අවුරුදු පනස් පහක් වයසැති කුස්සි අම්මා සේවය කළේ විදේශිකයකුගේ නිවසේය. ඇය සේවයට පැමිණෙන්නේ යතුරුපැදියෙනි. අලුතින් පැමිණි ආරක්ෂක නිලධාරියා ඇමතූ ඇය ‘‘එස්.ඕ. වැරැද්දක් කළොත් මට පුළුවන් ඔයාව අස් කරන්න’’ යැයි කීවාය. ‘‘තේරුණා මිස්’’ ආරක්ෂක නිලධාරියා කීය. ‘‘මිස් නෙවෙයි මට මැඩම් කියන්න’’ ඇය පැවසුවාය. ආරක්ෂක නිලධාරියා සිනහව නවතා, ‘‘එසේය මැඩම්’’ යැයි පැවසීය. ‘‘එසේය කිව්වේ’’ ඇය විමසූ අතර ‘‘එසේය කීවේ ඔව් කියන එකටයි මැඩම්. අපේ පරම්පරාවත් රජ පරම්පරාවක්. රාජසිංහ රජ්ජුරුවොත් අපේ නෑයෙක්. මගේ වාසගමත් රාජසිංහ’’ ඔහු ඇද බෑවේ කෙප්පයකි.

මෙසේ මාසයක් ගතවිය. දිනපතා හිස් අතින් පැමිණෙන කුස්සි අම්මා මලු පුරවාගෙන ආපසු යෑම ආරක්ෂක නිලධාරියාට ගැටලුවකි. දිනක් ඇය මලු දෙක පුරවාගෙන යතුරු පැදිය අසලට පැමිණියාය. දුරකතන ඇමැතුමක් ලද ඇය මලු දෙක බිම තබා නිවස තුළට පිවිසියාය.
ආරක්ෂක නිලධාරියා ක්ෂණිකව මලු දෙක පරීක්ෂා කළවිට දුටුවේ කිරිපිටි, සීනි, සහල්, බටර් යනාදිය එහි ඇති බවය. හෙතෙම තම ස්මාර්ට් දුරකතනයෙන් ඒවා ඡායාරූප ගත කළේය. ඇය පැමිණ මලුද රැගෙන පිටව ගියාය. ආරක්ෂක නිලධාරියා තම ප්‍රධානියාට ඡායාරූප ‘වට්ස් ඇප්’ කළේය. ප්‍රධානියා විදේශිකයා දැනුවත් කළ අතර ඔහු ආරක්ෂක නිලධාරියාට ස්තුති කර කුස්සි අම්මා නැවත මලු රැගෙන යනවිට තමාට දන්වන්නැයි පැවසීය. පසු දිනද කුස්සි අම්මා මලු දෙක පුරවාගෙන පැමිණියාය.‘‘මිස් මොනාද මේ?’’ ආරක්ෂක නිලධාරියා විමසීය.
‘‘තමුසෙ මට මිස් කිව්වා නේද හෙට තමුසෙව අස් කරනවා’’ ඇය කෝපයෙන් පැවසුවාය. ‘‘ඒවා හඳේ’’ යැයි පැවසූ ආරක්ෂක නිලධාරියා විදේශිකයා ඉදිරියේ මළු පරීක්ෂා කළේය. විදේශීය මත්පැන්, දුම්වැටි, පැස්ටා පැකට් මලු තුළ විය. කොළඹ නගරයේ සිදුවූවකි.
ක්‍රිස්ටෝපර් සීපියන්
අනුරාධපුරය.
2025 දෙසැම්බර් මස 16
57
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
852
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
612
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
රජ පෙළපතේ ආරක්ෂකයාගේ උගුලේ ‘මැඩම් කුස්සිඅම්මා’ හිරවෙලා