IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


වැව් බැම්මේ නැටිල්ල දැක සංගීතෙ සංවිධායකයන්ට තරු විසිවෙලා

පෝද්දල සරත් ආනන්ද ගමගේ 


මුදල් අයකර පෙන්වන ලද සංගීත සංදර්ශනයක් සංවිධායකයන්ගේ නොසැලකිලිමත්කම හේතුවෙන් පළමු දිනයේදී විශාල පිරිසක් නොමිලේ නැරඹූ පුවතක් ගැන දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා වෙයි.
ප්‍රදේශයේ පාසලක ආදි ශිෂ්‍ය සංගමයක් විසින් දින හතරක විනෝද සැණකෙළියක් සංවිධානය කර තිබිණි. මේ සඳහා විද්‍යාල ක්‍රීඩා පිටිය සම්පූර්ණයෙන්ම ආවරණය කර ඇත. ක්‍රීඩා පිටියේ එක් කෙළවරක් අවසන් වන්නේ වැව් බන්ට් එකකිනි. ප්‍රධාන වේදිකාව ඉදිකර ඇත්තේද මේ පැත්තේය. 
සැණකෙළියේ පළමු දින එහි උච්චතම අවස්ථාව වන සංගීත සංදර්ශනය මධ්‍යම රාත්‍රිය ආසන්නයේදී ආරම්භ විය. සංගීතය ඇරඹී සුළු මොහොතක් යනවිටම මේ ක්‍රීඩා පිටිය අසල වැව් බන්ට් එකටද එකා දෙන්නා රොක් වී ඇත. ක්‍රීඩා පිටිය ඇතුළේ සිට නරඹනවාට වඩා හොඳට ඇස් මට්ටමේ සිට දිස්වන බැවින් බන්ට් එකේ සිට එය නැරඹීම වඩා පහසු වී ඇත. එසේ පැමිණි ඇත්තන් තමන් විඳින අත්දැකීම පිළිබඳව දුරකතනය ඔස්සේ යහළු යෙහෙළියන්ට පැවසීමත් සමග විශාල පිරිසක් බන්ට් එකට එකතු වී ඇත.


මධ්‍යම රාත්‍රිය පසුවනවාත් සමගම ක්‍රීඩා පිටිය ඇතුළේ සිටි සංගීත ලෝලීන් ගීතයේ තාලයට පාද තබමින් සිය නර්තනාංග හැකියා ද විදහා දැක්වීමට පටන් ගෙන ඇති අතර බන්ට් එක මත සිටි ඇත්තෝද ඊට නොදෙවැනි ලෙස සිය දක්ෂතා ප්‍රදර්ශනය කර ඇත. සිදුවූ  අනපේක්ෂිත සිදුවීමෙන්  සංවිධායකයෝ දැඩි අපහසුතාවට පත්වුවත් එය වැළැක්වීමට ගත හැකි පියවරක්  ඔවුන්ට තිබී නැත.
පසු දින සංවිධායකයෝ වැව් බන්ට් එක ආවරණය කිරීමට සූදානම් වුවද ඒ සඳහා වාරිමාර්ග බලධාරීන් අවසර දී නැත. පසුව ඔවුන් වේදිකාව වටේට තිර ඇද යම් ආවරණයක් කර ඇතත් පසු දිනද පිරිසක් එහි සිට සංගීත සංදර්ශනය නැරඹූ බවද ආරංචිය. මේ සිදුවීම ප්‍රදේශයේ බොහෝ දෙනාගේ කතාබහටද ලක්වෙන අතර සමාජජාලා මාධ්‍ය හරහා ද සිද්ධියට විශාල ප්‍රචාරයක් ලැබී ඇත.

 



අදහස් (0)

වැව් බැම්මේ නැටිල්ල දැක සංගීතෙ සංවිධායකයන්ට තරු විසිවෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 789 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 584 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site