IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


රට වැසූ දා හොරාකන්න ගිහින් කණුවේ බැඳලා

 (කරන්දෙණිය – එම්. සුසිල් ප්‍රියන්ත)
 රට වැසීම ප්‍රකාශයට පත් කිරීමත් සමඟම වෙළෙඳසලේ ඇතිවූ තදබදයෙන් හොරා කෑමට දෙවැනි වරත් ගිය අයකුට දින නියමයක් නැතිව නිවසේ නිරෝධායනයට ලක්වීමට සිදුවූ අපූරු පුවතක් අපේ පළාතෙන් අසන්නට ලැබේ.


 වැඩිවෙමින් පවතින කොරෝනා ව්‍යසනය හමුවේ රජය දින දහයකට රට වසන බව දැනුම් දුන්නේ ගිය සතියේ සිකුරාදා පස්වරුවේදීය. ඒ සමගම නගරයේ මෙන්ම ගමේ ගොඩේ වෙළෙඳසල් ද ජනයාගෙන් පිරීයාමට පටන් ගත්තේය. ඒ රට වැසූ දින දහයට අවශ්‍ය අඩුමකුඩුම ලබාගැනීමට ය.


 මේ අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගැනීමට සිතූ කතානායකයා තෝරා ගත්තේ ඒ අවස්ථාවේදී ඇඟිල්ලක් ගැසීමටවත් ඉඩක් නැතිව ජනයාගෙන් පිරී තිබූ නගරයේ වෙළෙඳසලකි. එහිම වූ මල්ලක් ගෙන භාණ්ඩ රැසක් පුරවාගත් ඔහු මිල ගෙවන පෝලිමේ රැඳී හුන්නේය. ඒ එක්කම “ආ මට අමතක වුණා. අපේ නෝනා කිව්වානේ කොත්තමල්ලිත් ගේන්න කියලා” යයි කියමින් ඔහු අනෙක් අයට ද කියා එතනින් පැන කොත්තමල්ලි පැකට්ටුවකුත් ගෙන යළිත් මිල ගෙවන පෝලිමට නොගොස් එතනින් මාරු වී ආවේය.


 මේ අවස්ථාවෙන් යළිත් ප්‍රයෝජනයක් ගැනීමට සිතූ ඔහු තමා ගත් භාණ්ඩ නගරයේ දන්නා හඳුනන නි​ෙවසක තබා එම වෙළෙඳසලට යළිත් ගියේ එහි තත්ත්වය කෙසේද යන්න නිරීක්ෂණය කිරීමටය. ඒ අවස්ථාවේදී තමා කලින් බඩු ලබාගන්නා අවස්ථාවට වඩා දෙගුණයක් සෙනඟ සිටිනු දුටු ඔහු යළිත් එම වෙ​ෙළඳසලට ගොඩවූයේ නැවතත් හොරා කෑමටය.


 ඔහුගේ දෙවැනි ප්‍රයත්නය නිමවූයේ වෙළෙඳසලේ සේවකයකු ඔහු ගැන ඇහැ ගහගෙන සිටීම හේතුවෙනි. කරුණු කාරණා වෙළෙඳසල් හිමියා ඇතුළු පිරිසට ඒත්තු ගියේය. ඔහු කලින් හොරාට ගත්තු බඩු මල්ලයි දැන් ගත්තු බඩු මල්ලයි එක්ක වෙ​ෙළඳසලේ ඉදිරිපිට කණුවක ගැටගැසුවේ වෙ​ෙළඳසලේ වෙළඳ‌ාම ද තාවකාලිකව නතර කර දමමිනි. ඒ අන් අයටද එමගින් ආදර්ශයක් ලබාදීමටය.


 කණුවේ දිගෑලිවී ලජ්ජාවෙන් සිටි ඔහු නිදහස් කෙරුණේ මේ පිළිබඳ ආරංචිය දූ දරුවන්ට ද සැලවී ඔවුන් පැමිණ වෙළෙඳසලේ මුදල් ගෙවීමෙන් අනතුරුවය. ඒ වනවිට මේ සම්බන්ධයෙන් ගම දැනුවත් වී තිබුණේ ඔහුට නි​ෙවසින් එළියටවත් බැසීමට නොහැකි ආකාරයට නිරෝධායනයට ලක්වූවා මෙන්ය. ඔහුගේ මේ නිරෝධායන කාලය තීරණය වී ඇත්තේ ඔහු අතේය.

 



අදහස් (0)

රට වැසූ දා හොරාකන්න ගිහින් කණුවේ බැඳලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 101 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 36 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 738 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site