කඹුරුපිටිය විශේෂ කේ. අජිත්
දකුණු පළාතේ පිටිසර ගමක වත්තක් මැද පිහිටි නිවසක ජීවත්වන කාන්තාවක රිළවුන් එළවා දැමීමට ගොස් සිදු වූ සිද්ධියක් පිළිබඳ අපුරු පුවතකි.
කලක සිට වන සතුන්ගෙන් සිදුවන නොයෙකුත් කරදර මෙන්ම අස්වැන්න විනාශ කිරීම නිසාද ජනතාව ඉතා අපහසුතාවට පත්ව සිටිති. මෙම කාන්තාවටද තම ප්රදේශය තුළ බහුලව සිටින රිළවුන් නිසා ගැටලු රාශියකට මුහුණදීමට සිදුවිය.
තම ගෙවත්තේ සිදුකරන වගා හානි නිසා සිත් තැවුලට පත්ව සිටි ඇය රිළවුන් එළවා දැමීමට නොයෙකුත් උපක්රම යෙදුවද එය නිෂ්ඵල විය. පසුගිය දිනෙක නිවෙසේ කිසිවෙකුත් නොමැති අවස්ථාවක වහලේ උළු කැට පොඩිකර කරන ලද විනාශය නිසා ඇය ඉතා කෝපයට පත් වූවාය.
දිනක් නිවෙසට පැමිණි පුද්ගලයෙකු කියා සිටියේ රිළවුන් බියකර පලවා හැරිය හැකි වෙස් මුහුණක් නගරයෙන් මිලදී ගත හැකි බවයි. එය පැලඳ කළු රෙද්දක් පොරවා ගත් විට රිළවුන් බියට පත්ව මොරදී පලා දුවන බවයි. මෙය ඇයට මහත් සතුටුදායක ආරංචියක් විය. පසුදාම නගරයට ගිය ඇය එම වෙස් මුහුණක් මිලදී ගත්තාය.
එදින නිවසට පැමිණෙන විටත් ගෙවත්තේ රිළවුන් රංචුවක් ගැවසෙනු ඇය දුටුවාය. ඉක්මනින් වෙස් මුහුණ පැලඳ කළු රෙද්දක් පොරවා මිදුලට බැස්සේ රිළවුන් බියට පත්වන අයුරු දැක බලා ගැනීමට හා තමාට සිදුව ඇති කරදරයෙන් මදක් හෝ සහනයක් ලැබෙන බව සිතාගෙනය.
එක්වරම දුටු මෙම අමුතු සතා නිසා නිවසේ වෙසෙන බල්ලා බියට පත්ව වේගයෙන් දුවවිත් ඇයගේ ඇඟට පැන්නේය. නොසිතූ මොහොතක සිදු වු දෙයින් කිසිවක් සිතා ගැනීමට නොහැකි වු ඇය කරකැවී ගොස් මල් පෝච්චියක්ද පෙරළාගෙන බිම පතිතවිය. කාන්තාවගේ කෑ ගැසීම නිසා බියට පත් වු බල්ලා දුවගිය අතර ඇය බොහෝ අපහසුවෙන් ගෙතුළට බඩගාගෙන පැමිණියේ නැගිට ගැනීමට අපහසු වු බැවිනි.
බල්ලා සපාකෑම නිසා බෙහෙත් විදගත් ඇය කකුලේ ඇති වු උළුක්කුවට දින කිහිපයක්ම වෙද ගෙදර යාමට සිදු වීමෙන් ගම පුරා මෙම පුවත ප්රචාරය වු අතර කකුලේ වේදනාවට වඩා සිතේ වේදනාව වැඩි වුයේ දකින අය රිළවුන් එළවීමේ වෙස් මුහුණ ගැන විමසීම නිසාය.
2025 දෙසැම්බර් මස 04
800
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
588
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්රී ලංක
2025 නොවැම්බර් මස 17
465
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
රිළවු පන්නන්න ගිහින් බඩගාගෙන එන්න වෙලා
රිතික් Thursday, 02 January 2025 02:07 PM
මෙම සිද්ධිය දැනගත් ගමේ කටකාර කොල්ලො කුරුට්ටන් ඇය පාරේ යනවිට "නැන්දේ රිලව් එලෙව්වාදැයි" අසනවිට ඇය හොඳ ලුණු ඇඹුල් ඇතුව ඔවුන් අමතනවාලු.