IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


වෙරි මතේ රඟේ වහගන්න බ්රිඳට බෝලයක් බස්සලා

(කෑගල්ල අධිකරණ- චමින්ද වැවතැන්න)
බීලා වැටී සිදු වුණු අත පයේ තැලීම් තුවාල සෙවිලි තහඩු බෑමෙන් සිදුවූවක් යැයි බිරිඳට පවසා වේදනා ආලේපයක් ඇඟේ අතුල්ලා ගෙන ඇතැයි කියන තිදරු පියෙක් පිළිබඳ පුවතක් කෑගල්ල ප්‍රදේශයෙන් වාර්තා වෙයි.


වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය.


අත පයේ වේදනාවක් යැයි පවසා වේදනා ආලේප ගාගෙන ඇතැයි කියන තිදරු පියා කෑගල්ල නගරයේ ආයතනයක දිවා රාත්‍රි ආරක්ෂකයෙකි. බිරිඳ ගෘහණියකි.


මෙම පුද්ගලයාට බිරිඳ එදාමෙන් අදටත් එකසේ ආදරය කරුණාව දක්වන්නීය. මොහු තදින්ම මත්පැන් පානය කරන නිසා කලක සිට බිරිඳ ඊට දැඩි සේ විරුද්ධත්වය දක්වන්නීය. එහෙත් ඔහු සතියකට දෙතුන් වතාවක් හිත මිතුරන් සමඟ මත්පැන් පානය කිරීමට පුරුද්දක් කරගෙන සිටියත් බිරිඳටත් දරුවන් තිදෙනාටත් අබ මල් රේණුවක තරම් අඩුවක් කරන්නේ ද නැත. 


මෙම තිදරු පියා වසර 15ක පමණ කාලයක සිට කෑගල්ල නගරයේ ආයතනයක දිවා රාත්‍රි ආරක්ෂකයකු ලෙස සේවය කරයි. ඇතැම් දිනවලට දිවා කාලයේ රාජකාරි කටයුතු නිම කර සවස් භාගයේ හිත මිතුරන් සමඟ මත්පැන් පානය කිරීම පුරුද්දක් ද කරගෙන තිබුණි. 
ඉකුත් දිනකදී මෙම තිදරු පියා රාජකාරි කටයුතු අවසන් කර හිත මිතුරන් පිරිසක් සමඟ කෑගල්ල නගරයේ රාජකාරි කටයුතු සිදු කරන ආයතනයට යාබද පිහිටි කාමරයකදී මත්පැන් පානය කළේය. මත්පැන් බෝතල් ටික හිස් වෙනකොට තිදරු පියාට සිය නිවසට යතුරුපැදියෙන් යාමට සිහියක් පතක් නොමැති තරමට සප්පායම් වී තිබුණි. සෙසු හිත මිතුරන් පිරිස තම තමන්ගේ නිවෙස් බලා ගියහ. තිදරු පියා මත්පැන් පානය කළ ස්ථානයේ ඇද වැටුණි.


වෙරි හිඳී ඇහැරී බලන අවස්ථාවේදී පසුදා අලුයම තුන පසුවී තිබුණි. ඒ වනවිටත් බිරිඳ කිහිපවරක් දුරකථන ඇමතුම් ද ගෙන තිබුණි.
බොහොම අමාරුවෙන් නැගිටගත් තිදරු පියා යතුරුපැදිය ගෙන නිවස බලා යාමට පිටත් වූවේය. අද නම් ගෙදරින් බේරුමක් නැති බව සිහියට නැගුණි. නිවස බලා ගමන් කරමින් සිටින අවස්ථාවේදී ඊයේ හවස වැඩ ඇරී නිවසට ආවේ නැත්තේ මන්දැයි බිරිඳ නගන ප්‍රශ්නවලට උත්තරයක් දීමට කල්පනා කරමින් ගියේය. 


‘ආ …. ඊයේ රෑ ආයතනයට සෙවිලි තහඩු විශාල ප්‍රමාණයක් ගෙනාවා. ඒක තමන්ට බෑමට සිදුවූ බව පවසන බව සිතා අලුයම 4ට පමණ වනවිට තිදරු පියා නිවසට කෙඳිරි හඬ නගමින්ද ගියේය.


මිදුලේ යතුරුපැදිය නතර කරනවාත් සමඟ බිරිඳ නිවසේ දොර විවෘත කරගෙන එළියට පැමිණියාය. ‘නෝනා ඊයේ රෑ සෙවිලි තහඩු ලොරියක් ආවා මට ඒක ලොරියේ සහයකයත් එක්ක බාන්න සිද්ධ වුණා. තහඩු බාලා මගේ අතපය හොඳටම රිදෙනවා. මේ බලන්න හැම තැනම තැලීම් තුවාලත් තියෙනවා. මොනවා හරි ආලේපයක් තියෙනවා නම් මගේ අතේ පයේ ගාන්න හැම තැනම හොඳටම රිදෙනවා යැයි බිරිඳට පැවැසීය.


පසුව බිරිඳ සිය සැමියාගේ උගුලට අසුවී විගස නිවසේ තිබුණු ආලේපයක් ගෙන බීලා වැටී තැලීම් සිදුව තිබුණු සියලු තැන්වල වේදනා ආලේප ගා සිය සැමියාගේ හිස ද පිරිමැද ඔහුට කරුණාව දැක්වූවාය.
පසුව බිරිඳ කිරි කෝප්පයක් සාදා පානය කිරීමට දුන්නාය.

 



අදහස් (0)

වෙරි මතේ රඟේ වහගන්න බ්රිඳට බෝලයක් බස්සලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 57 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 853 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 612 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site