IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


වැඩි තණ්හාවට සිල් රෙද්දත් අහිමිවෙලා


කරන්දෙණිය එම්.සුසිල් පියන්ත



අධික තෘෂ්ණාව නිසා නොමිලයේ දෙන සිල් රෙදි කට්ටලය අහිමි කරගත් කතාවක් ගාලු‍ දිසාවේ ගමකින් අසන්නට ලැබේ.
යමක් කමක් ඇති කතකි. දූ දරුවන් රටය.සැමියාද පැන්ෂන් කාරයෙකි. ඇයගේ මුදල් සැපවිදී. ඒ බැංකුවේය. ඇය දුක් විදින්නීය. කොතරම් මුදල් තිබුණත් උදේට උයා පිහාගත් දේම තුන් වේලටම කන්නේ මුදල් එකතු කර ගන්නටය. ඒත් නොවරදවාම හතර පෝයට සිල් ගැනීමට අමතක නොකරයි.
ගමේ පොදු වැඩකට මොනම ආකාරයෙන්වත් මුදලක් හදලක් ඇය නොදෙන්නේ තියෙන තෘෂ්ණාව නිසාමය. ගමේ පොදු කටයුත්තකට ආධාර මුදලක් එකතු කිරීමට එන අයට ඇය සිය නිවසේ දොර වසන්නීය.


මේ ඊයේ පෙරේදා ගමේ පන්සලේ පොඩි හාමුදුරුවන් වහන්සේලා දෙනම විහාරස්ථ දහම් පාසලේ සිසු, සිසුවියන් කිහිපදෙනෙකු සමග ගෙන් ගෙට ගියහ. ඔවුන් අත පොතක් ද තිබිනි. ඔවුහු ගෙන් ගෙට ගොස් රැගෙන ගිය පොතේ සටහන් කර ගත්හ. ඒ අනුව ඔවුහු මේ නිවසටත් යමින් සිටියහ. මෙය දුටු ගෙහිමි කත වෙනදා මෙන් කාණ්ඩයක් පොතක් රැගෙන ගෙන් ගෙට එන කොට මෙන් එදා ද නිවසේ දොර වසා දැමුවාය.
 ළඟ ළඟ එන වෙසක් පොහොයට ගමේ පන්සලෙන් කරන්න යන පිංකමකට ආධාර එකතු කරන්න එන්න ඇතැයි සිතූ ඇය මෙසේ දොර වසා ගත්තාය. මෙය හොදින්ම එදා ගිය පිරිස දැක්කාහ. ඒත් පොඩි හාමුදුරුවන්ලා දෙනම ඇතුළු උන්වහන්සේලා සමග ගිය පොඩ්ඩෝ මේ නිවසේ දොරට තඩි බෑහ. ඒ ඇයගේ නම කියමිනි. ඒත් ඇය නොකර සද්ද සිටියාය. කණ්ඩායම එම නිවසින් පිටත්වූහ.
එදින පස්වරුවේදී ගමේ ළිඳ ළඟ සංගමයේ ප්‍රධාන මාතෘකාව වී තිබුණේ වෙසක් පොහොයට සිල් ගැනීමට ගමේ පන්සලෙන් නොමිලයේ ලබාදෙන සිල් රෙදි කට්ටලය ගැනය. උදේ පොඩි හාමුදුරුවන් වහන්සේලා ගෙන් ගෙට ඇවිත් ලබාගත් තොරතුරු මත සිල් රෙදි කට්ටලය ලැබෙන බවද ළිඳ ළඟ සංගමයේදී කතා බහට ලක්වූයේ ඇයත් එහි ඉන්නා විටදීය.
උදේ පොඩි හාමුදුරුවන් වහන්සේලා දෙනම ඇතුළු පොඩි අය එන්න ඇත්තේ මේ කාර්යට බව දැනගත් ඇයට තරු පෙණිනි. තමන් සිල් ගන්නා සුදු සිල් රෙදි කට්ටලයේ සුදු පැහැය ආක්‍රමණය කරමින් තිබූ කහ පැහැය ගැන සිහිපත්වූ විටදි තමන් දොර වසා සැඟවී සිටීමේ විපාකය තේරුම් ගියාය.
මේ වෙනුවෙන් කළ හැකි එකම දේ කරන්නට ඇයගේ හිත කීවාය ඒ අනුව ඇය ගමේ පන්සලේ ලොකු හාමුදුරුවන් හමුවීමට ඒ වේලාවේදීම ගියාය. තමා ආ කාරණය ඇය ලොකු හාමුදුරුවන්ට කීවාය. සමාවෙන්න උපාසකම්මා දොර වැසුවාම ලාභයක් මෙන්ම පාඩුවන අවස්ථාද තිබෙන්න ඉඩ තිබෙනවා යයි කීවේ එදා ලයිස්තුවේ අයට පමණක් සිල් රෙදි ලබාදෙන බව ලොකු හාමුදුරුවන් කීවේ ඇඟට පතට නොදැනීමය.



අදහස් (1)

වැඩි තණ්හාවට සිල් රෙද්දත් අහිමිවෙලා

ගුණරත්න Wednesday, 14 May 2025 02:31 PM

හාමුදුරුවෝ උපාසකම්මාට කියපු දේ පත්තරෙත් ගිහින්...!

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 406 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16749 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 647 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site