IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


විසිපහේ ලාබෙට 1275 කට තට්ටු වෙලා

(කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත)
ලාභය පමණක් සැලකිල්ලට ගනිමින් කටයුතු කරන අවස්ථාවලදී නොසිතූ අයුරින් පාඩු සිදුවන වෙලාවල් නැත්තේද නොවේ.


රුපියල් 25ක් ලාභයට අන්නාසි ගෙඩියක් ගැනීමට ගිය දකුණේ අයෙකුට රුපියල් 1275ක පාඩුවක් විඳීමට සිදුවූ අපූරු පුවතකි මේ.


ඔහුගේ නිවස පිහිටි කිට්ටුම උප නගරයේ අන්නාසි ගෙඩියක් අලෙවිවූයේ රුපියල් 200කටය. එය පාගමනින් ගොස් වුවද මිලදී ගැනීමට ඔහුට හැකියාව තිබිණි.


එහෙත් යාබද ප්‍රධාන නගරයේ අන්නාසි ගෙඩියක් රුපියල් 175කට අලෙවි වන බව දැනගත් හේ කිට්ටුම උප නගරයෙන් අන්නාසි නොගෙන ප්‍රධාන නගරයට ගියේ රුපියල් 25 ලාභය ගැන සිතමිනි. ඒ සිය යතුරු පැදියෙනි. තෙලු‍ත් පුච්චාගෙනය.


‘‘අන්නාසි 175යි, 175යි, වෙන කොහේවත් නැහැ. අනේ හාමිනේ මෙහෙම ලාභයක් කියමින් අන්නාසි වෙළෙන්දා අන්නාසි ගෙඩි උඩ දම දමා කෑමොර දෙමින් වෙළදාමේ යෙදී සිටියේය. මේ දර්ශනයෙන් ඔහුට තැන නොතැනද අමතකවී ගියේය. ඔහු සිය යතුරු පැදියෙන්ම අන්නාසි වෙළෙන්දා ළගට කිට්ටු කළේය. එම ස්ථානයේම යතුරු පැදිය නතර කළේය.


තමාගේ උප නගරයේ රුපියල් 200ට අලෙවිවූ අන්නාසි ගෙඩිය රුපියල් 175කට ලබා ගත්තේය. එයින් පස්වනක් ප්‍රීතියට පත්වූ ඔහු සිය නිවස බලා යාමට යතුරු පැදියට නගින්නට සූදානම් වූයේය. ඒ සමගම එතැනට ආ පොලිස් නිලධාරීන් දෙදෙනා ඔහුට රුපියල් 1000ක දඩ කොළයක් ලියා හමාරය. ඒ රථ වාහන නතර කිරීම තහනම් ස්ථානයක වාහනය නතර කිරීමේ වරදටය.


කරන්න කිසිම දෙයක් නොවිය. ළගම පිහිටි තැපැල් කාර්‍යාලයට ගොස් දඩ කොළය තැපැල් කාර්‍යාලයේ ගාස්තුවද සමග රුපියල් 1100යක් ගෙවා දඩ කොළය ලියූ පොලිස් නිලධාරීන් භාරයේ තිබූ රියදුරු බලපත්‍රය ගෙන නිවසට පැමිණීමට ගියේ රුපියල් 200ට ළගින් ගන්න තිබූ අන්නාසි ගෙඩිය රුපියල් 25 ලාභයක් බලාගෙන ගන්න ගොස් රුපියල් 1275ක් වියදම් කරන්නට සිදුවීම ගැන දැඩි කනස්සල්ලෙන්ලු‍.



අදහස් (0)

විසිපහේ ලාබෙට 1275 කට තට්ටු වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 544 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 713 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 293 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site