කලවාන - උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම
ගම්මානයක කලක සිට සිදු වූ කුකුළු හොරකම ජංගම දුරකථනය නිසා අසුවූ අපූරු පුවතක් සබරගමුව පළාතේ එක්තරා ගමකින් වාර්තා විය.
සිද්ධිය මෙසේය.
අවුරුදු තිහක්, තිස් පහක් පමණ වන ඔහු ගමේ වැදගත් තාලයට ජීවත් වූවත් හොරකම, කපටිකම උපන්ගෙයි පිහිටා ඇත්තෙකි. එහෙත් ගම්වැසියන් ඔහු හොරෙකු බව නොදන්නා අතර, ගමේ සිදුවන පොල්, පුවක්, කුකුළන් හොරකම් පිළිබදව ඔහු ගම්වාසීන්ට කලින් සොයා බැලීමට ඉදිරිපත් වෙයි.
මුහුණු පොත හරහා අනුන්ට ධර්මයෙන් උපදෙස් දෙන පුද්ගලයකු ලෙසද ඔහු සමාජ මාධ්‍ය තුළ ප්‍රචලිතය. තදින් මතට ඇබ්බැහි වී සිටින ඔහු පදමට සූර් වූ පසු මසට ගැනීම සඳහා ගමේ කුකුළු කොටුවලට ගම්වාසීන්ට හොරෙන් රාත්‍රී කාලයේ රිංගයි.
කෙසේ වෙතත් ඔහුගේ බිරිඳ මේ පිළිබඳව දැන සිටියත්, එය රහසක් ලෙස තබාගෙන ඇත්තේ ඔහුට හොරකම නිසා ලැබෙන දඬුවමට වඩා සමාජයෙන් හොරකු ලෙස පවුලම හංවඩු ගැසෙන බැවිනි.
සිද්ධිය වු දිනය දා රාත්‍රීයේ ඔහු සුපුරුදු පරිදි සූර් වී කුකුළු හොරකමේ ගොස් ඇති අතර නිවැසියන්ට හොරෙන් කුකුළකු හොරෙන් රැගෙන සිය නිවසට පැමිණ ඇත. එම නිවසේ සිට ඇත්තේද එම කුකුළා වන අතර, අනෙකුත් කුකුළන් අවස්ථා කිහිපයකදී රාත්‍රී කාලයේ අතුරුදන්ව තිබේ.
කෙසේ වෙතත් උදෑසන කුකුළා හඬලන ශබ්දය වෙනුවට ජංගම දුරකථනයක් හඬලන හඬ ඇසී නිවසියන් කුකුළු කොටුවට ගොස් ඇත.
කුකුළු කොටුව පරීක්ෂා කිරීමේදී කුකුළා අතුරුදහන් වී ඇති අයුරුත්, රුපියල් තිස් දහසක් පමණ වටිනා ජංගම දුරකථනයක් නාද වෙමින් එහි තිබෙනු නිවසියන් දැක තිබේ. පැමිණි ඇමතුම ඔස්සේ දුරකතනය කාගේද යැයි හඳුනාගෙන නිවසට යන විටත් කුකුළා මස් කරමිනි සිටි ඔහුට කරකියා ගත නොහැකිව දෙවියන් සිහිපත් වී ඇත.
පසුව එම නිවැසියන් මේ සම්බන්ධව පොලිසිය දැනුවත් කර ඇති අතර, පොලිසිය ඔහු කුකුළු හොරකම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත.
2025 දෙසැම්බර් මස 04
691
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
449
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
“රිඟින් ටෝන්“ එකෙන් කුකුළු හොරා අහුවෙලා