දෛනික වෙළෙඳපොළේ බිත්තර මිල ඉහළ යාමත් සමග වැඩි මිලට බිත්තර මිලදී ගැනීම වෙනුවට කිකිළියන් සිව් දෙනෙකු ඇතිකිරීමට මිලදී ගැනීමට ගොස් අමාරුවේ වැටුණු පුවතක් මහනුවර ප්‍රදේශයෙන් වාර්තා විය.
රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගිය අදාළ පුද්ගලයා බිත්තර කෑමට වැඩිපුර කැමැත්ත දක්වන්නෙකි. රෝගී තත්ත්වයක සිටියත් දෛනිකව ඔහුගේ ආහාරය සඳහා බිත්තර දෙකකට වැඩි ප්‍රමාණයක් ලබාගත්තේ වෛද්‍ය උපදෙස් ද නොතකමිනි.
බිත්තර මිල ඉහළ යාම නිසා නිවසේ ආදායමෙන් වැඩි වියදමක් බිත්තර සඳහා යාම ඔහු හා ඔහුගේ බිරිඳ අතර දිනපතා ගැටුම් ඇතිවීම දක්වා වර්ධනයවීමට ද හේතුවක් විය.
මේ සඳහා අපූරු පිළියමක් ඔහුගේ මිත්‍රයකු ලබා දුන්නේ නිවසේ සාමය පවත්වාගෙන යාමේ වැදගත්කම ද සඳහන් කරමිනි.
ඒ අනුව අදාළ පුද්ගලයා කිකිළියන් හතර දෙනෙකු මිලදී ගන්නේ එකෙක් රුපියල් 2500 බැගිනි.
කුකුල් කූඩුව සෑදීම සඳහා රුපියල් 20,000 ක මුදලක්ද කිකිළියන් සොයාදුන් පුද්ගලයාට රුපියල් 2000 ක කොමිස් මුදලක් ද ප්‍රවාහන ගාස්තු ලෙස තවත් රුපියල් 4000 ක මුදලක්ද වැය කිරීමට ඔහුට සිදුවිය.
ඒ අනුව කුකුල් ව්‍යාපෘතිය සඳහා වැය කළ මුදල රුපියල් තිස් හය දහයකි. තමන්ගේ අලුත් කුකුළු පාලන ව්‍යාපෘතිය ගැන උදම් අනමින් කතා කළ අදාළ පුද්ගලයා අදාළ වියදම් පිළිබඳව තවත් මිත්‍රයකුට සඳහන් කළේ උජාරුවෙනි.
එය අසා සිටි මිතුරා සියලුම වියහියදම් ගණන් බලා මෙසේ සඳහන් කළේය.
‘බිත්තරයක් රුපියල් 50ට මිලදී ගෙන, දවසකට බිත්තර දෙකක් කාලා අවුරුද්දක් බිත්තර කන්න තිබ්බ සල්ලි අපරාදේ’ යැයි කියමින් වියදම් සමාලෝචනය කළේය.
එය ඇසූ පුද්ගලයාගේ ද ඇස් ඇරී මිත්‍රයාගේ මතය අනුමත කළේ උපදෙස් ලබාදුන් මිත්‍රයාට ඇමතුමක් ගෙන මුදල් ලබා දී කිකිළියන්ද කුකුල් කූඩුවද රැගෙන යන ලෙස දන්වමිනි.
කුණ්ඩසාලේ පී.එම්. රාජපක්ෂ
2025 නොවැම්බර් මස 04
22
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2001
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1555
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ලාබෙට බිත්තර කන්න ගිහින් හොට බිම ඇනගෙන