IMG-LOGO

2025 ඔක්තෝබර් මස 30 වන බ්‍රහස්පතින්දා


රාත්‍රියේ ඇදුණු කෝටි ගාණක ලොතරැයිය උදේ පැරදිලා

(ගලහ ඩබ්ලිව්.ඒ. අසේල)
කෝටි ගණනක දිනුම් ඇදී ඇති බවට රැවටී ත්‍යාග මුදල ලබා ගැනීමට කොළඹ යෑමට පවුලක් රෑ නිදිවරා සූදානම් වී කලබල වූ සිද්ධියක් මහනුවර ගලහ ප්‍රදේශයෙන් වාර්තා වේ. 


මැදිවියේ පසුවන මේ ගෙදර ගෘහ මූලිකයා දිනපතා වැඩ නිමවී නිවසට එන අතර ආසන්නයේ ඇති  කඩපිලේ ලොතරැයි කූඩුවෙන් ලොතරැයි ගැනීම දින චරියාව කරගෙන සිටියේය.


එසේ ගනු ලබන ටිකට් පත්වල අංක වෙනත් කොළයක ලියාගෙන ලොතරැයි පත පරෙස්සමට අල්මාරියේ තබා රාත්‍රි රූපවාහිනියේ පෙන්වන ලොතරැයි අංක සමග ගලපා දිනුම් ඇතිදැයි පරීක්ෂා කිරීම ඔහුගේ තවත්  පුරුද්දකි. 


පසුගිය සතියේ දිනකද සුපුරුදු පරිදි ලොතරැයි අංක වෙනත් කොළයක ලියා රූපවාහිනියෙන් දිනුම් අදින අංක නැරඹීමට සැරසෙද්දී  නිවසට අසල්වැසියකු පැමිණ ඇති අතර, ඔහු සමග කතා කිරීමට අවශ්‍ය නිසා ඔහු කුඩා දරුවෙකුට අංක ලියා ගන්නා ලෙස පවසා අසල්වැසියා සමග සතුටු සාමිචියේ යෙදී ඇත්තේ අසල් වැසියා ගෙනා මධු විතක්ද තොල ගාමිනි.


අසල්වැසියා ගිය පසු දරුවා විසින් ලොතරැයි අංක ලියූ  කඩදාසිය යැයි සිතා තමා විසින් ලොතරැයි පත්වල අංක ලියා ගත් කඩදාසි කැබැල්ල කාමරයට රැගෙන ගොස් අල්මාරියේ ඇති ලොතරැයි පතේ අංක සමග සසඳද්දී අංක සියල්ල හා සලකුණු සියල්ලම ගැලපී ඇති බැවින් ලොතරැයියේ ප්‍රථම ත්‍යාගය දිනා ඇති බවට කෑ ගසා නිවැසියන්ට කියා ඇත.  ඉන් පසු නිවසේ සියලු දෙනා හා ළඟම ඥාතීන් කිහිපදෙනෙකු එක්වී පසුදා දිනුම ලබා ගැනීමට යන හැටිත්, ලැබෙන මුදලින් කරනු ලබන දේ හා දරු මුණුබුරන්ට ලබාදෙන මුදල් ප්‍රමාණයද තීරණය කර මුළු රාත්‍රියම නිදිවරා තවත් සැලසුම් සකස් කරමින් පසුවදා උදෑසන කොළඹ යෑමට සූදානම් වූහ.


ඔවුන්ගේ හිතවත්ම පුද්ගලයකුට රාත්‍රි දුරකතන ඇමතුමක් දී කොළඹ යාමට වාහනය උදේම රැගෙන එන ලෙස ද පවසා ඇත.  උදෑසන නිවසේ මේසය මත තිබූ දරුවා විසින් දිනුම් අංක ලියූ කොළ කැබැල්ල අතට ගත් මෙම පුද්ගලයාගේ බිරිය නැවත වරක් ලොතරැයි බැලීමේදී අංක නොගැලපෙන නිසා ස්වාමියාට මේ බව පවසා ඇති අතර, රාත්‍රී මධුවිත තොලගෑමෙන් සිදුවූ අකරතැබ්බය තමාට වැටහී කරකියා ගත හැකි දෙයක් නොමැතිව දවස පුරා කාමරයට වී නිදාගෙන ඇත. 

 



අදහස් (1)

රාත්‍රියේ ඇදුණු කෝටි ගාණක ලොතරැයිය උදේ පැරදිලා

andare Thursday, 07 January 2021 08:44 AM

එවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි.

:       0       15

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1653 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1401 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 500 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site