IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


රෑ ගෙදරට ආ බෑනා හොරෙක් කියා පොලිසියට අල්ලා දීලා

හක්මණ විශේෂ - දෙනගම යසන්ත ආරියසේන
නිවෙසින් බැහැරට ගොස් රාත්‍රී කාලයේ නැවත පැමිණි දියණියගේ සැමියා හොරකු යැයි කෑගසා පොලිසියට අල්ලා දුන් නැන්දණියක පිළිබද අපූරු කතාවක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තා වේ. 
රූමත් දියණියක සිටින මැදිවිය පසුකරමින් සිටි අඹුසැමි යුවළකි. බිරිඳ නිවෙසේ සියලු කටයුතු පාලනය කළාය.
දියණිය පාසලට සහ උපකාරක පන්තිවලට යන එන  සෑම අවස්ථාවකම මවද ඇය සමග ගියාය.
මාර්ගගත ක්‍රමයට අධ්‍යාපන කටයුතු සිදුකිරීමට යැයි දියණියට නවීන ජංගම දුරකතනයක්ද මවුපියෝ ගෙනවිත් දුන්හ. 


විභාගය අවසන් වී සතියක් පමණ ගතවූ පසු දියණිය තරුණයකු සමග පැනගොස් අගනුවර ප්‍රදේශයේ ජීවත් වූ අතර මාස කිහිපයක් ගතවීමත් සමග තරුණිය සැමියා සමග නිවෙසට පැමිණියාය.
බිරිඳගේ මහගෙදර පදිංචියට පැමිණි තරුණ යුවළ මව්පියන් සමග සතුටින් ජීවත් වූ අතර තරුණ සැමියාට ප්‍රසිද්ධියේ නිවෙසින් බැහැරට යාමෙන් වැළකී සිටින ලෙස නැන්දණිය උපදෙස් දී තිබූ නිසා අසල් වැසියන් සහ ප්‍රදේශවාසීහු ආගන්තුකයා පිළිබඳව වැඩි දෙනෙක් දැන නොසිටියහ.
නිරන්තරයෙන්ම වාගේ සවස් කාලයේ නිවෙසින් පිටව යන තරුණ සැමියා රාත්‍රී කාලයේ නිවෙසට පැමිණියේය. සැමියා පිළිබද තොරතුරු ගමේ අයට හෙළිවේ යැයි බියට පත්ව තරුණ බිරිය සැමියාගේ ගමන් බිමන් වලට නිතරම විරෝධය පළ කරමින් සැමියා පිළිබද සැලකිලිමත් වූවාය.
ඒ මොනවා වුණත් තරුණ සැමියාගේ රෑ ගමන් නතර වන පාටක් නොවිණි.
එක් දිනක් නිවෙසින් පිටතට ගොස් සිටි තරුණ සැමියා රාත්‍රී කාලයේ පැමිණියේය. බිරිඳගේ නොසැලකිලිමත් බවට උරණ වී නැන්දම්මා ඇයට බැණ වදිමින් දැඩිව දෝෂාරෝපණය කරන්නට වූවාය. තරුණයාද විවිධ දේවල් මේ අතර පවසන්නට වූ අතර අන්තිමේදී නැන්දම්මා  බෑනාට බැන වදිමින් සොරෙක් පැන්නා යැයි විලාප තැබුවාය.


කාන්තාවගේ කෑගැසීම නිසා අසල්වැසියන් පැමිණ නිවෙසේ සිටි තරුණයා සොරකු යැයි සිතා පොලීසියට බාරදුන්නේ හොඳවායින් දෙක තුනක්ද අනිමිනි.
පොලිසියට රැගෙන ආ තරුණයට පොලිස් කුඩුවේ ලගින්නට සිදුවූ අතර නැන්දම්මා මෙන්ම බිරියටද කරන්නට දෙයක් නොවීය. පසුදින සිද්ධිය විමර්ශනයට ලක්කළේය.
නිවෙසේ සිටි තරුණයා සොරෙකු නොවන අතර තරුණියගේ සැමියා වන බවත් පවුල් ආරවුලක් හේතුවෙන් බොරු චෝදනාවක් කර ඇති බව හෙළිවිය. තරුණියත්  තරුණයාත් අඹුසැමියන් ලෙස ජීවත් වුවත් ඔවුන් නීත්‍යනුකූලව විවාහ වී නොමැති බවත් විමර්ශනයේ දී අනාවරණය විය.
 පොලිසිය සියලු දෙනාට තරයේ අවවාද කරමින් පිරිස මුදාහළ අතර තරුණ සැමියා බිරිඳ හැර දමා ගෙදර ගියේ යළි කෙදිනකවත් පැත්ත පළාතක පස් නොපාගන බව පවසමිනි. 
දින කිහිපයක් ගතවන විට සිද්ධිය ගම පුරා පැතිර ගිය අතර හොරු පැමිණ රැගෙන ගියේ මොනවාදැයි ගමේ තරුණයන් විමසීම නිසා තරුණිය සහ මව ප්‍රසිද්ධියේ ගමන් බිමන් යාමෙන් වැළකී සිටින බව ද සැලවේ.   



අදහස් (0)

රෑ ගෙදරට ආ බෑනා හොරෙක් කියා පොලිසියට අල්ලා දීලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 24 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 118 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site