IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


ලණු කා ඡන්දයෙන් පැරදී යක්ෂාරූඪවෙලා

වටේ පිටේ අය තමන් ගොඩ එ්මට නොහැකි අයුරින් අන්දා ඇති බව දැනගත් මෙවර ප්‍රාදේශීය සභා මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයකුට යක්ෂාවේශ වී කළ අපූරු  ක්‍රියාවක් පිළිබඳව ගාලු‍ පුරේ ගම්බද ප්‍රදේශයකින් සැලවෙයි.
යමක් කමක් තිබූ අයෙකි. ඒ නිසාම ඔහු ගමේ සභාවේ මන්ත්‍රී කෙනකුවීමට ඉදිරිපත්විය. කොල්ලො කුරුට්ටන් ළං කර ගත්තේය. ඒ කෑම, බීම සහ දුම දීමෙනි. දවසකට සීයක් දෙසියක් ඔහු පස්සේය. ඔහුගේ නිවසේය. හිතුවටත් වඩා ඒ වෙනුවෙන් වියදම් විය. නමුත් ඔහු ගේම අත නොහැරියේය. තමාගේ රන් ආභරණ පමණක් නොව නෝනාගේ ඒවාද උකසට ගියේ මැම්බර් කෙනෙක් වීමට ඇති දැවැන්තම අාශාව නිසාමය.
දැන් තමා වටා සිටින කොල්ලොකුරුට්ටන් දිහා බැලු‍වම ඔහුට සතුටුය. ඒ ප්‍රතිවාදින්ට එවැනි ජන ගඟක් නැති බව දැකීමෙනි. මේ පාර තමා ගමේ මැම්බර් වන එක සිකුරු වන බවට ඔහුට ඒත්තු ගියේය.


තව තවත් කොල්ලෝ කුරුට්ටන් එකතු කර ගන්න ඔහු වියදම් කිරීමට සිතා ගත්තේය. කනකර ආභරණ උකසට ගත් අත තිබූ  මුදල ද හීන වෙමින් ගියේය. හිතවතුන්ගෙන් මුදල් ඉල්ල ගත්තේය. ඒවාද මදිවිය. සිය පදිංචි නිවසේ ඔප්පුව උකස් කළේ පෙනි පෙනී තියෙන ජය විජයග්‍රහණය කිරීමටය. ඔහු ළඟ මුදල් ගැවසෙන්න ගැවසෙන්න කොල්ලොකුරුට්ටෝ ද වැඩියෙන් ගැවසුණෝය.
ඔහුගේ කොට්ඨාසයේ ඡන්දය ගණන් කිරීමේ අවස්ථාව එළැඹියේය. ඔහුද එහි ගැවසුණේ සීයක් දෙසියක් කොල්ලන් සමගය. ඔහු දෙන දුම්වැටිවලින් කොල්ලෝ දුම් බොති. දුරින් රහසිගත ස්ථානයක පිළියෙල කළ තැනක තවත් කොල්ලෝ රොත්තක් සැරබීම බොති. දුම් සහ සැර බීම නොබොන කොල්ලෝ බිස්කට්, චුයින්ගම් වැනි කෙටි ආහාරවල රසවිඳිති. කොල්ලන්ට මෙය එකම මඟුල් සක්වළකි. එයින් ඔවුහු නිසි ආකාරයෙන් ආස්වාදය විඳිමින් සිටියහ.
    ඡන්ද ප්‍රතිඵලය ලැබුණේය. ඔහුට ලැබුණේ මනාප පනහකටත් වඩා අඩු සංඛ්‍යාවකි. ඒ වනවිටත් ඔහුගෙන් කමින් බොමින් සිටි කොල්ලන් ගණන සීයකටත් වඩා වැඩි මිස අඩු නැත. ලැබූ ඡන්ද ප්‍රතිඵලයත් සමගම ඔහුට මළ පැන්නේය. මට ලැබුණු  ඡන්ද සංඛ්‍යාව හැර අනෙක් ඈයෝ පල යයි කියමින් වියරුවෙන් ඔහු කෑ ගැසුවේය. එන පොට හොඳ නැති බව කොල්ලෝ දත්හ. කොල්ලන් රොතුබුරුතු පිටින් ඔහුගෙන් ඉවත්ව ගියේ ඒ නිසාය. ඉතිරි වූයේ දහයක් පහළවක් පමණි. ගිය අය තමන් අන්දවා තමන් ලොකු අමාරුවක දමා ඇති බව ඔහුට තේරුම් යනවිට කොල්ලන්ට කන්න, බොන්න උකස් කළ චංචල දේපළ පිළිබඳව ඔහුගේ මනසට ආවේ ඒ සමගලු‍.

කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත



අදහස් (0)

ලණු කා ඡන්දයෙන් පැරදී යක්ෂාරූඪවෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 406 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16749 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 647 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site