(තිහගොඩ - උපසේන ලියනගම)
තම කමතෙහි වූ වී වේළා ගැනීමට යාමේදී එහි ආරක්ෂාවට ‘‘මහ දැනමුත්තාගේ ගෝලයකු’’ යොදා ගැනීමේ අපූරු පුවතක් පසුගියදා අසන්නට ලැබුණේ වියළි කලාපය ආශ්‍රිත ගොවි ගම්මානයකිනි.
ලොකු කුඹුරු යායක හිමිකරුවා වූ ගොවිමහතකු පසුගියදා අස්වැන්න නෙළා එහි වූ වී කුඹුරේම කමතක වේළෙන්නට වනා ගෙදර ගියේ තම ගෝලයාට එය බලා ගන්නට කියායි.
ගෝලයා පැලට වී සිටින විට ලොකු බලු රංචුවක් ඒ අසලට පැමිණ ටික දෙනෙක් වී වනා තිබූ ස්ථානයට ගොස් ඉව අල්ලමින් වී මත ඒ මේ අත දුවන්නට වූහ.
බලු රැළ එළවීමට කෑගැසුවත් ඉන් පලක් නොවූ විට ඔහු කළේ අසල වූ ගල් සහ වැලි අහුරකින් බල්ලන්ට දමා ගැසීමය. බල්ලන් පැන ගියත් යළි එහි අා නිසා ඔහු යළිත් වැලි අහුරක් ගෙන වී මත සිටින බල්ලන්ට ගැසූ අතර ඒ මොහොතේ ගොවි මහතා දුවගෙන ආවේ ‘‘හත් දෙයියනේ’’ කියාගෙනය.
වී මතට වැටුණු වැලි සහ ගල් දුටු ඔහු ගෝලයාට බැන වැදුණේ ‘‘යකෝ මේක සේරම වැලි උඹනං මහදැනමුත්තගේ ගෝලයෙක් නෙව’’ කියමින් ලු.
2025 දෙසැම්බර් මස 16
57
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
852
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
612
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
වී වේළන්න තැබූ ගෝලයා ‘මහදැනමුත්තගේ වැඩක්’ කරලා