(තිහගොඩ උපසේන ලියනගම)
පහ වසරේ සිසුවකුගෙන් ගුරුවරිය විමසූ ප්‍රශ්නයට ලද අපූරු පිළිතුරක් නිසා එම ගුරුවරිය අන්ද මන්ද වීමේ පුවතක් පසුගියදා අසන්නට ලැබුණේ ඌව පළාතේ ප්‍රධාන පාසලකිනි.
සමාජ අධ්‍යයනය විෂය ඉගැන්වූ මේ ගුරුතුමිය බ්‍රිතාන්‍ය සමයේ රාජ්‍ය පරිපාලනය පිළිබඳව උගන්වමින් සිටි අවස්ථාවේ සිසුවකුෙගන් විමසුවේ උඩරට ගිවිසුම අත්සන් කළේ කවර වර්ෂයකදැයි කියාය.
ඔහු ‘‘දහ අටයි පහලොවේදී’’ කීවෙන් ගුරුතුමිය කීවේ ‘‘ඒ මොන අපබ්‍රංසයක්ද? එක්දාස් අටසිය පහළොවේදී කියල කිව්වේ නැත්තේ මොකද’’ කියාය.
මිස් ඒක අලුත් ක්‍රමයනෙ. දැන් විසිදහස් විස්සට, විස්සයි විස්ස කියනවා. විසිදහස් විසිඑකට, විස්සයි විසිඑක කියනවා. ඒ විදියට එක්දාස් අටසිය පහළොව නොවෙයි දහඅටයි පහළොව‘‘ සිසුවා කීවිට ගුරුතුමිය මඳක් සිනාසී ‘‘ඒකත් ඇත්ත, ලොකු උන් වැරදි කරන කොට පොඩිඋන් ඒක ආදර්ශයට ගන්නවායි තමාටම කියා ගත්තාලු.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ලොකු උන්ගේ අප්‍රබංශ පොඩිවුන්ටත් බෝවෙලා