(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
තිදරු මවක වූ වැන්දඹු කාන්තාවකගේ පහස සොයා ආ බව කියන 26 හැවිරිදි විවාහක තරුණයකු එම කාන්තාව විසින් අල්ලා අම්පාර-උහන පොලිසියේ නිලධාරින් කණ්ඩායමකට බාරදීමේ සිද්ධියක් වාර්තාවේ.
කාන්තාව විසින් අල්ලා බාරදුන් එම තරුණයා සැකපිට අත්අඩංගුවට ගත් බව උහන පොලිසියේ නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවැසීය.
මෙසේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ අම්පාර ප්‍රදේශයේ පදිංචි එක්තරා සංස්ථාවක සේවය කරන අයෙකි.
සැමියා මියගොස් සිටින 41 හැවිරිදි තිදරු මවකවූ මෙම කාන්තාව උහන පොලිස් වසමේ පදිංචිකාරියකි.
අත්අඩංගුවට ගත් සැකකරු මීට වසර 3 කට පමණ ඉහත විවාහවී ඇති අයෙක් බවත් ඔහුගේ (සැකකරුගේ) බිරිඳ විශ්ව විද්‍යාල සිසුවියක බවත් එම පොලිස් නිලධාරියා කීය.
පැමිණිලිකාර වැන්දඹු කාන්තාවට කිසියම් අයකු නිතර දුර කථනයෙන් කතා කර අයුතු යෝජනා කිරීමට පටන්ගෙන ඇති බව පොලිසිය කියයි.
එම පුද්ගලයා කරන යෝජනාවලට අකමැති බව වැන්දඹු කාන්තාව කොතරම් කීවත් ඒවා ගණන් නොගෙන එම පුද්ගලයා ඇයට අයුතු යෝජනා කිරීම නතරකර නොමැති බවද පොලිසිය පවසයි.
මොහුගෙන් බේරීමට කදිම උපායක් කල්පනාකළ වැන්දඹු කාන්තාව එම යෝජනාවට කැමැත්ත පළකර ඔහුට නිවසට පැමිණෙන ලෙස පවසා ඇති බව කියති.
තමා කළ යෝජනාවට කැමැත්ත පළ කිරීම නිසා සතුටින් ඉපිලගිය බව කියා තරුණයා (සැකකරු) ජැන්ඩියට හැඳ පැළඳගෙන සුවඳ විලවුන් තවරාගෙන යතුරු පැදියකින් අම්පාරේ සිට උහන පොලිස් වසමේ පිහිටි කාන්තාවගේ නිවස සොයාගෙන යතුරු පැදියකින් පෙරේදා පැමිණ ඇත.
මේ අවස්ථාවේ කාන්තාව තරුණයාට පලායාමට නොහැකි ලෙස අල්ලාගෙන මේ බව අසල්වාසීන්ටද දැනුම්දීමෙන් පසු ඔවුන්ද ඇයගේ සහායට පැමිණ තිබෙන බව කියති.
උහන පොලිසියට මේ බව දැනුම්දීමෙන් පසු පොලිස් කණ්ඩායමක් එහි ගොස් සැකකරු අත්අඩංගුවට ගෙන ඔහු පැමිණි යතුරු පැදියද පොලිස් බාරයට ගනු ලැබීය.
උහන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එල්.ඩී.එන්. කරුණාරත්න මහතාගේ උපදෙස් මත පොලිස් පරීක්ෂක ජයසේන ගුණවර්ධන සහ පොලිස් සැරයන් මංගල (20067) යන මහත්වරුන් සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.
2025 ඔක්තෝබර් මස 08
1975
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1547
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
541
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
වැන්දඹු මවගේ පහස සොයා ගිහින් පොලිස් කූඩුවේ