IMG-LOGO

2025 ඔක්තෝබර් මස 25 වන සෙනසුරාදා


ලෙඩ බලන්න ආ යාළුවෙක් ලෙඩක් දාලා ගිහින්

(මොරගොල්ලාගම සිසිර කැලේගම)

රෝගී තත්ත්වයකට පත්වූවකුගේ සුවදුක් බැලීමට පැමිණි හිතවතුන් පිරිසක් රෝගියා තව තවත් අපහසුතාවට පත්කර පිටවයාමේ පුවතක් මහව නගරය අවට ගම්මානයකින් අසන්නට ලැබුණි.


ඔවුහු රාජ්‍ය ආයතනයක සේවකයෝ වෙති.


වසර ගණනාවක් එකට සේවය කරමින් සිටියදී එක් සේවකයෙක් හදිසියේම රෝගී විය.


රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගනිමින් සිටියදී පවා දුක සැප බලන්නට ගිය මෙම මිතුරෝ ඔහුට කළ හැකි සෑම උදව්වක් ම නොපිරිහෙලා ඉටුකර දුන්හ.


ඒ අතරවාරයේ ඔහු රෝහලෙන් පිටත්ව තම නිවහන කරා පැමිණියේය.


රෝහලේ සිටියදී බලන්නට බැරි වූ තවත් යහළු සේවක පිරිසක් ඔහු බලන්නට ඔහුගේ නිවසට යාමට තීරණය කළහ. ඒ අනුව ඔවුන් පසුගියදාක පෞද්ගලික වාහනයකින් එහි ළඟා වූහ.


ඔවුන් නිවසේ රැඳී  සිටින අතරවාරයේ තවත් පිරිසක් අඩියක් ගැසූහ. පමණ ඉක්ම වූ ඔවුහු අවසානයේ රෝගියාගේ කාමරයේ වාඩි වී වඩා වඩාත් ළංවී සුවදුක් විමසූහ.


ඒ අනුව දවසින් වැඩි වේලාවක් එහි සිට ඔවුහු නික්ම ගියහ.


රෝගියාට සවස් යාමයේ දිය යුතු බෙහෙත් දීමට ඔහුගේ බිරිය කටයුතු කළාය.


කාමරය පුරා සෙව්වත් ඒවා දක්නට නොමැති වූයෙන් පිටත්ව ගිය සේවකයන්ගෙන් ඒ ගැන දුරකතනවලට කතා කර විමසීය.


පිටත්ව ගිය අයකු එම බෑගය තමාගේ බෑගයට සමාන නිසා එය ඔහුගේ යැයි සිතා  වෙරිමරගාතේ රැගෙන ගොස් ඇති බවට අනාවරණය විය.


පසු දින රෝගියා නැවත රෝහලේ වෛද්‍ය සායනය වෙත රැගෙන යා යුතුය.


බෙහෙත් පමණක් නොව සායනවලට අදාල සියලු ලියකියවිලි ද එම බෑගය තුළය.


සිදුවී ඇති අකරතැබ්බය වරකාපොළ නිවැසියා අවට හිතවතුන්ට පැවැසීය.


මත්වතුර තොල ගා නැති හිතවත් සේවකයෝ දෙදෙනෙක්   කුරුණෑගල සිට වරකාපොළට යතුරුපැදියකින් ගොස් බෙහෙත් හා ලියකියවිලි රැගෙන මහව ප්‍රදේශයට 

යාමට පිටත් වූහ.


හිතවත් සේවකයන් දෙදෙනා ඒ නිවහනට මීට පෙර ගොස් නැති බැවින් ඔවුන් රාත්‍රියේ සිට  එය සොයා පාන්දර පැමිණෙන තෙක්ම රෝගියා ඇතුළු නිවසේ සියල්ලන්ම මාවතේ විස්තර කියමින් නිදි වරමින් කල්ගත කළ බවත්, මේ නිසා ඔවුන් දැඩි අපහසුතාවලට පත්ව සිටි බවත් දැනගන්නට ලැබුණි.



අදහස් (0)

ලෙඩ බලන්න ආ යාළුවෙක් ලෙඩක් දාලා ගිහින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1398 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1290 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 465 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site