IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


වරදට සමාව එපාකී බිරිඳ නැවුම් පෙම්වතා එකක් අලුත් කැදැල්ලේ

(හේවාහැට එම්. දසනායක)   
වසර විස්සක් පමණ එකට පවුල් කෑ සිය සැමියා හා තරුණ වියේ පසුවන දරුවන් දෙදෙනා අතහැර මුහුණු පොතෙන් හාද වූ නවීන පන්නයේ මනමාලයෙකු සමග සරණ ගිය කාන්තාවක පිළිබඳ පුවතක්  කන්ද උඩරට ප්‍රදේශයේ ගම්මානයකින් වාර්තාවේ. 


මේ කතාවට පාදක වන කාන්තාවගේ සැමියා කලක් විදේශගතව සිට මෙරටට පැමිණ තම දහඩිය මහන්සියෙන් උපයා ගත් මුදලින් ධෛර්යය සම්පන්නව ව්‍යාපාර කටයුතුවල යෙදුණු අයෙකි. 


බිරිඳගේ නමට ඇති ඉඩමේ කුඩාවට තිබූ නිවස වෙනුවට නවීන පන්නයේ නිවසක් ඉදිකොට ව්‍යාපාර කටයුතුවල පහසුව සඳහා යාන වාහනද මිලදීගෙන දියුණු වන්නට දිවා රෑ නොබලා කටයුතු කළ ඔහුටත් නොදැනීම වගේ සිය පවුල් සංස්ථාවට තිබූ බැඳීම ලිහිල් වන්නට පටන් ගෙන ඇත. 


උදෑසනම නිවසින් පිටවී බිම්කරුවල වැටුණු පසු නිවසට පැමිණෙන සැමියාගෙන් නොලැබෙන සෙනෙහස සොයා මුහුණු පොතෙන් හමුවුණු පෙම්වතා සමග ඇය අලු‍ත් ලොවකට පියඹා ගොස් ඇත්තේ සැමියාගේ සියලු වස්තුව තමන් සතු කරගනිමිනි. 


අවසානයේ කෙසේ හෝ මෙම අසම්මත  පෙම් හබය පොලිස් පොතේ ලියවුණු අතර දෙපාර්ශ්වයම පොලීසියට ගෙන්වා විසිරී ගිය මේ පවුල යළිත් ඒකරාශි කරන්නට නිලධාරීහු දැඩි උත්සාහයක නිරත වූහ. 


වරදට සමාවදී සිය බිරිඳ යළිත් නිවසට කැඳවාගෙන යන්නට ආයාචනය කළ සැමියාගේ හා තම කුසින් බිහිකළ දරුවන්ගේ ඉල්ලීම පවා මායිම් නොකළ මෙම කාන්තාව යළිත් සිය අලු‍ත් පෙම්වතා සමග අත්වැල් පටලාගෙන  පොලීසියෙන් පිටව ගියේ පරීක්ෂණ මෙහෙය වූ පොලිස් නිලධාරීන්ගේ පවා ඇසට කඳුළක් එක් කරමිනි.

 



අදහස් (0)

වරදට සමාව එපාකී බිරිඳ නැවුම් පෙම්වතා එකක් අලුත් කැදැල්ලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1968 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1546 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 541 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site