එදා ඉරිදාවකි. පාරිභෙෘ්ගිකයෙක් රූපවාහිනී ඇන්ටනා ජැක් එකක් මිලදී ගැනීමට නගරයට පැමිණියත්, වෙළෙඳසල් බොහෝමයක් වසා තිබෙනු දක්නට ලැබුණි.
එක් වෙළෙඳ සලක් විවෘතව තිබෙනු දැක, වෙළඳසලේ හිමිකරුගෙන් ඇන්ටනා ජැක් තියෙනවාදැයි ඇසීය. ඔව් තියනවා ප්ලාස්ටික් එක හැටයි. නිකල් එක සීයයි හිමිකරු පැවසීය.
නිකල් එක අඩු නැද්දැයි ඇසූවිට ඕවා අපිට දාන්නේ අනූවට රුපියල් දහයක ලාබයක් වත් තියෙන්න ඕනේ. හිමිකරු පැහැදිලි කළේය. රුපියල් සීයක් ගෙවා එය මිලදී ගත් ඔහු පිටවිය. නගරයට පැමිණි ඔහු වෙළෙඳසල් සියල්ලම විවෘතව තිබෙනු දැක විදුලි උපාංග වෙළඳ සැලකින් විදුලි බල්බයක් මිලදී ගත්විය ඇන්ටනා ජැක් එහිද තිබෙනු දැක ‘‘නිකල් ඇන්ටනා ජැක් කීයදැයි’’ ඇසීය ‘‘රුපියල් හතළිහයි’’ පැවසිනි.
එකක් මිලදී ගත් හෙතෙම ගියේ පෙරදින ජැක් එක මිලදී ගත් වෙළඳ සලටය. එහි හිමිකරු වෙළඳසලේ සිටිනු දැකගත හැකිවිය. බලනවා ඊයේ මම මේ ජැක් එක මෙතනින් ගත්තේ රුපියල් සියයකට. ඒකම එහා කඬේ රුපියල් හතළිහයි. යනුවෙන් කොපයෙන් පැවැසීය. බියවූ වෙළඳසැල් හිමිකරු ‘‘මේකේ ගෝලයා ඔය වගේ මෝඩ වැඩ තමයි කරන්නේ. ඕක රුපියල් හතළිහයි. මෙන්න මහත්තයාගේ ඉතිරි රුපියල් හැට.
ගෝලයා ආපු දෙන්කෝ හොඳ වැඩක් කරන්න. යැයි පැවසීය. පාරිභෙෘ්ගිකයා ආපසු එන ගමන් හිතවතෙකුට මෙසේ පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මටත් මේ වගේම දෙයක් වුනා ගෑස් සිලින්ඩර් එකකට. මගේ ගෙදර දානයක් තිබිල හදිස්සියේ ගෑස් එකක් ගන්න ඕන වුනා. ඊට පස්සේ දන්නා තැනකින් රෑ 10 ට විතර ගිහින් එකක් ගෙනාව 5600ක් දීල. ඊට පස්සේ පහුවෙනිදා තවත් එකක් ඕන වෙලා වෙන තැනකින් ගත්ත. එතන 5100. ඊට පස්සේ මල්ලි එතනින් බිලක් අරන් ගිහින් කලින් ගත්ත තැනට පෙන්නුවා. උන් හොදටම බයවෙලා අපිට සල්ලි අපහු දුන්න ගෑස් එක අරගෙන. (බ)
ඕකට මුදලාලිට බැනල වැඩක් වෙන්නේ නැහැ. සමහර රටවල් වල තිබෙනවා වහේ, අවශ්‍යනම් මිලදීගත් දිනය ඇතුලත, භාණ්ඩය ගැන තම සැහීමකට පත්නොවන්නේනම් මිලදී ගත භාණ්ඩය බිල්පත සමග එලෙසින්ම ආපසු ගෙනවිත්දී භාරදී මුදල් ලබාගත හැකිවන ලෙස පාරිභෝගික නීති සකස් කළානම් හැමෝම නිසි මිලට බඩු විකුණනවා. (බ)
අද ඉතුරු වෙලා තියෙන්නෙ වංචාව රැවටීම බොරුව පිරුණු සමාජයක් (ම)
ආපසු දුන්න එකත් ලොකු දෙයක් (නි)
ලලිත්ගේ අදහස හරි. යුරෝපයේ රටවල මේ නීතිය ක්‍රියාත්මක වෙනවා. බලධාරීන් මේ ගැන සැළකිලිමත් වියයුතුය (නි)
එකම කඩේකින් බඩු ගන්න එපා. ටිකක් බලන්න . ඕනේම කඩේක ඔය වගේ දේවල් තියෙනවා .මිල බලන්න. (ර)
ගෝලයාගේ පිටින් වංචාව දාල කඩේ මුදලාලි ඇපේ බේරාගෙන ශේප් වුණා කියලයි මම හිතන්නේ ...(බ)