නම් කියා සල්ලි අරන්: බලු කුණ බසයක පටවා යවලා

මත්තේගොඩ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න
මියගිය සුනඛයකු භූමදානය කිරීමට  පොරොන්දු වූ පුද්ගලයකු රුපියල් එක්දහස් පන්සියයක මුදලක් කුලිය ලෙස ලබාගෙන, පෝර උරයක බහා රැගෙන ගිය සුනඛයා  මගී ප්‍රවාහන පෞද්ගලික බස් රථයක අසුනක් යට සඟවා පලායාමේ සිදුවීමක් ඉකුත්දා  මත්තේගොඩ ප්‍රදේශයෙන් වාර්තා වෙයි.


කිරුළපන ප්‍රදේශයේ පදිංචිකරුවකු නිරන්තරයෙන්  පරණ යකඩ බඩු එකතු කිරීම සඳහා  මත්තේගොඩ නිවාස සංකීර්ණය අවට ප්‍රදේශවලට පැමිණෙන අතර බොහෝ දෙනෙක් ඔහු හොඳින් හඳුනති.


ඒ අනුව ඉකුත්දා ඔහු මත්තේගොඩ නිවාස සංකීර්ණයට පැමිණ එහි නිවසින් නිවසට ගොස් යකඩ බඩු එකතු කරමින් සිටියදී යාබද නිවෙසක සුරතලයට ඇති කළ සුනඛයෙක්ද මියගොස් සිටියේය.


එහෙත් මියගිය සුනඛයා භූමදානය කිරීමට එම නිවෙස්වලට ප්‍රමාණවත් ඉඩකඩක් නොතිබීම නිසා වෙනත් ස්ථානයකට රැගෙන ගොස් භූමදානය කිරීමට සූදානමින් සිටියදී එම නිවසට පැමිණි මෙම පුද්ගලයා සුනඛයා භූමදානය කිරීමට පොරොන්දු වී තිබේ.


ඒ සඳහා යහමින් කුලී මුදල් ඉල්ලා ඇතත් ඊට එකඟ නොවූ නිවැසියෝ අවසන රුපියල් 1500 මුදලක් දී යාබද ඉඩමක සුනඛයා භූමදානය කරන ලෙසට දැන්වූහ. එහෙත් ඔහු පවසා ඇත්තේ  නිවෙස් අසල භූමදානය නොකොට සුනඛයා සුසාන භූමියකටම රැගෙන ගොස් භූමදාන කරන බවයි.


ඒ අනුව සුනඛයා පෝර උරයක දමාගෙන ගොස් මත්තේගොඩ සිට පිටකොටුව දක්වා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයකට ගොඩ වී එහි අසුනක් යට පෝර උරය සඟවා වෙනත් ස්ථානයකින් බැස ගොස් තිබේ.


එහෙත් මේ බව කිසිවක් නොදත් බස්රථ හිමිකරු දිනයේ රාජකාරී නිමවා බස් රථය පිරිසුදු කරමින් සිටියදී අසුනක් යට සඟවා තිබූ සැක කටයුතු පාර්සලයක් දැක එය ගෙන පරීක්ෂා කිරීමේදී  ඒ තුළ මියගිය  සුනඛයාගේ සිරුර හමුවිය.


පසුව බස්රථ හිමිකරු එම සුනඛයා භූමදානය කොට නිවෙසට ගොස් ඒ බව පවසද්දී බස් රථයේ හිමිකරුගේ නිවෙසට යාබද නිවසේ සුරතලයට ඇති කළ සුනඛයකු එදින දහවල් මියගොස් සිටි බව දැනගන්නට ලැබිණි. ඒ බව පසුව යාබද නිවැසියන්ට පවසා දිගින් දිගටම සොයා බැලීමේදී මෙම කතාවේ සුලමුල අනාවරණය විය.

 



අදහස් (0)

වළලන්නම් කියා සල්ලි අරන්: බලු කුණ බසයක පටවා යවලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 67 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2016 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1562 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site