IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


වගා හානි වන්දි ඉල්ලන අයැදුම්පතට උප්පැන්න-විවාහ සහති​ෙකත් අමුණලා

නියඟය නිසා සිදුවූ වගා හානිවලට වන්දි ලබාගැනීමේ අයදුම්පත සමග විවාහ සහ උප්පැන්න සහතිකවල  පිටපත් අමුණා භාරදුන් අපූරු ගොවි යුවළක් පිළිබඳ කතාවක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තා වේ.
කුඹුරු අක්කර පහකට ආසන්න ප්‍රමාණයක් යල මහ දෙකන්නයේ වගාකරන ගොවි යුවළක් සිටින අතර වගාවට වැය වන මුදල් කළමනාකරණය කිරීම සහ සහනාධාර පොහොර ලබා ගැනීම සහ ගොවි සංවිධාන රැස්වීම්වලට සහභාගී වීම බිරිය සිදු කළාය.
සැමියා මුදල් ඉපයීම සඳහා දැඩි මහන්සියෙන් යුතුව කටයුතු කළ අතර බිරිය මුදල් පොලියට දීම ඉඩම් බද්දට ගැනීම ආදි විවිධ දේ සිදු කරන මුකරි බවකින් යුතු තැනැත්තියක වූවාය. මුදලට සහ ඉඩකඩම්වලට දැඩි ලෙස ඇල්මක් දක්වන කාන්තාවක ලෙස ඇය ප්‍රසිද්ධියක් ද ඉසිලු‍වාය.


වගා හානිවලට වන්දි ලබාදෙන බවට ආරංචිය ලද සැනින් බිරිය ගොවි ජනසේවා කාර්යාලයට ගොස් අයදුම්පතක් ද ලබා ගත්තාය. අයදුම්පත රැගෙන නිවසට පැමිණ පසු එය සම්පූර්ණ කරගන්නා ආකාරය පිළිබඳව දෙදෙනාම කල්පනා කරන්නට වූහ.
බිරියගේ වැඩිමහල් සොයුරියට කියා අයදුම්පත සම්පූර්ණ කර ගැනීමට සිතා ඇයගේ නිවසට ගියත් ඇය නොසිටි නිසා අයදුම්පත එහි තබා දෙන්නා ගෙදර පැමිණියහ. සොයුරිය විසින් සම්පූර්ණ කර තිබූ අයදුම්පත රැගෙන දෙදෙනාම ගොස් ගොවි සංවිධාන නිලධාරීන් හමු වී අයදුම්පත නිර්දේශ කර ගන්නා අවස්ථාවේ දී අවශ්‍ය ලියකියවිලිවල සහතික කළ පිටපත් අමුණන ලෙස ඔවුන් උපදෙස් ලබාදී තිබුණි.
ගොවින් ලබාදුන් වගා හානි අයදුම්පත්වල සඳහන් වගා බිම් පරීක්ෂා කිරීම ඉකුත් දිනවලදී සිදු කළ අතර කුඹුරෙන් කුඹුරට ගොස් නිලධාරීහු එම කාර්යයේ නිරත වූහ. එක් අයදුම්පතක වෙනස් ආකාරයේ සහතික පිටපත් දෙකක් අමුණා ඇති බව නිලධාරීන්ට නිරීක්ෂණය විය. ජාතික හැඳුනුම්පතේ සහ බැංකු පොතේ ඡායා පිටපත් වෙනුවට විවාහ හා උප්පැන්න සහතික වල පිටපත් අමුණා ඇති බව දුටු නිලධාරීන්ට සිනාව නතර කර ගැනීමට නොහැකි විය. අයදුම්පත අදාළ ගොවි මහතාට ලබා දී නියමිත ඡායා පිටපත් අයදුම්පතට අමුණන ලෙසට  නිලධාරීහු ගොවි සංවිධාන නියෝජිතයනට උපදෙස් ලබාදුන්හ.


බිරියගේ පණ්ඩිත කම නිසා යම් අතපසු වීමක් සිදුවූ බව පසුව සැමියා අනාවරණය කිරීමත් සමග වගා හානි අයදුම්පතට විවාහ සහතිකය සහ උප්පැන්න සහතිකවල පිටපත් අමුණා ඇති කතාව ලැව් ගින්නක් සේ සෙසු ගොවීන් අතර පැතිර ගියේය. කාන්තාව අතරමගදී හමුවූ විට වගා හානි ඉල්ලු‍ම්පත් භාර දුන්නා දැයි  විමසන අවස්ථාවලදී ලු‍ණු ඇඹුල් ඇතිව ඇය පිළිතුරු දෙන බව ද සැලවෙන අතර ඒ නිසාම දෙදෙනා ප්‍රසිද්ධියේ ගමන් බිමන් යාමෙන් වැළකී සිටින බව ද පැවසේ.

හක්මණ විශේෂ දෙනගම යසන්ත ආරියසේන



අදහස් (0)

වගා හානි වන්දි ඉල්ලන අයැදුම්පතට උප්පැන්න-විවාහ සහති​ෙකත් අමුණලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 622 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17597 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 725 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site