IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


විහිළු කරන්න ගිහින් යට ඇදුමෙන් දුවලා

පෙම්වතියට විහිළු කළා යැයි තරුණයකුගේ ඇඳුම් ගලවා විසි කර දමා යට ඇඳුම පිටින් එළවා දමා ඇතැයි කියන පෙම්වතකු පිළිබඳ පුවතක් රඹුක්කන ප්‍රදේශයේ ග්‍රාමයකින් වාර්තා වෙයි.
වාර්තා වෙන අන්දමට සිද්ධිය සම්බන්ධයෙන් සැකෙවින් මෙසේය.
23 හැවිරිදි තරුණියක ඇඟලුම් ආයතනයක රැකියාවකට දිනපතා යන්නේය. මෙම තරුණිය ගම් කිහිපයකට එහා පදිංචිව සිටින 27 හැවිරිදි තරුණයකු සමග ප්‍රේම සම්බන්ධතාවයක් කලක සිට පවත්වාගෙන යන්නේ දෙපාර්ශවයේ මවුපියන්ගේ ද කැමැත්ත පරිදිය.
පාඩුවේ රැකියාවට යන එන තරුණිය කෙරෙහි ගමේ තරුණයකු දින කිහිපයකට සිට ඇයට මගතොට දී බැල්ම හෙළන්නේය. දිනක් තරුණිය රැකියාව නිම කර ආපසු නිවසට පැමිණෙමින් සිටින අවස්ථාවේ දී තරුණයා තරුණිය මග රැක විමසා ඇත්තේ තමන්  කැමැත්තක් දක්වන බවත් ඊට පිළිතුරක් අවශ්‍ය බවය. පසුව තරුණිය තරුණයාට කියා ඇත්තේ තමන්ට අහවල් ගමේ පෙම්වතකු සිටින බවය. 


පසුව තරුණයා තරුණියට කියා ඇත්තේ ගමේ වැල වරකා ගමේ වවුලන්ට කන්න මිස පිට වවුලන්ට ඇවිල්ලා කාලා අරන් යන්න දෙන්න බැරි බව සිනාමුසු මුහුණින් පවසා ඇත.
පසුව තරුණිය තරුණයාගෙන් මිදි නිවසට ගොස් දුරකතනයෙන් සිදුවීම සම්බන්ධයෙන් පෙම්වතාට පැවසුවාය. දිගටම කරදර කළොත් තමාට කියන්න කෝ යැයි පෙම්වතා තරුණියට පැවසීය.
දින ගණනාවක් ගමේ තරුණයා තරුණිය වැඩ නිම කර නිවසට පැමිණෙන අවස්ථාවේ දී මග බලා හිද ආදරය ඉල්ලන බව යළි පෙම්වතාට දුරකතනයෙන් පැවසුවාය.
ඉකුත් දිනක තරුණියගේ පෙම්වතා යැයි කියන තරුණයා හිතවතකු සමග යතුරු පැදියකින් වැඩ ඇරී නිවසට යන මාර්ගය රැක සිටියේය. තරුණිය ද වැඩ ඇරී එන අයුරු දැක ඇති ඇගේ පෙම්වතා යන්නට ඉඩ හැර බලා සිටියේය. ගමේ තරුණයා සුපුරුදු පරිදි මග රැක තරුණියට සුපුරුදු පරිදි විහිළු කතා කියන්න පටන් ගත්තේය.
පෙම්වතා යැයි කියන තරුණයා හා මිතුරා දිව ගොස් තරුණයාගේ බෙල්ලෙන් අල්ලා පහරක් දී ඇඳ සිටි ඇඳුම් ගලවා කැළයකට විසි කර යට ඇඳුම පිටින් පන්නා දමා ඇත.
පසුව තරුණිය කෑ ගසා ඇත. කෑ ගැසීමට ගමේ පිරිසක් සිද්ධිය වූ තැනට පැමිණෙන අවස්ථාවේ දීත්  තරුණයාට කර කියා ගත හැකි දෙයක් නොවු නිසා යට ඇඳුම පිටින් පොල් ඉඩමක් මැදින් දිව ගොස් ඇත.

 කෑගල්ල අධිකරණ - චමින්ද වැවතැන්න



අදහස් (0)

විහිළු කරන්න ගිහින් යට ඇදුමෙන් දුවලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 789 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 584 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site