IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


විහිළුවක් මුවාවෙන් ගින්නක් අවුලා යාළුවාට ලක්‍ෂ 3ක් නැතිවෙලා

කරන්දෙණිය - එම්.සුසිල් පියන්ත
එක මග ගොස් කළ විහිළුවක් නිසා අඹ යහළුවාගේ ලක්ෂ ගණනක රිය අනතුරු රක්ෂණය වන්දිය අහිමි කළ අපූරු මිතුරකු පිළිබද පුවතක් අම්බලන්ගොඩ නගරයෙන් අසන්නට ලැබේ.


දෙදෙනාම ව්‍යාපාරිකයෝය. දෙන්නාට දෙන්නා නැතිවම බැරිය. දුකේදීත් සැ​ෙප්දීත් දෙදෙනාම සිටියේ එකටය. එක පයින්මය. ඒ නිසාම මිතුරා සිය රථ වාහනය අනතුරට ලක්වූවේ යයි කියමින් ඉල්ලා තිබූ රක්ෂණ වන්දිය ලබා ගැනීමට අදාළ රක්ෂණ ආයතනයට ගියේද එකටය. ඒ ඔහුගේ රථ වාහන රක්ෂණ වන්දිය ලබා ගැනීමට පැමිණෙන ලෙස දන්වා තිබූ දැනුම්දීමට අදාළවය. රුපියල් ලක්ෂ තුනකට වැඩි වන්දි මුදලක් ඔහුගේ අනතුරට ලක්වූ වාහනය වෙනුවෙන් වෙන්වී තිබිණ.


එහි ගිය ඔහු මේ රක්ෂණ සමාගමේ තමාට මේසා විශාල මුදලක් අනුමත කරදීමට කරඋර දුන් නිලධාරීන්ට තේපැන් සංග්‍රහයකට අවශ්‍ය කේක් ඇතුළු දෑ මිලදී ගැනීමට ඔහු ගියේ මිතුරා එම ආයතනයේ සිටියදීය.


එහි සිටි මිතුරා සිය විහිළුව පටන් ගත්තේ එතැන් සිටය.


මේක නියම රිය අනතුරක් නෙමෙයි. එයා ඕන කමින්ම වාහනය හප්ප ගත්තේ. නැත්නම් කොහොමද වාහනයේ දෙපැත්තේම දොරවල්වලට හානි වෙන්නේ. මට පුළුවන් ඕනෑනම් එයා වාහනය හප්ප ගත්ත තැනත් පෙන්වන්න. ඔයාලාට මොළයක් තියෙනවද ඕනකමින්ම හප්ප ගත්ත වාහනයකට රක්ෂණ වන්දි දෙන්න. ඔයගොල්ල ඉස්කෝලේ ගිහිල්ලා නැද්ද? දැයි ඔහු නිලධාරීන්ගෙන් ඇසුවේය. 


තේ පැන් සංග්‍රහයට අවශ්‍ය දේ රැගෙන මිතුරා රක්ෂණ ආයතනයට එනවිට සිදුවිය යුතුදේ සිදුවී හමාරය. මේක ඕනෑ කමින් හප්ප ගත්ත එකක් බවට තොරතුරු ලැබිලා තියෙනවා. ඒ වෙනුවෙන් පැමිණිල්ලකුත් තියෙනවා .ඒ නිසා මේ රක්ෂණ වන්දිය ලබා දෙන්න හැකියාවක් නැහැ යයි එම ආයතනයෙන් දැනුම් දුන්විට ඔහුට හීන් දහඩිය දැම්මේය. ආපසු නිවෙස කරා එනවා හැර ඔහුට වෙනත් විකල්පයක් නොතිබිණ.


 මේ කෙසේවෙතත් මේ මිතුරෝ දෙදෙනා තවමත් මිතුදමෙන් බැඳී සිටින්නේ රක්ෂණ ආයතනයට විහිළුවටමෙන් අලි බොරුවක් කීවේ කවුදැයි කියා නොදන්නා නිසාය.



අදහස් (1)

විහිළුවක් මුවාවෙන් ගින්නක් අවුලා යාළුවාට ලක්‍ෂ 3ක් නැතිවෙලා

ganegoda Tuesday, 20 December 2022 01:51 PM

යාලුවොත් එක්ක පාරේ ගියොත් ලැබෙන්න තියන දේ නැති කරනවා .ගෙට වැද්ද ගත්තොත් මුළු පවුලම විනාශයට පත්වෙනවා .සිරිලක් යහළුවෝ

:       0       16

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 22 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2001 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1555 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site