වියන් බඳින්නට සාරි කීපයක් ගෙනත් දෙන්නැයි කී විට ගවුම් හතරක් බෑගයක දාගෙන පැමිණි තරුණියක පිළිබඳ සිද්ධියක් සින්නවූ වත්තක් ඇති ගම් ප්‍රදේශයකින් වාර්තා වේ.
එම සිද්ධිය මෙසේය.
මනමාල විසේ ඉහට ගැසූ එම තරුණියට කරන කියන දේ නිතර අමතක වීමේ ගතියක් තිබුණු බව කියති. කිසියම් බඩුවක් ගෙන එන්නට කඬේකට ගියත් එය අමතක වී නිවසට පැමිණ නැවත ආපසු ගොස් එය රැගෙන එන්නට සිදුවූ වාර අනන්තය. මේ සියල්ලට එක් හේතුවක් වී ඇත්තේ මෑතක සිට ඇය ‘‘ස්මාට් වර්ගයේ” ජංගම දුරකථනයකට ඇබ්බැහි වීම බව දැනගන්නට ඇත.
මේ අතර එක්තරා නිවසක වැඩිහිටි කාන්තාවක ඉකුත් සතිපොළේ දී මෙම තරුණිය මුණගැසී ‘‘අනේ දුවේ අපේ ගෙදර හෙට රෑට ගිහි පිරිතක් කියනවා වියන් බඳින්න ඔයාගෙ අම්මගේ සාරි තුන හතරක් ගෙනැවිත් දෙන්නයි” කියා තිබිණි.
‘‘හා නැන්දේ මම ගෙනත් දෙන්නම්” කියා ඇය යන්නට ගියාය.
වැඩිහිටි කාන්තාව විසින් කළ ඉල්ලීම ගැන එතරම් තැකීමක් නොකළ ඇය තම මවගේ සාරි කීපයක් වෙනුවට ගවුම් හතරක් බෑගයක දාගෙන පසුවදා පිරිත් ගෙදරට පැමිණියාය.
ඉන්පසු එම නිවසේ වැඩට පැමිණි තරුණයන් සමග උකුළු මුකුළු කරමින් සිටි බව කියති. මේ අතර එම නිවසේ කාන්තාව සහ තවත් කාන්තාවෝ දෙතුන් දෙනෙක් තරුණිය ගෙනා බෑගය කාමරයක තිබෙනු දැක වියන් බැඳීමට ගෙනා සාරි කීපය පරීක්ෂා කර බලන්නට වූහ.
එවිට කාන්තාවෝ පුදුමයට පත් වූහ.
තරුණයන් සමග කතාබස් කරමින් සිටි තරුණියට කතා කර ‘‘ඈ...දුවේ මොනවද මේ වියන් බඳින්න ගෙනත් තියෙන්නේ?” කියා ප්‍රශ්න කළේය.
‘‘ඇයි නැන්දේ මම අපේ අම්මගේ සාරි හතරක්ම ගෙනත් තියෙනවානේ” යැයි
එවිට කීවාය.
‘‘ආ... එහෙමද දැන් කාලේ වියන් බඳින්න ගවුම්වලින් කියලා අපි දන්නේ නෑ නේ! ” යැයි ඔවුන් කියද්දී බෑගය දුටු තරුණිය ‘‘අයියෝ නැන්දේ සොරි” කියා එතන සිටි කාන්තාවන්ගේ උසුළු විසුළු මැද ලැජ්ජාවට පත් වූ බව කියති.
ඉන් පසු ගවුම් ටික බෑගයට දමා මුහුණ රතු කර ගත් ඇය ‘‘ඉන්න මම ගෙදර ගිහින් ටක් ගාලා එන්නම්” කියා ගවුම් හතරද රැගෙන පිටව ගියාය.
පැය කීපයක් ගතව ගියත් ඇය නොපැමිණි බැවින් ගෙහිමියා වෙළඳ සලකට ගොස් සාරි වෙනුවට වියන් බැඳීම සඳහා සුදු ඉටිරෙදි ටිකක් රැගෙන ආ බව කියති.
හිඟුරාණේ නවරත්න සමරතුංග
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd