(උණවටුන - ඩී.ජී. සුගතපාල)
වේලාව සවස හයට පමණ ඇත. මාතර දෙස සිට කොළඹ දෙසට යාමට පැමිණි විදේශිකයන් ප‍්‍රවාහනය කරනු ලබන සුඛෝපභෝගී වෑන් රථයක් ආපසු හරවා ගාල්ල පලතුරු වෙළඳපොළ අසල නතර කළේය. රියැදුරා වාහනයෙන් බැස ගත්තේ පපුව අල්ලාගෙනය. ඔහු දැඩි පපුවේ වේදනාවකින් පෙළෙන්නට විය.
එතැනට රැස්වූ කිහිපදෙනකු ඔහුට ප‍්‍රථමාධාර දුන්හ. වෑන් රථයේ යතුරත්, මුදල් පසුම්බියත්, ජංගම දුරකථනයත් වෑන් රථය තුළ තිබෙන බව ඔහු පැවැසීය. ප‍්‍රථමාධාර දීමෙන් පසු ඔහු රෝහලට යැවීමට පිරිස කටයුතු කළහ.
ඔහුගේ ජංගම දුරකථනයේ තිබූ බිරිඳගේ අංකයට ද කතා කර සිද්ධිය කීවේය. එයට ටික වේලාවකට පසුව වෑන් රථයේ අයිතිකරු පැමිණියේය. ඔහු මහමෝදර පදිංචිකරුවෙකි. ඔහු වෑන් රථයේ දොර හැර එහි තිබූ මුදල් පසුම්බිය පරීක්ෂා කර බැලූවේය. අඩුම තරමින් එහි රුපියල් අට ලක්ෂ හාර දහසක් තිබිය යුතු බව ඔහු දන්නේය. එහෙත් සත පහක් නැත.
මෙම වෑන් රථය විදේශිකයන් ප‍්‍රවාහනය කරනු ලබන එකකි. ඔහු මෙසේ හදිසියේ අසනීප වී ඇත්තේ උණවටුනේ හෝටලයක සිටි විදේශික පවුලක් සමඟ සති තුනක සංචාරයක් සඳහා ගොස් පැමිණ ඔවුන් උණවටුනේ හෝටලයේ නවතා කුලිය වූ රුපියල් අට ලක්ෂ හාර දහසක් රැගෙන වාහනය අයිතිකරුගේ නිවෙසට යමින් සිටියදීය.
ඔහුට අසනීපයක් නොමැති බව පවසා පසුදින රෝහලෙන් ටිකට් කැපීමෙන් පසු පොලිසිය විසින් ඔහු අත්අඩංගුවට ගනු ලැබීය. ඔහු බණ්ඩාරවෙල ප‍්‍රදේශයේ පදිංචි තිස් අට හැවිරිදි පුද්ගලයෙකි. ඔහු සමඟ ගිය විදේශීය පවුල ද පොලිසියට පැමිණ කුලිය ලෙස රුපියල් අට ලක්ෂ හාර දහසක් දුන් බවට ලිඛිතව දුන්නේය. එම මුදල් බාරගත් බව ඔහු ද පිළිගත්තේය. එහෙත් මුදල් නැත.
අසනීප වූ අවස්ථාවේ එහි සිටි කෙනෙක් මුදල් සොරකම් කරන්නට ඇත යන අදහස අන් අය තුළ ඇති කිරීමේ බලාපොරොත්තුවෙන් කළ කපටි නුවණ වැරදී ගියේය. ගාල්ල පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක සුජීව සිල්වා, උපපොලිස් පරීක්ෂක පාලිත රාමසිංහ යන මහත්වරුන් විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලබන අතර සේවකයකුව සිටිමින් විශ්වාසය කඩකිරීමේ චෝදනාව යටතේ සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
මැතිවරණ ජය ලැබූ පසු දෙන්න සූදානම් කළ පාටිය බලු දානයක් බවට පරිවර්තනය වූ අපූරු කතාවක් දකුණේ ගමකින් පෙරේදා (6)අසන්නට ලැබුණි.
ඡන්දය දාන්න වයසක උන්දෑ කෙනකු රැගෙන යාමට පැමිණි ත්‍රිරෝද රථ රියැදුරෙකුට නාසයෙන් කෑල්ලක් දන් දෙන්න සිදුවූ ඇබැද්දියක් ඊයේ (6) ගාලු දිසාවේ ගමකින් අසන්නට
යතුරු පැදියේ ගැට ගසා තිබූ පඬුරෙන් තමන්ගේ යතුරු පැදියත් වැටෙන්න ගිය අලි අමාරුවෙනුත් බේරුණු අයෙකු පිළිබඳව අපූරු කතාවක් බලපිටියෙන් අසන්නට ලැබේ.
තනිකඩ වියේ පසුවන ගුරු මාතාවක මිලදී ගත් මෝටර් රථයක් මානසික සුවය පතා ගත් සැණින් විකුණා දැමු පුවතකි. සිද්ධිය ඇසෙන්නේ මහවැලි ජනපද ගම්මානයට අයත් ප්‍රදේශයක
ඉතා හදිසි රාජකාරියක් නිසා නෝනා යතුරු පැදියෙන් ගෙන යා නොහැකි යයි කියූ සැමියා තම හිතවතිය යතුරු පැදියේ දමාගෙන ගොස් අලි අමාරුවක වැටුණු කතාවක් ගාලු දිසාව
නිවසට සිඟමනේ පැමිණි කතකට පුතා උදව් උපකාර කළ අයුරු දැක මවුපිය දෙදෙනා නට්ටම් වූ පුවතක් කලාවැව අසල ගම්මානයකින් අසන්නට ලැබෙයි.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
රියැදුරුගේ උප්පරවැට්ටිය කැරකිලා තමන්ටම ඇවිත්
දාවිත් Thursday, 07 December 2017 03:27 PM
ගොඩනැගිල්ලක මිනිස්සු ටික මාරු කරලා වැඩ කරගන්න, හදාගන්න බැරි හාල්පාරුවන් ඉන්න රටේ සල්ලි කන නූගත් දේශපාලකයෙකුටද පක්ෂයක් බාර දීලා තියෙන්නේ?
දක්ෂිණ මාතරගේ Thursday, 07 December 2017 04:22 PM
දකුණේ අය කොහොමත් හරි කපටියි.
Nerid PereraFriday, 08 December 2017 06:06 PM
නියම කතාව.. බණ්ඩාරවෙල කියලා ලියලා තිබ්බ එක කියවන්න බැරිතරම් මෝඩයිද ඔයා?
SenarathSunday, 10 December 2017 03:40 AM
දකුණේ මිනිස්සු නිසා තමයි, කොටියාගෙන් රට බේරුනේ. යුද්ධේ බර කරට ගනිපු ප්‍රධානියෝ මහින්ද මහත්තයා, ගෝටාභය මහත්තයා, ෆොන්සේකා මහත්තයා මේ ඔක්කොම දකුණේ. ඒ වගේම මුළු රටේම සෑම අතින්ම යුද්දෙට දායකත්වය දීපු සෑම නිලදාරියෙක්ම, සොල්දාදුවෙක්ම අපේ හිත්වල මැරෙනකම්ම තියෙනවා.
bandara Saturday, 09 December 2017 12:38 AM
ඔහු බණ්ඩාරවෙල ප‍්‍රදේශයේ පදිංචි තිස් අට හැවිරිදි පුද්ගලයෙකි.