IMG-LOGO

වතුර ටැංකියක් ගන්න ඇවිත් සල්ලි ලාච්චුවත් ශුද්ධ කරලා

බිංගිරිය ප‍්‍රදේශයේ ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවි කරන වෙළෙඳසලක් ඉදිරිපිට යතුරුපැදියකින්  සම්පූර්ණයෙන් මුහුණ වැසෙන පරිදි ආරක්‍ෂිත හිස්වැසුමක් පැළඳි පුද්ගලයකු ටික වේලාවක් තිස්සේ නැවතී සිටිනු දුටු වෙළෙඳසල හිමිකාරිය ”මහත්තයා මොනව හරි ගන්නද ඉන්නේ.”යනුවෙන් විමසීමක් කළාය.

‘ ...ආ... ඔව් නෝනා... මේ ලොකුම සයිස් එකේ වතුර ටැංකියක් බලන්නයි ආවේ...’ ඔහු ප්ලාස්ටික් වතුර ටැංකි පෙන්වා පැවසීය.

‘එහෙනම් ඇවිත් බලන්න’

‘නෑ නෝනා දැන් මේක පටවාගෙන යන්න ලොරියකට කතා කරලයි තියෙන්නේ. ලොරිය වෙන කඬේකට යයි කියලයි බලා ඉන්නෙ. ලොරිය ආවාම ගනුදෙනු බලමු.

හොඳයි එහෙනම් කතා කරන්නකො’ පවසමින් කඩහිමි කාන්තාව පිටුපස ගේ දෙසට ගියාය. පැය කාලක් පමණ ගත වුවත් ලොරියක් පැමිණි හෝඩුවාවක් නොවීය.

ඇය අවශ්‍යතාවකට පිටුපසට ගියාය. යළි කඩයට ආවාය. මුදල් ලාච්චුව බිම දමා තිබිණි. එහි ඉතිරිව තිබුණේ මාරු කාසි කීපයක් පමණි.
හෙල්මට් කාරයා ද අතුරුදන්වී සිටියේය.



අදහස් (0)

වතුර ටැංකියක් ගන්න ඇවිත් සල්ලි ලාච්චුවත් ශුද්ධ කරලා

දයා අලහාකෝන් Wednesday, 19 March 2014 02:26 PM

අලුත්ම තාලයේ හොරකමක්.(නදී)

:       0       0

සුරී Thursday, 20 March 2014 02:20 AM

ගම් පළාත් වල ඉන්නේ අහිංසක අය. ඒ නිසා මේවට අහුවෙනවා.(නදී)

:       0       0

දොන් රොෂාන් ද සොයිසා Thursday, 20 March 2014 03:24 AM

මේ වගේ මෝඩ ගැහැනු හොඳ වෙලාවට මම තනිකඩ.(නදී)

:       0       0

කුමාරි Wednesday, 19 March 2014 05:19 PM

එක නම් තමන්ගේ නොසැලකිල්ල. අද කාලේ හෙල්මට් කාරයෝ ලගින් ගියත් බයානකයි. (දී)

:       0       0

රාජු Wednesday, 19 March 2014 06:30 PM

පුදුමයි මෙච්චර කල්වත් ඔහොම කඩේ කළා (දී)

:       0       0

චන්දි Wednesday, 19 March 2014 07:12 PM

ඇයට ටිකක් සෙවිල්ලෙන් ඉන්නනෙ තිබුනේ.., ඉල්ලන් කාලද මන්දා ....?(දී)

:       0       0

ශාන්ති Thursday, 20 March 2014 11:50 AM

එම කාන්තාවට තිබුනේ මෙයිට වැඩිය කල්පනාවෙන් ඉන්ඩ නේද ? (නදී)

:       0       0

හංසිකා Thursday, 20 March 2014 12:16 PM

ඉල්ලන් කන්න දක්ෂ අය ඉල්ලන් කනවා ගොඩ ලොකුකරගන්න ගිහින් කියල හිතෙනවා.(නදී)

:       0       0

චන්දි Sunday, 23 March 2014 10:16 PM

සමහර විට ඕක වෙන්න ඇත්තේ අපේ මාමණ්ඩියගේ ගම පළාතේ. ඒ දවස් වල නහයෙන් අඩ අඩා හිටියා එල්සිනාගේ කඩේ කැඩුවා කිය කියා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 469 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 317 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 486 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site