(නාඋල - ඉන්දික අරුණ කුමාර)
සිය වගා බිමේ කලක් තිස්සේ සිදුවන කෘෂි රසායන ද්‍රව්‍ය සොරකම් කිරීමේ ක්‍රියාවකට අපූරු දඬුවමක් ලබාදුන් ගොවියකු පිළිබඳව නාඋලින් වාර්තා වෙයි.

කලක් තිස්සේ කාටවත් බාධාවක් නැතිව ගොවිතැන් කටයුතු සිදුකරන මේ ගොවි මහතා කා අතරත් කතා බහට ලක්වන ගොවියෙකි.
වගා කරන කුමක් හෝ අස්වැන්නක් ගමේ අය සමග බෙදා හදා ගන්නා මොහු පුළුවන් අයුරින් කාටත් උපකාර කරන්නෙකි.
කෙසේ වෙතත් තමන්ගේ වගාවට යොදන කෘෂි රසායන ද්‍රව්‍ය ඉතිරි වුවත් ඒවා නිවෙසට රැගෙන යාමක් සිදුනොකරන මේ ගොවි මහතා ඒවා තමන්ගේ වගා බිමේ කොතනක හෝ ආරක්ෂාකාරීව තබා යන්නේ යළි ප්‍රයෝජනයට ගත හැකි වන පරිදිය.
කෙසේ වෙතත් කලක් තිස්සේ සිදුවන මේ ක්‍රියාව දෙස බලා සිටි යාබද තවත් ගොවියකු සඟවා තබා යන කෘෂි රසායන ද්‍රව්‍ය හොර රහසේ රැගෙන සිය වගාවට යෙදීමට පටන් ගෙන තිබේ.
තමන් සඟවා යන කෘෂි රසායන හිටි හැටියේ අතුරුදන් වන බව හොඳින් වටහාගත් ගොවියාද සැලසුම් සහගතව අපූරු වැඩක් සිදුකර තිබේ.
තමන්ගේ ඉතිරිවන කෘෂි රසායන සොරාගන්නා හොරාට හොඳ පාඩමක් ඉගැන්විය යුතු යැයි සිතූ මේ ගොවියා වගාවට යොදා ඉතිරි වූ කෘෂි රසායන වල ඉතිරි කොටස් වෙනදා සුපුරුදු ස්ථානයේම සඟවා තැබුවේය.
දින කිහිපයක් යන විට තමන් සැඟවූ කෘෂි රසායන එම ස්ථානයේ නොමැති බව වටහාගෙන ඔහුද පාඩුවේ සිටියේය.
දින කිහිපයක් ගත වෙද්දි යාබද වගාවක් හිටි හැටියේ සම්පූර්ණයෙන්ම මැරී ඇති බව හේ දුටුවේය.
සිද්ධියෙන් කර කියා ගත හැකි දෙයක් නොමැතිව වගාව දෙස බලා සුසුම් ලන ගොවියකු දෙස බලා ගොවියාද එතැනින් යන්න ගියේය.
ඔහු සිදුකර තිබුණේ කෘමි නාශක බෝතලයට වල් නාශක කලවම් කර සඟවා තැබීම පමණි. වෙනදා පුරුදු පරිදි ගොවි බිමෙන් සොරාගත් තෙල් බෝතලය මතු පිටින් බලා තමන්ගේ වගාවට අනුන්ගේ තෙල් යෙදූ ගොවියාට සිදුවූයේ කවදාවත් බලාපොරොත්තු නොවූ දෙයකි.
2025 දෙසැම්බර් මස 04
768
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
574
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
458
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
වගා බිමේ තෙල් හොරා අමුතු ගැටේකට අහුවෙලා