IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


වැක්සින් එකට නෝනා වෙනුවට වෙනත් නෝනා කෙනෙක් ගෙනත්

(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
ගුණගරුක යහපත් පවුල් දිවියක් ගත කරන පරසිදු තරුණ ව්‍යාපාරිකයකුගේ සැඟවුණු ජීවිතය කොරෝනා වයිරස් නසන එන්නත ලබාගැනීමට ගිය අවස්ථාවේ පවුලේ හිතවත් වෛද්‍යවරයාගේ අතට අසුවූ පුවතක් අගනුවරට නුදුරු රෝහලකින් පසුගියදා අසන්නට ලැබිණි.


අසන්නට ලැබෙන ආකාරයට සිද්ධිය මෙසේය.


කොළොම්පුරයේ හිත හොඳ ව්‍යාපාරිකයෙකි. පවුල් ජීවිතය ද හොඳින් ගත කරන හෙයින් හිත මිත්‍රාදීන්ගේ කා‍ගේත් ගෞරවයට පාත්‍රවූවෙකි. අධ්‍යාපනය ලැබූ පාසලට ලැදි නිසාම ආදිසිසුන් අතර ඉතාම ජනප්‍රිය සියලු යහළුවන්ගේ දුක සැප සොයා බලන සත්පුරුෂයෙකි. ඉහළ තලයේ නිලදරුවන් ද ඔහු හොඳින් හඳුනන අතර ඒ කාගේත් සහාය නොමඳව ලබා ගැනීමට හැකියාවක් ඔහුට තිබුණේය.


කොරෝනා වයිරසය රට පුරා ව්‍යාප්ත වත්ම එය වැළැක්වීමට එන්නත්කරණය ද ආරම්භ විය. ව්‍යාපාර කටයුතුවලට නිතර සමාජයේ ගැවසීමට සිදුවන නිසා හැකි ඉක්මණින් එන්නත් ලබාගත යුතු බව තේරුම් ගත් මෙම ව්‍යාපාරිකයා ආරක්ෂාකාරී හා ඉක්මන් ක්‍රමයක් කල්පනා කළේය. ඔහුගේ සිහියට ආවේ තමන්ට සිටින හොඳම යාළු ජීවකයා ගැනය. මේ කියන ජීවකයා ද යාළු රැලට පපුව වුවත් දෙන්න සූදානමින් සිටින්නෙකි. යාළු රැලට හොඳ සම්පතකි.


ඔහු පසුගිය දිනක යහළු ජීවකයා අමතා ඉල්ලීමක් කළේය. “මචං මට කොරෝනා එන්නත ගන්න ඕනෑ. උඹ මචං අපිට මහා සම්පතක්නේ. මටත් නෝනාටත් කොරෝනා එන්නත ගන්න ක්‍රමයක් හදා දීපන්.” යහළු ජීවකයාට කියා සිටියේය.


යහළුවා කළ ඉල්ලීම අහක දමන්නට බැරි නිසාම මේ ජීවකයා දිනයක් දන්වා උදේම පැමිණෙන ලෙසට ඉල්ලා සිටියේය.


ඒ අනුව මේ මිතුරු ව්‍යාපාරිකයා නෝනා සමග උදෙන්ම එන්නත ලබාගැනීමට එන බව දැන්වීය. යහළු ජීවකයා ද මිත්‍රයා එනතෙක් බලා සිටියේය. පවුලේ සියලු දෙනා දන්නා හඳුනන මෙම ජීවකයා ව්‍යාපාරික මිත්‍රයා දුටුවත් ඔහුගේ බිරිඳ දක්නට නොවූවාය. 


මිත්‍රයා සමග සිටි කාන්තාව ඔහුගේ බිරිය නොවන බව වෛද්‍යවරයාට පෙනී ගියේය. “කෝ නෝනා ආවේ නැතිද?” ඔහු මිතුරාගෙන් ඇසීය. “උඹ කලබල වෙන්න එපා. මෙයාට වැක්සින් එක දීපන්කෝ.” ව්‍යාපාරිකයා පිළිතුරු දුන්නේය. 


නිහඬවම මිතුරාගේ ඉල්ලීම ඉක්මනින්ම ඉටුකර පිටත් කර හැරියේ තව තවත් ප්‍රශ්න කළොත් ඔහු අමාරුවේ වැටෙන බව වෛද්‍යවරයාට හැඟී ගිය හෙයිනි.


දින දෙක තුනක් ගතවිය. නොදන්වාම මෙම ව්‍යාපාරිකයා වෛද්‍යවරයා හමුවීමට රෝහලට ආවේ විවාහක බිරිය සමගය. කිසිදු ප්‍රශ්න කිරීමකින් තොරව ඇයට ද එන්නත ලබාදී රහස එළිවෙන්නට ඉඩ නොදී දෙදෙනාම පිටත් කර යැව්වේය.



අදහස් (0)

වැක්සින් එකට නෝනා වෙනුවට වෙනත් නෝනා කෙනෙක් ගෙනත්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1975 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1547 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 541 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site