IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


වචන මාරුවී සාම්බාරුවෙන් අමුතු සුවඳක්

උදාවෙන නව වසර වෙනුවෙන් බලපිටියේ ගමක තරුණ පිරිසක් දානයක් දීමට සාම්බාරු හොද්ද හදන්න ගොස් අලි අමාරුවක වැටුණු පුවතක් අසන්නට ලැබිණ.


ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් ඔවුන් මේ දානය දෙන්නේ නව වසර එළඹීම නිමිත්තෙනි. දානය මුළුමනින්ම නිර්මාංශිකය. එළවළු වෑන්ජන සහිතව දානය දෙනු ලැබේ. තක්කාලි සම්බල සහ සාම්බාරු හොද්ද අනිවාර්යය. සාම්බාරු හොද්දට මේ අතරින් හිමිවනුයේ ප්‍රධාන තැනය.


එදාත් ඔවුහු සාම්බාරු හොද්ද හදමින් සිටියහ. හාරපන්සීයකටම අවශ්‍ය නිසා ඉතා විශාල වළඳක් මේ සඳහා යොදා ගත්හ. ඒ විතරක්ම නොව ඊට අවශ්‍ය දෑ එකතුකර හොද්ද තැම්බීමට ලිපේ තබා තිබුණි. ඒ සඳහා අවශ්‍ය සාම්බාරු ගෙන ඒමට පංගාර්තු කළේ වෙනත් දෙයක් ගෙන ඒමට ගිය අයෙකුට දුරකතන ඇමතුමක් ලබාදෙමිනි.


ඔහු තමන්ට ගෙන ඒමට පැවසූ දේ සංවිධායක තරුණයකුට දුන්නේ එය මොකටදැයි නොඅසාය. තමන්ට එම දේ ගෙන එන්නට යයි කියන්න ඇත්තේ පූජාවක් සඳහා විය යුතුයැයි සිතූ ඔහු හනිකට නිවසට ගියේ ඇඟපත සෝදා ඇඳුමක් ඇගලාගෙන ඒමටය.


  කිසිදු වගවිභාගයකින් තොරව ගොට්ටකට ඔහු රැගෙන ආ සාම්බාරු පැහි පැහී එන හොද්දට දැමූවේ සංවිධායක තරුණයෙකි. ඒ සමගම හොද්දෙන් ආවේ සාම්බ්‍රානි සුවඳය. තරුණයින්ට මේ ගැන සැක සිතිණ. ඒ සමගම කුඩු ගේන්න යයි කී තරුණයාට දුරකතන ඇමතුමක් ලබාදුන්නේ ඇත්තටම ඔහු ගෙන ආවේ සාම්බාරු කුඩු ද යන්න දැන ගැනීමටය.


ඇත්තටම දුරකතනයෙන් ඔහුට ඇසී ඇත්තේ තමාට ගේන්න යයි කීවේ සාම්බ්‍රානි කුඩුය යනුවෙනි. ඒ අනුව ඔහු ගෙනැවිත් ඇත්තේ සාම්බ්‍රානි කුඩුය. සිදුවූ දේ හැමෝටම වැටහී හමාරය. හද හදා සිටි සාම්බාරු හට්ටිය විසි කිරීම හැර වෙනත් විකල්පයක්  නොතිබුනාලු‍.

කරන්දෙණිය එම්. සුසිල් පියන්ත

 



අදහස් (0)

වචන මාරුවී සාම්බාරුවෙන් අමුතු සුවඳක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 22 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2001 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1554 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site