(මාවරල පී.එස්. මද්දුමගේ)
මොරවක් කෝරළයේ නැගෙනහිර පිහිටි ගැමි ගම්මානයකි. මේ කතාව ඒ ගම්මානයේ විවාහක තරුණයකු මුල්කර ගෙන වූ සිදුවීමකි.
අපි ඔහු සපතේරිස් ලෙස හඳුනා ගනිමු. පාසල් ගමන අතර මග නතර කළ මොහු ගමේ ප්‍රභූ පවුලක මෙහෙවර කරමින් සිටියේය. නිවෙස් හිමියා තම මෝටර් රථයේ රියදුරා ලෙස සපතේරිස් යොදා ගැනීමේ අරමුණින් ඔහුට රියදුරු බලපත්‍රයක් ලබා දී තිබුණි. වැඩි උගත් කමක් නොතිබුණ ඔහු සුළු දෙයකින් පවා කේන්ති ගන්නා පුද්ගලයෙකි. රියදුරු බලපත්‍රය ලබාගෙන වසරක පමණ කාලයක් එම නිවසේ සේවය කළ ඔහුට, වයඹ පළාතේ පොල්වත්තක මුර සේවයට යාමට අවස්ථාව උදා වූයේ මිතුරකුගේ මාර්ගයෙනි.
පොල්වත්තේ සේවය කිරීමේදී එම වත්ත ආසන්නයේ ජීවත් වූ උගත් නාගරික තරුණියක සමග ඇසුරක් ගොඩ නගා ගැනීමට මොහු සමත් වූයේය. පෙනුම ඇති හැඩකාර නාඹර තරුණයකු වූ මොහුගේ හැඩිදැඩි පෙනුමට කාන්තාවන් ඇලුම් කිරීම රහසක් නොවීය.
කාලය ගෙවී යද්දී ඇසුරට සම්බන්ධ නාගරික තරුණිය සමග තම උපන් ගමට යාමට තීරණය කළ සපතේරිස් සහ තරුණිය දිනක් සවස් කාලයේ ගම රට බලා පැමිණියහ.
තරුණියක සමග පැමිණි සපතේරිස් දුටු මව, සිදුව ඇති දේ ගැන අසා දැන ගැනීමෙන් පසුව, ලේලිය ආදරයෙන් පිළිගත්තාය. පවුල් ජීවිතයක් ගත කිරීමට සුදුසු පසුබිමක් නොතිබුණද, සපතේරිස් පියාගේ කුඹුරක් අසල වූ කමතේ පැල්කොටයක් අටවාගෙන තරුණිය සමග ගත කිරීමට පියවර ගත්තේය. හේන් ගොවිතැනත්, අනුන්ගේ කුලියකුත් කරගෙන සැමියා ජීවිකාව ගෙන ගියද, තරුණ බිරිඳට ගැමි පරිසරය සහ නිවස සිත් ගත් තැනක් නොවීය.
සපතේරිස්ගේ බාප්පාගේ නිවසද මේ නිවස අසල පිහිටා තිබූ අතර බාප්පාගේ පුතාද සපතේරිස්ගේ ගෙදරට නිතර යාමට ඒමට පුරුදුව සිටියේය. සපතේරිස් නිවසේ නැති අවස්ථාවන්හි පැමිණෙන බාප්පාගේ පුතා තරුණිය සමග සතුටු සාමිචියේ යෙදී අල්ලාප, සල්ලාප බස් දොඩමින් කාලය ගත කළාය. මේ අතර ඔහු සමග අනියම් ඇසුරක් ගොඩනගා ගැනීමට තරුණ බිරිඳ පෙළඹුණේ කාන්සියත්, පාළුවත් මගහැර ගැනීමටය.
කුඹුරු වැඩට දක්ෂයකු වූ සපතේරිස් කුලියට කුඹුරු වැඩ කළ අතර තලප සහ වෙල්ගහල ගොබ ව්‍යංඤ්ජනයට දැඩි ගිජුකමක් දැක්වූයේය. දිනක් ඇඳිරි වැටීගෙන එන අතර නිවසට පැමිණි සපතේරිස් වෙල්ගහල ගොබ මිටියක්ද, කුරක්කන් පිටි ටිකක්ද රැගෙන ආවේය. “අද කමු තලප ටිකක්” කියා සපතේරිස් වෙල්ගහල ගොබ මිටියත්, කුරක්කන් පිටි ටිකත් බිරිඳ අතට දුන්නේය. සපතේරිස් බුලත් විටක් කෑමට ඉස්තොප්පුවට පැමිණ බංකු පුටුවේ ඉඳගත් අවස්ථාවේ, බිරිඳ විමසා සිටියේ “සපේ. වෙල්ගහල ගොබ වල පිලි කනවද?,, කියා ය. ඇය වෙල්ගහල මාලුව පිසින අන්දම නොදැන සිටි නිසා එසේ ඇසුවාය.
“කව්ද බොල පිලිකන්නේ?, යයි මහ හඬින් තම බිරිඳට සැර කළ සපතේරිස්, ගහල පිලි (අත්ත) කෑමට නොගන්නා බව බිරිඳට දැනුම් දී, මිදුලට බැස බුලත් කෙළ පාරක් ගැසීය. “අයියේ මේ මම පිළිකන්න පැත්තෙන් ආවෙ බුලත් විටකට හුණු ටිකක් ඉල්ල ගන්න’’ යයි කියමින් සපතේරිස්ගේ බාප්පගෙ පුතා කළුවරේම සපතේරිස් ඉදිරියට පැමිණෙමින් පැවැසීය.
අනියම් ඇසුර නිසා සමහර දිනක මොහු රාත්‍රී කාලයේ සපතේරිස්ගේ නිවස පිළිකන්නට පැමිණ බිරිඳ සමග අනියම් ඇසුර පැවැත්වීම පුරුද්දක් කරගෙන තිබූ නිසා, අද තමා අයියාට මුලිච්චි වුණාදැයි සැකයෙන් ඉදිරියට පැමිණ ඔහු එසේ පෙනී සිටියාය.
උඹ වෙනද මේ වෙලාවට එන්නෙ නෑ නේද? කී සපතේරිස් හුණු ටිකක් දී මල්ලීව පිටත්කර හැරියේය. අවේලාවේ පිළිකන්න පැත්තට එන්න මොකක් හෝ හොරයක් ඇති බව තේරුම්ගත් සපතේරිස්, මට ඇත්ත කියාපන්, යයි බිරිඳට තරවටු කළේය.
මැතිවරණ ජය ලැබූ පසු දෙන්න සූදානම් කළ පාටිය බලු දානයක් බවට පරිවර්තනය වූ අපූරු කතාවක් දකුණේ ගමකින් පෙරේදා (6)අසන්නට ලැබුණි.
ඡන්දය දාන්න වයසක උන්දෑ කෙනකු රැගෙන යාමට පැමිණි ත්‍රිරෝද රථ රියැදුරෙකුට නාසයෙන් කෑල්ලක් දන් දෙන්න සිදුවූ ඇබැද්දියක් ඊයේ (6) ගාලු දිසාවේ ගමකින් අසන්නට
යතුරු පැදියේ ගැට ගසා තිබූ පඬුරෙන් තමන්ගේ යතුරු පැදියත් වැටෙන්න ගිය අලි අමාරුවෙනුත් බේරුණු අයෙකු පිළිබඳව අපූරු කතාවක් බලපිටියෙන් අසන්නට ලැබේ.
තනිකඩ වියේ පසුවන ගුරු මාතාවක මිලදී ගත් මෝටර් රථයක් මානසික සුවය පතා ගත් සැණින් විකුණා දැමු පුවතකි. සිද්ධිය ඇසෙන්නේ මහවැලි ජනපද ගම්මානයට අයත් ප්‍රදේශයක
ඉතා හදිසි රාජකාරියක් නිසා නෝනා යතුරු පැදියෙන් ගෙන යා නොහැකි යයි කියූ සැමියා තම හිතවතිය යතුරු පැදියේ දමාගෙන ගොස් අලි අමාරුවක වැටුණු කතාවක් ගාලු දිසාව
නිවසට සිඟමනේ පැමිණි කතකට පුතා උදව් උපකාර කළ අයුරු දැක මවුපිය දෙදෙනා නට්ටම් වූ පුවතක් කලාවැව අසල ගම්මානයකින් අසන්නට ලැබෙයි.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
වෙල් ගහල ගොබෙන් පිළිකන්නේ හොරේ අහුවෙලා