IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


වෙළෙන්දා විකුණන්න ගෙනා මුළු පොතම ලොක්කා ෆොටෝ ගහගෙන

ළමා කතා පොත් අලෙවි කිරීම සඳහා තම ආයතනයට පැමිණි වෙළෙන්දෙකුගෙන්  ආයතනයේ බොහෝ පිරිසක් පොත් මිලදී ගනිද්දී එහි ඉහළ පෙළේ නිලයක් දරන පුද්ගලයකු වෙළෙන්දා අත තිබූ පොත් කට්ටලයක් රැගෙන ඒවායේ පිටු එකින් එක පෙරළා තම ජංගම දුරකථනයෙන් ඒවායේ පිටු ඡායාරූප ගතකොට පොත් මිලදී ගැනීම සඳහා වැය වන මුළු මුදලම ඉතිරි කරගත් බව කියවෙන පුවතකි.
ආයතනයේ සේවක පිරිසක් පැවසූ අන්දමට සිද්ධිය මෙසේය.


එය සැලකිය යුතු පිරිසක් සේවය කරන ආයතනයකි.


පොත් වෙළෙන්දෙකු ළමා කතා පොත් තොගයක්ද රැගෙන එහි  පැමිණියේ සේවකයන්ගේ වැටුප් දිනය ඉලක්ක කර ගනිමිනි.
කුඩා දරුවන්ගේ සිත් ඇදගන්නා අයුරින් නිමවා තිබූ ළමා කතා පොත් කට්ටලයක්   මිලදී ගැනීමට සේවක පිරිස තුළ වූයේ ද දැඩි උනන්දුවකි. තම වියදම් දරාගත නොහැකි මට්ටමක තිබුණ ද   දරුවන්ට ආදරය කළ බොහෝ දෙනෙකු පොත් කට්ටලයක් මිලදී ගැනීමට දැඩි උනන්දුවක් දැක්වූයේ තම දරුවන්ගේ අනාගතය ගැන සිතමිනි.


මේ අතරතුර පොත් කට්ටලයක් අතට ගත් ආයතනයේ ඉහළ නිලයක් දරන නිලධාරියකු පොත් කට්ටලයේ පොත්  පිටු එකින් එක පෙරළමින් ඒවා තම ජංගම දුරකථනයට ඡායාරූප ගත කර ගත්තේ වෙළෙන්දාගේ ද මුහුණ පුළුටු කරමිනි.


එහි සිටි කටකාර සේවකයෙකු ‘‘සර් පොත් කට්ටලයක් ගන්නේ   නැද්දැයි’’ අසද්දී නිලධාරියා ඇඟට පතට නොදැනී කියා සිටියේ ‘‘සල්ලි දීල ගන්න ඕන නෑ මං මේ පොත් ටික ඔක්කොම පෝන් එකට දාගත්තා’’  යනුවෙනි.


‘‘අනේ මෙහෙමත් ‘ලෝභයෙක්’ යැයි එහි සිටි සේවිකාවක කියා සිටියේ ආසන්නයේ සිටි කීප දෙනෙකුටද ඇසෙන පරිද්දෙනි.

 

වියලු‍ව වාර්තාකරු



අදහස් (0)

වෙළෙන්දා විකුණන්න ගෙනා මුළු පොතම ලොක්කා ෆොටෝ ගහගෙන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 687 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17827 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 757 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site