IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


වැරදිලා අතගෑවිලා කොසු පහර කාලා

කරන්දෙණිය එම්. සුසිල් පියන්ත


ජංගම ස්මාර්ට් දුරකතනයේ නොදන්න යූ ටියුබ් නාලිකාවක් අතපත ගාන්න ගොස් බිරියගෙන් කොසු පහර කෑ අයකු පිළිබඳව අපූරු කතාවක් ගාලු‍ දිසාවේ වතුගෙදරින් අසන්නට ලැබේ.
ඔහු ජංගම දුරකතනයේ යූ ටියුබ් නාලිකා පරිශීලනය කිරීම ඉගෙන ගත්තේ මෑතකදීය. ඒ මිතුරකුගෙනි. මිතුරා ඔහුට යූ ටියුබ් නාලිකාවෙන් ක්‍රිකට් මැච්. සතුන්ගේ දර්ශන ඇති වැඩසටහන් නැරඹීමට කියා දුන්නේය. ඒ විතරක්ම නොව අලු‍තින් කෑම බීම සාදා ගන්නා හැටි පෙන්වන දර්ශන නැරඹීම සඳහාත් ඔහු මිතුරාගෙන් ඉගෙන ගත්තේය. ඒ තමාගේ නෝනා සඳහායි.
නිවාඩුවක් ලැබෙන ලැබෙන සෑම වේලාවකම ඔහු ජංගම දුරකතනය අතට ගෙන තනි වන්නේය. එහි යූ ටියුබ් නාලිකා නැරඹීමටය. ඩේටා කාඩ් එකක් ජංගම දුරකතනයට දමා ගන්නා ඔහු එය ඉවරවන තෙක් යූ ටියුබ් නාලිකා බැලීමටය.


එදත් ඔහු පැත්තකට ගොස් යූ ටියුබ් නාලිකාවක් නරඹමින් සිටියේය. එදා කිසිදා නොදැක්ක පින්තූරයක් ජංගම දුරකතන තිරයේ දිස්විය. ඒ යට ඇඳුමින් සිටි කාන්තා රුවකි. ඉංග්‍රීසියෙන් මොනවාදෝ ලියා තිබිණ. දැක්කම දෙපාරක් බැලිය හැකි රූපයක් නිසාම ඔහු ඒ දෙස බල සිටියේය. ඒ රූපය උඩින් ඔහුගේ ඇඟිල්ල මඳක් ඇතිල්ලින. ඒ නොදැනුවත්මය. ඒ සමගම එක එක ජාතිය යට ඇඳුම් ඇඳගත් එක එක ජාතියේ කාන්තාවෝ මතුවූහ. මේ එන එන කාන්තා පින්තූර නතර කර ගැනීමට උත්සහා දරමින් සිටිවිටදී නිවාඩු දිනයක්වූ එදින භාර්යාව ඔහු සොයාගෙන ආවේ ජංගම දුරකතනයෙන් අලු‍ත් කෑමක් සාදා ගැනීමට යූටියුබ් නාලිකාවක් බැලීමටය.
ඇය ඔහුගේ ජංගම දුරකතනයට එබුණේ ඒ සඳහාය. සැමියා කාන්තාවන්ගේ යට ඇඳි පින්තූර නරඹමින්ය. නෝනාට මළ පැන්නාය. ඒ ආසන්නයේ තිබුණේ කොස්සය. කොස්ස අතට ගත්තේ ජංගම දුරකතනයට පහර දෙන්නය. කොසු පහර වැදුණේ ෆෝන් එකට නොව ඔහුටය. රිදුනේ ඔහුටය. මේ සිද්ධිය එළියට ආවේ ගෑනුන්ගේ අඩ නිරුවත් බලමින් සිටි සැමියාට කොසු පහර ලෙසය.

 



අදහස් (0)

වැරදිලා අතගෑවිලා කොසු පහර කාලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 789 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 584 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site