කරන්දෙණිය එම්. සුසිල් පියන්ත
තරහ බැඳගත් සේවකයින් පිරිසකට අපූරු දඬුවමක් දුන් ගාලු දිසාවේ ආයතනයක ලොක්කකු ගැන කතාවක් අසන්නට ලැබේ.
මේ ලොක්කා සැඟවී හෝ එළිපිට තමන් විවේචනය කළ සේවකයන් සම්බන්ධයෙන් තරහ බැඳගෙන සිටියේය. ඔහු බල බලා සිටියේ කොයි මොහොතක හෝ ඔවුන්ගෙන් පළි ගැනීමටය. ඔවුන්ට රිද්දවීමටය. ඒ ඔවුන්ව නම්මාගෙන සිය ග්රහණයට ගැනීමටය.
කවදාවත්ම නැතිව මේ ලොක්කා ඊයේ පෙරේදා දවසක ආයතනයේ සේවකයන් පැමිණිය යුතු යයි සම්මත වේලාවටත් කලින් පැමිණ සිටියේය. ඔහු ඔහුගේ කාර්යාලයේය. කවදාවත්ම වෙලාවට නොඑන ලොක්කාට හිතවත් සේවකයෝ පිරිස එදා වෙලාවටත් කලින් පැමිණ සිටියහ. ඔවුන් සියලුදෙනාම ලොක්කා වටේය.
පැමිණිය යුතු සම්මත වෙලාව අවසන් වන තත්පරයේ මේ ලොක්කා සේවකයකු ලව්වා කාර්යාලයේ දොර වසා යතුර සියතට ගත්තේය. ලොක්කා තමා ඇයි හොඳැයියක් නොදැක්වූ සේවකයින් සියලුදෙනාම තත්පරයට, විනාඩියට, දෙකට එළියේය. ඒ කාර්යාලයේ දොර වසා දමා ඇති හෙයිනි. පුදුමය කියන්නේ වෙනදා කවදාවත්ම වෙලාවට නොඑන ගොට්ටන් සියල්ලන්ම මෙදා වෙලාවටම කාර්යාලයට පැමිණ ලොක්කාගේ කාමරයේ රොක්වී සිටීමය. මෙහේම වුණේ ඇයි ද යන්න මේ සේවකයන් සියලු දෙනාටම ප්රශ්නයක් විය.
දොර වැසුණු සේවකයන් සියලු දෙනාටම එදා රතු ඉරය. ඒ විතරක්ම නොව, වෙලාවට නොපැමිණියේ යැයි බලු බැනුම්ය. ඇනුම්පදය. තමන්ගේ අඩුපාඩු සොයන්න කලින් වෙලාවට වැඩට එන්න යයි දෝස් මුරයන්ය. එදා දවසම මේ සේවකයන්ට අවුල්ය. මෙහෙම වුණේ කොහොම දැයි සේවකයෝ සිතූහ. එසේ සිතූ මේ සේවකයන්ට යාන්තම් පොටක් පාදා ගැනීමට හැකිවිය. ඒ හිතවත් සේවකයකුගෙන් හිමිහිටය, හොරාටය.
තමන් හෙට කරන්න යන මේ වැඩය ගැන ලොක්කා තමන්ගේ හිතවත් සේවකයන්ට පමණක් දැන්වීමය. ඒ විතරක්ම නොව මේ වැඩේ ගැන කටේ බිම නොහෙලන ලෙස හිතවත් සේවකයන්ද පොරොන්දු කරවා ගැනීමය. මෙය දැනගත් මේ සේවකයන් තමන්ගේ ලොක්කා කැකිල්ලේ රජ්ජුරුවන් වන් කෙනෙකු යයි කීවේලු.
2025 දෙසැම්බර් මස 04
637
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
531
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්රී ලංක
2025 නොවැම්බර් මස 17
433
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ලොක්කාගෙන් කැකිල්ලේ දඬුවමක්