IMG-LOGO

වැඩට එනවා කී මේසන් බාස් දවස් 2 ක් කිතුල් ගසක් යට

(වියලුව වාර්තාකරු)
සුභ නැකතට අනුව නිවසේ අත්තිවාරම් දැමීමට එන බව පවසා දින දෙකක වැටුපත් රැගෙන පිටව ගිය පෙදරේරුවකු කිතුල් ගසක් මුල වැතිර සිටියදී හමු වූ බව කියවෙන පුවතක් ලංකාදීපයට වාර්තාවේ. 


සිද්ධිය මෙසේය.


පෙදරේරු වෘත්තියේ යෙදෙන්නෙකි. මත්පැන් පානයට ද රුසියෙකි. උදේ සිට සවස් වනතුරු ගත වෙහෙසා වැඩ කරන හෙතෙම දිනයේ වැටුපෙන් වැඩි කොටසක් වැය කළේ මත්පැන්වලටය. 


පසුගිය දිනෙක අලුතින් ඉදිවන නිවසක අත්තිවාරම් දැමීමට ඔහුට ආරාධනයක් ලැබිණි. වැඬේ බාරගත් හෙතෙම දින දෙකක වැටුප ද ඉල්ලාගෙන පිටව ගියේ පසු දින උදෑසනින්ම තමුන් පැමිණෙන බවත් අවශ්‍ය අත්උදව්කරුවන් හා උපකරණ සූදානම් කරන ලෙසත් ඉල්ලීමක් කරමිනි.


පසු දින පහන් වී හෝරා දෙක තුනක් ගත වුවත් ඔහු එන බවක් දැක ගන්නට නොලැබිණි. නැකත් වේලාවද ආසන්න වෙමින් තිබිණි. දුරකතනය ද ක්‍රියාවිරහිතව තිබිණි. පුද්ගලයා ගැන දන්නා හෙතෙම ඔහුගේ නිවසට ද ගොස් විපරම් කළේය. කලින් දින පිටව ගිය ඔහු තවමත් ගෙදර නො ආ බව ඔහුගේ  බිරිය ද කීවාය. 


ඔහු ගැන සොයා බලද්දී යම් හෝඩුවාවක් ලැබිණි. හෝඩුවාව ඇත්තකි. පදම වැඩි වූ ඔහු ඒ වන විටත් ගමේ කිතුලක් පාමුල ගල්තාලවක මර නින්දේ පසුවනු දැක ගන්නට ලැබිණි.



අදහස් (2)

වැඩට එනවා කී මේසන් බාස් දවස් 2 ක් කිතුල් ගසක් යට

gamage Tuesday, 07 March 2017 09:49 AM

දැන් මේකට හිනා වෙන්න ඕනිද

:       0       2

GONA Wednesday, 15 March 2017 01:24 AM

මෙයාලට කන්න ඕන වුණාම විතරයි වැඩට එන්නේ. ඒවුණාට කියන්නේ කරන්නේ ආණ්ඩුවට බණින එක.

:       6       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 383 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 544 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 227 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site