IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


‘වැදගත්’ මහත්තයා ෆෝන් එකට විදලා

ඔහු අගනුවරට ආසන්න නගරයක ත්‍රිරෝද රථ රියැදුරකු ලෙස කටයුතු කරයි. දින කිහිපයකට පෙර ඔහු තම ත්‍රිරෝද රිය කුලී ගමනක් සඳහා යෑමේ සූදානමින් සිය නැවතුම් පොළ වෙත ධාවනය කරමින් සිටියේය.
මෙම රියැදුරා එසේ ඉදිරියට යනවිට ප්‍රධාන මංසන්ධියක් අසල පාරේ අයිනක හොඳින් හැඳ පැලඳ සිටි වැදගත් මහත්මයකු සිටිනු දුටුවේය.
 ඔහු ත්‍රිරෝද රථයට අත දමා නැවැත්වීය. වැදගත් පෙනුමකින් සිටි නිසා රියැදුරා තම ත්‍රිරෝද රථය  ඔහු අසල නැවැත් වූ අතර එවිට හේ ත්‍රිරෝද රියැදුරුට පැවසුවේ තම දියණිය පන්තියකට ගොස් සිටින නිසා ඇය රැගෙන ඒමට යා යුතු බවය.
රියැදුරා මේ වැදගත් මහතා කිසිදු පැකිලීමකින් තොරව ඒ කුලී ගමන කැටුව යාමට තම ත්‍රිරෝද රියට නංවා ගත්තේය. කිලෝමීටර් එකකට ආසන්න දුරක් ත්‍රිරෝද රථය ගමන් කරමින් සිටිය දී මේ වැදගත් මහතා රියැදුරා අමතා   මෙසේ කීය.
‘‘ඔන්න ඔය ටිකක් සෙනඟ ඉන්න තැනින් නවත්වන්න.”‍


රියැදුරා රථය නැවැත්වීය. වැදගත් මහතා ටිකක් කල්පනා කර”‍ මට ඔය ෆෝන් එක පොඩ්ඩක් දෙන්න. දුවට කෝල් එකක් ගන්න ඕන.”‍
රියැදුරා තම ජංගම දුරකතනය ‘‘වැදගත් මහතා”‍ අතට දුන්නේය. ඒ අතරතුර ත්‍රිරෝද රියැදුරා  තම රථයේ තිබූ ජල බෝතලය ගෙන පානය කිරීමට ඒ දෙසට නැඹුරුවිය. ඔහු ජලය පානය කර ආපසු හැරී බලද්දී  ‘‘වැදගත් මහතා”‍ පෙනෙන්නට නොවීය. රියැදුරා වටපිට හැම තැනම සෙව්වත් ‘‘වැදගත් මහතා”‍ සෙනඟ අතරින් තම ජංගම දුරකතනයත් රැගෙන හොරෙන් ම මාරුවී ගොස් ඇති බව අවබෝධ කර ගත්තේය.

අනුරාධපුර -  චන්ද්‍රදා මලවලරආරච්චි



අදහස් (0)

‘වැදගත්’ මහත්තයා ෆෝන් එකට විදලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 808 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site