එක ළඟ ගෙවල් දෙකක එකටම හැදුණු වැඩුණු මේ දෙදෙනා ඥාතිත්වයෙන් නෑනලා වුවත් ඔවුන් අතර තිබුණේ දැඩි මිත‍්‍රත්වයකි. දෙදෙනාම ගමන් බිමන් ගියේද එකටමය. එසේ ගිය ගමනකදී එක් අයකු රුපියල් විස්සක ලොතරැයි ටිකට්පතක් ගත්තත් ඇය අත වූයේ රුපියල් දහයක මාරු සල්ලි පමණකි.
මෙය දැනගත් නෑනා ඇයට තම අත වූ රුපියල් දහය දුන්නේ කැමැත්තෙනි. පසුව ඒ මුදල අනෙකා දුන්නත් ”පිස්සුද” කී ඇය පසුව විහිළුවට කීවේ ” ඕක ඇදුන දවසක දෙකට බෙදා ගනිමු” කියාය.
තම නිවෙස අසලින් ගිය ජංගම ටිකට්පත් වෙළෙන්දකුගෙන් පසුදා ටිකට් පත පරීක්ෂා කළ විට ඇය මවිත වූයේ එම ටිකට්පතට රුපියල් විසිදහසක ජයක් තිබූ නිසාය.
වහාම සිය නෑනා හමුවූ ඇය එදාගත් රුපියල් දහය බලෙන් මෙන් ඇයට දී ආවත් ටිකට් පත ජය ගැනීමේ පුවත ගම පුරා යාමත් සමඟ කිරි පැණි මෙන් සිටි මේ දෙදෙනා දැන් නයා පොළඟා වගේලූ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අතීතය ඉදලා ඔහොම දේවල් ලංකාව වෙනවා.(ස)
දැන් ලංකාවේ නෑනා - නෑනා වෛරයකුත් දිගටම පටන් ගනීද දන්නේ නැහැ. ඕක තමා කියන්නේ හවුලේ කැඳවත් එපා කියලා (නි)
කොයි පැත්තෙ වුනත් මොකද මේ ලංකාවනේ (නි)
බලන්න මිනිසුන්ගේ මනසෙහි තිබෙන කුහකකම නේද මෙයින් ඔප්පුවෙන්නෙත්? දෙන්න මේ මුදල සතුටින් බෙදාගත්තා නම් ඉස්සරහට කොයිතරම් විශ්වාසයක් ගෙනදෙනවද? අද රුපියල් 10000 මොකක්ද? (නි)
අපරාදේ ඔය දිනුම ඇදුනේ දෙන්නත් තරහ උනානේ ඕක නිසා.(නදී)
සල්ලි තමයි මේ ලෝකය විනාශ කලේ (දී)
දෙයියෝ සාක්කි
සුවර් එකටම අර පැත්තේ සිදුවීමක් වෙන්න ඇති.(නදී)
දයා එහෙම නෙමේ බොක්ක කෑවත් එකට වෙනස්.(නදී)
රුපියල් 20000 කට. (දී)
මුදලට වඩා මිනිස්කම වටිනවා. ඔයාලා දෙන්නා නැවත මිත්‍ර වන්න (නි)
ඇත්ත විරසක වෙන්න වටිනවා (දී)
සල්ලිත් එක්ක සෙල්ලම් නැහැ නංගිලා. (නි)
ඵහෙම වෙච්ච එක හොදයි මස්සිනා. නැත්නම් මේ දෙන්නා එකතු වෙලා අපි දෙන්නත් විකුනලයි පස්ස බලන්නෙ මස්සිනා.(නදී)
රු 10 කින් නෑනගේ හැටි දැනගන්ට ලැබුණු එකම ජයක් නෙමෙයිද?(නදී)
අපේ රංජනී අක්කා වැඩ කරන්නේ ක්ලබ් එකකද ? (නි)
ඔන්න සල්ලි නිසා තිබුණු හිතවත්කමක් ඉවර වුණ හැටි (නි)
'ඉට් කුඩ් හැපන් ටු යූ' සිනමා පටය නරඹන්න. (නි)
මුල අමතක වීමේ රෝගය ලාංකිකයන්ට ජානවලින් එන දෙයක් .මේරට මෙතරම් අරාජික වීගෙන යන්නෙත් සියල්ලන්ට මුල අමතක වීම නිසයි මේ නැනල දෙන්නගේ කතාව එක උදාහරණයක් පමණයි (ස)
නංගී , රුපියල් 10 ට ස්වීප් ටිකට් නැහැ.10 ක් දුන්න නිසා 10,000/- දීම යුතුකමකි. බැරිවෙලාවත් කෝටි 2 ක් ඇදුනානම් ,මිනිත් මරාගනී.නෑණා අමනාප නම් මට දෙන්න. මම ගිහින් දෙන්නම් !! (නි)
භාගයක් දුන්නම ඉතුරු ටික මදිනේ. ඒකයි 10 දුන්නේ. (නි)
ඔය පණ්ඩිතකම් කියන කට්ටියට ඔය වගේ දිනුමක් ඇදුනත් ඔයගොල්ලොත් කරන්නේ ඔය දේම තමයි. මොකද දෙකට බෙදාගනිවිද ? (නි)
අනේ සල්ලි අමතක කොරල දාලා නෑනලා දෙන්නා හොඳින් ඉන්නකෝ. මස්සිනාලා දෙන්නටටම පපුවේ අමාරු නොහදා. අමතක කොරලමු පැරණි කතා එක්වෙමු පවුලේ දියුණ පතා. (නි)
මෙය සත්‍ය සිදුවීමක්. ලංකාවෙ නම් නොවේ එංගලන්තේ. මම වැඩ කරන ක්ලබ් එකට ගැහැණු දෙන්නෙක් එනවා. ගේම් එකකින් එයාලා ලොකු ගාණක් දිනුවා. හරියටම මේ සල්ලි දෙන්නා දෙකට බෙදා ගත්තනේ. අපි හැමෝටම පුදුම හිතුනා.මෙන්න නියම යාලුවෝ. (නි)
පව් රුපියල් 1000ක් හරි දෙන්නනේ තිබුනේ. තණ්හාව නිසා නෑකනුත් ඉවරයි යාලුකමත් ඉවරයි නේද? (නිල්මිණි කියන්නේ කොයි පැත්තේ කියලද මට ආසයි දැන ගන්න ප්ලීස් ) (නි)
නිල්මිණි හරි. ඒ පැත්තේ වැඩක් තමයි. සුනාමිය කියයි පාර. (නි)
ඔයා හරි වරුණ. (නි)
එකට කෑවත් බොක්ක වෙනස්ලුනේ. (ස)
අපරාදෙ නෑනා. රුපියල් ශතට වානා. ඉවසන්න ඕනා.(නදී)
ඒ අවාසනාවන්ත නෑනට ඕනෑ නම් පුළුවන් ගිවිසුම් නීතිය යටතේ නඩු දාලා තමන්ට හිමි මුදල ලබාගන්න. හැබැයි ඉතින් වැඩක් නැහැ. ඒ 10000 අන්තිමට නවතින්නේ පෙරකදෝරු මහත්තය අතෙයි. (නි)