IMG-LOGO

2025 ඔක්තෝබර් මස 19 වන ඉරිදා


රෑ බදුල්ලාට බියවී මනාලිය පෝරුවෙන් පැනලා

සිරිත් විරිත්වලට අනුව මංගල චාරිත්‍ර සිදු කරන අතරවාරයේ දී මනාලිය මඟුල් පෝරුවෙන් පැන අම්මාගේ කරේ එල්ලී හඩා වැලපුනු පුවතක් හස්ති ශෛල පුරවරයෙන් අසන්නට ලැබුණි.
ගම්බද පෙදෙසක හැදුනු වැඩුණු තරුණ කාන්තාවකි. ඇය පෞද්ගලික ආයතනයක සේවය කරයි. පැහැයෙන් ලස්සන නිසා ඇයගේ අත ගන්නට රාජ්‍ය සේවයේ නියැළෙන තරුණයකු පැමිණියේය.
ඒ සදහා දෙපාර්ශවයේම අය කැමැති වූහ. මනාලයා දුර පළාතක සේවය කරන නිසා ඔහු ස්ථාන මාරුවක් ලැබ ගන්නා තෙක් මංගල්‍යයද පමා කළේය.
කෙසේ හෝ ඔහු ස්ථාන මාරුවක් හදා ගත්තේ මංගල්‍යය ඉක්මනින්  සිදු කිරීම සඳහා ය. ඒ අනුව මඟුලට දින වකවානු ළඟා වුණි.
මනාලයා වයඹ පළාතේ නගර බද පෙදෙසක සිට ගැමි පෙදෙසක පිහිටි හෝටලය කරා තම පවුලේ උදවිය හා හිතවතුන් කරා පැමිණියේය.
මංගල්‍යය ජයටම ඉහළින් සිදු වෙයි. එය බලන්නට මනාලිය සේවය කරන ආයතනයේ හිතවත්හු හා හිතවතියෝ ද එක්ව සිටිති.


මංගල පෝරුවේ නැකැත් කාලය උදා වුණි. ජය මඟුල් ගාථා හා අෂ්ඨක කීමෙන් අනතුරුව දෙපාර්ශවයේම අය බුලත් අත් දෙමින් යුවළට සුබ පතති.
එලෙස සුබ පතනා අතරේ ආයතනයේ පිරිස්ද මනාලියට බුලත් අත් දෙන්නට පෙළ ගැසුණි.
එක් හිතවතකු බුලත් අතක් ඇය අත තබනවාත් සමගින් මනාලිය මර ලතෝනි තබමින් එහි අවට දල්වා තිබු පහන් ආදිය ද පෙරළාගෙන මඟුල් පෝරුවෙන් බිමට පැන්නාය.
සිදු වූ දේ තේරුම් ගන්නට බැරිව රැස්ව සිටි පිරිස් එහේ මෙහේ බැලුව නමුත් කිසිවකුටත් කිසිවක් අදහා ගන්නට බැරිවිය. 
ඇය නොනවත්වා තැති ගැස්මෙන් යුතුව අම්මාගේ කරේ එල්ලී කිසිත් කියාගත නොහැකිව පෝරුව දෙස බලමින් දෙගිඩියාවෙන් යුතුව පසුවිය.
මඟුල් පෝරුවේ වහළය අසල  සිටි සතකු දැක ඇය බියට පත් වෙලාය.
ඇය කුඩා කාලයේ සිටම මෙම සතාට පුදුමාකර බියකින් පසුවෙනවාය. ඒ කන මැදිරි වර්ගයකට අයත් රෑ බදුල්ලෙකි.
මඟුල් පෝරුවේ චාරිත්‍ර සිදු වෙන අතරවාරයේ එම සතා මඟුල් පෝරුවේ ඇතුළත වහලය උඩ සිටින අයුරු ඇය නෙත ගැටුණාය.
එහෙත් සිරිත් විරිත්වලට අනුව සියල්ල කරන්නට ඉඩ දී කිසිවක් නොකියා ඒ දෙස බලා සිටියාය.
ඇය සියලු දෙනාට බුලත් අත් දී සුබ පතනා විට  එම සතා සිටි තැනින් ඉවත්ව ඇය සිටින දෙසට ළඟා වෙන අයුරු දැක බියට පත් ඇය මඟුල් පෝරුව අතරින් බිමට පැන්නාය. සිද්ධිය වටහා ගත් පිරිස එම සතා එතැනින් ඉවත් කොට ඇයව නැවත මඟුල් පෝරුව මතට නංවා නැවතුනු සුබ පැතීම එතැන් සිට දියත් කළත් ඇය තැති ගැස්ම ඒ වනවිටත් නැවතී තිබුණේ නැතිලු.

 



අදහස් (0)

රෑ බදුල්ලාට බියවී මනාලිය පෝරුවෙන් පැනලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1039 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1076 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 415 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site