ආයතනයක සීසීටීවි කැමරා කිහිපයක් සවිකර තිබිණි. දිනක් ආයතනයේ නිලධාරියෙක් කැමරා දසුන් පරීක්ෂා කරන විට පිටත සවිකර ඇති කැමරාවක දසුන් වෙනදා මෙන් නොව වෙනත් දිශාවකට යොමුවී ඇති බව පෙනී ගියේය.
කලබලවූ ඔහු කළමනාකරුට ඒ බව දැන්වීය. පසුව ඔවුන් කැමරාවේ දසුන් පරීක්ෂා කළත් කිසියම් හෝඩුවාවක් ලබාගැනීමට නොහැකි විය. ඔවුන්ගේ සැකය යොමුවූයේ ආරක්ෂක නිලධාරීන් වෙතය. ”සර් ඒ අය කැමරාව පහත් කරලා හොර වැඩක් කරනවා ඇති” එක් නිලධාරියෙක් පැවසීය. කළමනාකරුගේ උපදෙස් අනුව නිලධාරියෝ දෙදෙනෙක් ඉදිරිපස ගොඩනැගිල්ලේ හිමිකරුගේ අනුදැනුම මත රාත‍්‍රියේ එයට නැග කුමක් සිදුවන්නේ දැයි පරීක්ෂාවෙන් එළිවෙන තුරු බලා සිටියහ. සැකයට තුඩුදෙන කිසිවක් වුණේ නැත. නිදි මැරීමෙන් හොඳටම හෙම්බත්වී සිටි ඔවුන් දෙදෙනා කාර්යාලයට පැමිණ විස්තරය හොර රහසේ කළමනාකරුට දන්වා නිවෙස් කරා පියනැගුවේ හොඳ නින්දක් බලාපොරොත්තුවෙනි. කළමනාකරු කැමරා සවිකළ ආයතනයට කතාකොට කවුරු හෝ කැමරාව පහත් කර ඇති බව දැන්වීය. සීසීටීවි ආයතනයේ නිලධාරීන් වහා පැමිණ ඉනිමගකට නැග කැමරාව පිරික්සූවිට කැමරාව උඩ තිබූ කුරුළු වසුරු දැකගත හැකිවිය. කැමරාව නැවත සකස් කළ ඔවුහු කළමනාකරු හමුවී, ”සර් කැමරාව කවුරුවත් වෙනස් කරලා නැහැ. ඒක උඩ රෑට ලොකු කුරුල්ලෙක් ඉන්නවා. ඒ නිසයි කැමරාව පහත් වුණේ” යනුවෙන් පැහැදිලි කළහ. අපි බොරුවටනේ ඒ අයව සැක කළේ. කළමනාකරු තවකෙකුට පැවසීය.
(ක‍්‍රිස්ටෝපර් සීපියන්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාර වැඩේ තමයි (නදී) .
හැමදේටම පළමු කැමරාව ගැන බලන්න මේ අයට හිතුනේ නැද්ද? අහිංසක ආරක්ෂක නිලධාරීන් සැකකළා. තව දෙන්නෙක් පිනිබාමින් වහළක් උඩ නිදිමැරුවා.ඒ වුණත් අපි දන්නේ නැහැ රෑට එන ලොකු කුරුල්ලා මොකාද කියා. (නි)
නන්දලාල්, බකමුණා එන්නේ රෑටනේ. (නි)
කොහොමත් ප්‍රධාන කරුණු දෙකක් වන අවධානයත් සැකයත් මේමගින් දුරුකරගන්න පුළුවන් වෙලා තියෙනවනේ.(ම)
අනේ ඉතින්. මේ වගේ දෙයක්වත් තේරුම්ගන්න තරම් එයාලට මොළයක් නැද්ද? (නි)
කැමරාව සවිකළ ආයතනය ඔංචිල්ලා සවිකරන එකක් වෙන්න ඇති. ළඟ එන අවුරුද්දට වැඩ ගොඩක් තියේවි ඒ ආයතනයට. (නි)
අද කාලේ ගොඩක් ආයතන ප්‍රධානීන්ට ප්‍රායෝගික දැනීම ඉතාම අඩුයි. (නි)
ගහකොළ නැති රටේ-කුරුල්ලන් කොහේ ලගින්නේ. (ස)
ඔව් කවුරුන් කොහොම කිව්වත් අසන්නා සිහිබුද්ධිමත් විය යුතුයි. නැත්තම් තවත් අහිංසකයෙක් සැකයක් නිසා වන්දි ගෙවනවා (ස)