IMG-LOGO

2025 ඔක්තෝබර් මස 29 වන බදාදා


වචනයකට බයවෙලා අතට ආ සල්ලිත් අත ඇරලා

(වියලුව වාර්තාකරු)
රෝහලක දී මියගිය අයකුගේ මළ සිරුරක් නිවෙස වෙත ගෙන ගොස් බාරදීමට පොරොන්දු වූ මල් ශාලාවක පිරිසක් එම මෘත දේහය පී.සී.ආර්. පරීක්ෂණයකට ලක්කළ බව දැනගෙන මෘත දේහයේ හිමිකරුවන්ට ද නොදන්වා මහ රෑම හිමින් සීරුවේ එම ස්ථානයෙන් මාරු වූ බව කියැවෙන පුවතකි.


සිද්ධිය මෙසේය.


මියගොස් සිටියේ නිදන්ගත රෝග කීපයකින්ම පෙළුණු ගම්බද ප්‍රදේශයක සිට නගරයේ රෝහලකට ඇතුළත්ව ප්‍රතිකාර ලැබූ වියපත් පුද්ගලයෙකි.


 පවත්නා කොරෝනා නීතිරීතිවලට අනුව ඔහුගේ මෘත දේහය නිදහස් කිරීමට පෙර කොරෝනා රෝගය හඳුනා ගැනීම සඳහා සිදුකරනු ලබන පී.සී.ආර්. පරීක්ෂණයක් සිදුකළ යුතු බවට වෛද්‍යවරුන් නිර්දේශ කර තිබිණි.


 අදාළ පරීක්ෂණ සිදුකරන තෙක් මියගිය පුද්ගලයාගේ ඥාතීහු මළ සිරුර ගමට රැගෙන යෑම සඳහා රෝහලට යාබදව තිබූ ශාලාවකට ගොඩවී එම කටයුත්ත ඔවුන්ට භාර කරන ලද්දේ ඒ සඳහා වැය වන ගණන් මිනුම් පිළිබඳව ද සාකච්ඡා කරමිනි.


 මෘත දේහය නිවෙසට රැගෙන ගොස් එහි සියලු කටයුතු සිදු කර දීමට බාරගත් මල්ශාලාවේ පිරිසක් ද මෘත ශරීරාගාරය අසලටම වාහනය ගෙනැවිත් රැඳී සිටියේ මෘත දේහය තමුන්ට ලැබෙන තෙක්ය.


 එහෙත් මෘත දේහය ලැබීම තරමක් ප්‍රමාද වීම නිසා ඊට හේතුව සොයා බැලීමට මල්ශාලාවේ පුද්ගලයකු මෘත ශරීරාගාරය වෙත යද්දී ඔහුට දැන ගන්නට ලැබුණේ අදාළ මළ සිරුර පී.සී.ආර්. පරීක්ෂණයකට ලක් කරන තෙක් නිදහස් කිරීමට හැකියාවක් නොමැති බවය.


‘‘කොරෝනා’’ යන වචනය ඇසීමෙන් පවා බියට පත්වන සිය සගයා ද රැගෙන තමන් පැමිණි වාහනයෙන් වහාම එම ස්ථානයෙන් මාරු වූයේ කටයුත්ත බාර කළ පුද්ගලයාට ද නොදන්වමිනි. 


කෙසේ වෙතත් මල් ශාලාවේ පිරිස අතුරුදන්ව ඇති බව දැනගත් පිරිස යළිත් මල්ශාලාවට ගොස් මළ සිරුර රැගෙන යාමට පැමිණෙන ලෙස ඉල්ලීම් කළ ද ඊට දැඩිව අකමැත්ත පළ කළ මල් ශාලාවේ පිරිස වෙනත් ස්ථානයකින් එම කාර්යය ඉටු කර ගන්නැයි ඥාතීන්ට පවසා සිටියේ ඔවුන් දැඩි අපහසුතාවකට පත් කරමිනි.


  ඊට තරමක් යාබදව පිහිටි මල් ශාලාවකට ගිය පිරිසට පෙර කී  මුදලටත් වඩා අඩුවෙන් එහි හිමිකරු එම කටයුත්ත ඉටුකර දුන්නේ ඔවුන් පත්ව සිටි අසරණකම ද සැලකිල්ලට ගනිමිනි.

 



අදහස් (0)

වචනයකට බයවෙලා අතට ආ සල්ලිත් අත ඇරලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1592 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1382 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 491 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site