IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ලෙඩා මැරුණැයි සිතා අනුන්ගේ මළගේකට ගිහින්

මියගිය අයකුගේ මළ ගෙදරට සහභාගි වූ නඩයක් මැරුණු අය ජීවමානව දැක ආපසු ගිය පුවතක් ගල්නෑව අවට ගම්මානයකින් අසන්නට ලැබුණි.
මෙම ගම්මානයේ උපන් අයකු කුරුණෑගල දිස්ත්‍රික්කයට අයත් ගම් පෙදෙසක වාසය කරන්නේය. ඔහු දුරස්ව සිටියත් මෙම ගම් සීමාවේ සිදුවෙන මළ ගෙවල් කිසිවක් අතපසු කරන්නේ නැත.
මේ නිසා ගමේම උදවිය ඔහු සමග මනා සම්බන්ධතාවයකින් යුතුව කටයුතු කරති.
ඔහු හිටි හැටියේ අසනීප විය. ඔහු ගමේ රෝහලටත්, එතැනින් කුරුණෑගල රෝහලටත් මාරු කර යැව්වේ රෝගි තත්වය උත්සන්න වීමෙනි.
ඔහු රෝහලේ බව දැන ගත්  උපන් ගම් පියසේ කීප දෙනෙක් මුල් දිනවල දී රෝහලට පැමිණියහ.
එලෙස පැමිණි අය ගමට ගොස් පවසා සිටියේ ඔහුගේ තත්වය හොඳ නැති බවයි.


මේ නිසා දින බෙදාගෙන කොටස් වශයෙන් ගමේ බොහෝ පිරිසක් ඔහුගේ සුවදුක් බැලීමට කුරුණෑගල රෝහලට යාමට පටන් ගත්හ.
දිනක් උදේම ගල්නෑව සිට කුරුණෑගල බලා ගිය බස් රථයක ගමන් ගත් පිරිසක් ඔහු හදිසියේම  මිය ගොස් ඇති බවත්, නිවස ඉදිරිපිට පාරේ සුදු කොඩි දමා ඇති බවත් ගම්මුන්ට පැවසූහ.
සිද්ධිය දැන ගත් ගම්මු කම්පාවට පත් වූහ. රාත්‍රියේ දී බස් රථයක් කතා කරගෙන එහි පැමිණීමට පිරිස් ඒකරාශි වූහ.
මළ ගෙදරට අවශ්‍ය සීනි, තේ කොළ. බුලත් පුවක්, බිස්කට් සියල්ලට පවා මුදල් එකතු කළේය. බස් රථයට යන ගාස්තුව වෙනම එකතු කළේය. මුදල කල්තියා එක්කළ පිරිස් සවස් යාමයේ ගමේ සමිතියේ බැනර් එකත් රැගෙන බස් රථයට ගොඩ වුණේ එහි යාම සඳහාය.
බසයට පැමිණි බොහොමයක් ඔහුගේ ගෙදර දන්නේ නැත. කිහිප දෙනෙකුට මතක ඇතත් රාත්‍රිය නිසා නිශ්චිතව මතකයක්ද නැත. එහෙත් නිවස පාර අයිනේ නිසා එය සොයා ගැනීම අපහසු නොවනු ඇතැයි සිතා සියල්ලෝ එහි ළඟා වූහ.
පාර දෙපස සුදු කොඩි දමා ඇත. විශාල පිරිසක් මහ මඟ දිගට පෙනෙන්නට සිටිනු ඇත.
බසයෙන් බැස ගත් නඩය එකා පිටුපස එකාමෙන් මළ ගෙදරට ගොඩ වැදුණි.
රැගෙන ගෙනා සීනි, තේ කොළ, බිස්කට් සියල්ලත් මළ ගෙදරටම බාර දුන්හ.
මෘත දේහයක් ඇත. එහි ඇත්තේ වියපත් කාන්තාවකි. එකිකෙනා මුහුණෙන් මුහුණ බලා ගෙන පිටතට පැමිණියහ.
මළ ගෙයක් වෙලා තියෙන්නේ රෝහලේ සිටින රෝගියාගේ යාබද නිවසේය.
වෙච්ච දේ රහසක්ව තබාගෙන පැමිණි සියල්ලෝ රාත්‍රියට එතැනින් ආහාරයත් ගෙන යාබද නිවසට ගොඩ වැදුණි. ඒ වනවිට රෝගියා ද සුවය ලබා නිවසට පැමිණි සිටියේය. සිදුවෙච්ච අත්වැරැද්ද ඔහුටත් නොකියා අවට මළ ගෙදරට ගමේ තිබෙන ඥාති සම්බන්ධතාවයක් මත ආ බව පවසා ඔවුන් රෝගියාගේ සුවදුක් බලා ඉන් නික්ම ගියාලු.

මොරගොල්ලාගම සිසිර කැලේගම

 



අදහස් (0)

ලෙඩා මැරුණැයි සිතා අනුන්ගේ මළගේකට ගිහින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 703 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site