IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


විස්සේ ගැටයා හතළිහේ තිදරු මව එක්ක පවුල් කන්න ගිහින්

(නිකවැරටිය ප්‍රියානි මංගලිකා )
විසි හැවිරිදි තරුණයකු 40 වියද ඉක්මවූ තිදරු මවක සමග පවුල් කෑමට යාමේ සිද්ධියක් කුරුණෑගල දිසාවේ එක්තරා පෙදෙසකින් වාර්තා වේ.


සිද්ධිය මෙසේය.


දුර බැහැර පෙදෙසක සිට පියාගේද ආශිර්වාදය ඇතිව 20 වියැති තරුණයා වෙනත් ගමකට පැමිණියේ කිසියම් ආගමික කටයුත්තකට සහභාගිවීමටය.


මොහු එහි පැමිණි හතලිස් වියද ඉක්ම වූ මවක සමග පෙමින් බැඳෙන්නේ සියලු‍ දෙනාටම හොර රහසිනි. ඇය තිදරු මවක වන අතර ඇයගේ වැඩි මහල් දියණියද උසස් පෙළ පංතියේ ඉගෙනුම ලබමින් සිටියාය.


මේ කිසිවක් බාධාවක් කර නොගත් තරුණයා තම පෙම්වතිය සමග ඇති කරගත් ප්‍රේම සම්බන්ධතාව දිගටම පවත්වාගෙන ගියේය. පෙම්වතියගේ සැමියා නිවසේ නොමැති අවස්ථාවලද රාත්‍රි කාලයේද තරුණයා ඇයගේ නිවසට යාමට ඒමට පුරුදු වූයේ කාටත් හොර රහසේය.


මෙදිනද ඇගේ සැමියා නිවසේ නොමැති බව දැනගත් තරුණයා සුපුරුදු ලෙස රාත්‍රියේ ඇයගේ නිවසට යන්නේ මහත් සතුටිනි. එහෙත් මේ පිළිබඳව ඉව වැටී සිටි සැමියා සැඟවී සිට, පෙම් සුව විඳිමින් සිටි තම බිරිඳ හා තරුණයා අතටම හසු කරගන්නේ, උස් මහත් වූ දරුවන්ද විමතියට පත් කරමිනි.


පසුව සැමියා සිද්ධිය පිළිබඳව පොලීසියට පැමිණිලි කරන්නේ විසඳුමක් ලබාගැණීමේ අටියෙනි. පසුව පොලීසිය තරුණයා හා තරුණයාගේ පියාද, සැමියා ගේ පාර්ශවයද පොලීසියට කැඳවා, ගැටුම  සමථයකට පත් කිරීමට උත්සාහ දරා ඇත.


එහිදී සැමියා දරුවන් තිදෙනා ගැන සිතා සිය බිරිඳට සමාව දී ඇය බාර ගැණීමට කැමැත්ත පළ කර ඇත. එහෙත් බිරිඳ දරුවන්, සැමියා හා සියල්ල අතහැර දමා ලාබාල පෙම්වතා සමග යාමට කැමැත්ත පළකර ඇත. තරුණයාගේ පියාද පුතාගේ පෙම්වතිය බාර ගෙන තම ගමට කැඳවාගෙන යාමට කැමැත්ත පළ කර ඇත.


මැදිවියේ පසු වූ තරුණයාගේ පියා තම පුතා හා වැඩිමහල් පෙම්වතියද බාර ගෙන, දරුවන් හඬා වැටෙද්දී ගමට යන්නට මගට බැස්සේ මටත් ඉතිං වතුර ටිකක් හරි දෙන්න කෙනෙක් ඉන්න එපායැ”‍ යැයි කියමිනි.


සිද්ධිය බලා සිටි අනෙකුත් පිරිස් මුහුණින් මුහුණ බලා සිනාසුනේලු‍. මේ කිසිවක් ගණනකට නොගත් තරුණයා, ඔහුගේ පියා සහ පෙම්වතිය ත්‍රිරෝද රථයක නැගී ගමට යන්නට පිටත්ව ගියේලු‍.

 



අදහස් (0)

විස්සේ ගැටයා හතළිහේ තිදරු මව එක්ක පවුල් කන්න ගිහින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1978 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1551 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 541 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site