හක්මණ විශේෂ - දෙනගම යසන්ත ආරියසේන
අධික ලාබයක් ලබා ගැනීමේ අරමුණින් වත්ත පහළ දර මඩුවේ ලූනු තොගයක් සැඟ වූ ව්‍යාපාරිකයෙකුට අයහපත් කාලගුණය විසින් ලබාදුන් අපූරු දඬුවමක් පිළිබඳ කතාවක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තා වේ.
කුමන හෝ ක්‍රමයක් මගින් මුදල් ඉපයීම සිදුකළ පුද්ගලයෙකු තොග හා සිල්ලර වෙළෙඳාම සහ ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවි කිරීමේ ව්‍යාපාරයක් පටන් ගත් අතර කිසිදු දෙයක් අඩු මිලට එහි අලෙවි නොකළ අතර සෑම අවස්ථාවකම අසීමිත ලාභයක් උපයා ගැනීම ඔහුගේ දැඩි අපේක්ෂාව විය.
තරුණ වියේ පසු වූ මුදලාලිගේ බිරිය රූමත් තැනැත්තියක වූ අතර ඇය ද මුදලාලිට දෙවැනි නොවන ලෙස වෙළෙඳාම්වල නිරත වූවාය. පාරිභෝගික අධිකාරියේ හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පැමිණෙන බවට ආරංචියක් ලැබුණ හොත් එවැනි දිනවල දී වෙළෙඳ සල වසා තැබීමට ව්‍යාපාරික යුවළ අමතක නොකළහ.
සියලුම අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ඉතා ඉහළ මිලකට අලෙවි කිරීම පිළිබඳව එම පළාතේ නමක් දිනා සිටි වෙළෙද සලක් වන මෙය පසළොස්වක පොහොය දිනට අනිවාර්යයෙන්ම විවෘත කර තැබීමට මුදලාලි වගබලා ගත්තේය.
ලූනු මිල ඉහළ යන බවට ලද ආරංචියත් සමග තොග ගබඩාවේ තිබූ ලූනු මිටි හැටක් පමණ රාත්‍රි කාලයේම රැගෙන ගොස් වත්ත පහළ ඇති දරමඩුවේ සඟවා තැබීමට ව්‍යාපාරික යුවළ යුහුසුළු වූහ.
රුපියල් එකසිය පනහකට අඩු මුදලට රැගෙනවිත් සඟවා තැබූ ලූනු තොගයෙන් මිටි දෙකක් පමණක් රැගෙන විත් කිලෝ ග්‍රෑම් එකක් රුපියල් හාරසිය පනහක මිලට සිමා සහිත ලෙස අලෙවි කිරීමට මුදලාලි ක්‍රියා කළේය. ඉකුත් දොළොස් වැනි දින සවස ප්‍රදේශයට අධික වර්ෂාපතනයක් ලැබුණු අතර මුදලාලිගේ වත්ත පහළින් ගලා යන දොළ පාර එදින ප්‍රචණ්ඩ වූයේය.
පැය කිහිපයක් එක දිගට වැස්ස පැවතුන අතර විශාල ගංවතුර තත්ත්වයක් හටගත් අතර ලූනු තොගය සඟවා තිබූ දර මඩුව ද තිබූ තැනක් සොයා ගැනීමට නොහැකි ලෙසම වතුරට ගසාගෙන ගියේය. දරු මඩුව ගංවතුරේ ගසාගෙන ගොස් ඇති බව සැලවෙන විට මුදලාලිට දෙවියන් සිහිවිය. නිවසේ පිටුපස දොරෙන් එළියට ගිය මුදලාලිට දරමඩුව තිබූ තැනක්වත් සොයාගත නොහැකි විය. ගංවතුරේ ගසාගෙන ගිය ලූනු ගෝනි පසුදින පහළ කුඹුරු යායේ තිබෙනු දක්නට ලැබුණු අතර ගොවිහු ඒවා සිය නිවෙස්වලට රැගෙන ගිය බව ද පැවසේ. දින දෙකක් පමණ වෙළෙඳ සල වසා දමා තිබූ අතර මුදලාලි ලූනු මිල කීය ද කියා විමසන අවස්ථාවල දී සුද්ද සිංහලෙන් පිළිතුරු සැපයෙන බව ද වාර්තා වේ.
2025 ඔක්තෝබර් මස 08
1831
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1480
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
526
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ්‍රී ලංකා ඉන්ෂුවරන
වැඩි තණ්හාවට ගිහින් අතින් කයිට් වෙලා