ෆාමසිය විවෘත කළා පමණි. අති සුඛෝපභෝගි රථයකින් පැමිණි මහතෙක් බෙහෙත් තුණ්ඩුවක් කවුන්ටරයේ සිටි තරුණියට දී ‘‘මේ බෙහෙත දෙන්නැයි’’ පැවසීය.
ඇය බෙහෙත දුන් විට හෙතෙම රුපියල් දහසේ නෝට්ටුවක් දිගු කළේය.
‘‘අනේ සර් දාහක් මාරු කරන්න නම් නැහැ. ගාන රුපියල් විස්සයි’’ ඇය පැවසුවාය.
‘‘අනේ ළමයෝ මා ගාව තියෙන්නේ ඔක්කෝම දාහේ කොළ. මට මේ බෙහෙත උදේට බොන්නත් ඕනේ’’ මොකද දැන් කරන්නේ යනුවෙන් විමසූවිට ඇය පැවසුවේ ‘‘සර් කොහෙන් හරි මාරු කරන් එන්න මම බෙහෙත අරන් තියන්නම්’’ යනුවෙනි.
‘‘මම මේක කොහෙන් මාරු කරන්න ද අනෙක උදේම නේ’’ මහතා පැවසූ විට එතැනට පැමිණි සේවක තරුණයෙක් ‘‘මොකක්ද ප‍්‍රශ්නෙ’’ යනුවෙන් විමසීය. තරුණිය කාරණය පැවසුවාය. එවිට ඔහු
‘‘සර් බෙහෙත අරන් යන්න මේ බෙහෙත උදේම ගන්නත් ඕනේ’’ සල්ලි පස්සේ දෙන්න යැයි පවසා ඖෂධය දීමට කටයුතු කළේය.
අනේක වාරයක් ස්තුති කළ මහතා පිටව ගියේය. පැයක් ඇතුළත ඔහු පැමිණ තරුණයාට රුපියල් විස්සදී රුපියල් දහසක්ද තරුණයා අත තබා ‘‘මේක මට බෙහෙත ගන්න උදව් කළාට’’ යැයි පවසා වාහනයට ගොඩවිය. එතැන සිටි පුද්ගලයෙක් ‘‘ඔය මහත්තයා ගොඩක් මහන්සියෙන් දියුණු වුණ කෙනෙක්. දැන් කෝටි පතියෙක්.’’ යැයි පැවසීය. බෙහෙත නිකුත් කළ තරුණියට එය ඇසී ‘‘අපරාදේ මට උදේ බෙහෙත් ටික දෙන්න තිබුණේ එහෙනම් රුපියල් දාහ මටනේ’’ යනුවෙන් ශෝකයෙන් පැවසුවාය.
(ක‍්‍රිස්ටෝපර් සීපියන්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය මහත්තයට තිබුනේ ඒ ගැණු ළමයට රුපියල් 1000 ම දීල ගිහින් ඇවිත් උදේට ඉතුරු සල්ලි ඉල්ලා ගන්න. ඒ ළමයට රුපියල් 20 වටිනවා ඒ මහත්තයට රුපියල් 20000 ටත් වඩා.. දුප්පත් මිනිසුන්ට මොලේ නැහැ කියන්න එපා. (අ)
ගැහැනුන්ගේ හැඳි මිටේ මොලේ වැඩි කරන්න ක්‍රමයක් තියනවද ? (නදී)
මේ කෝටිපතියාගේ ක්‍රියාවට වඩා මා නම් අගය කරන්නේ ෆාමසි සේවකයාගේ කාරුණිකභාවයයි. ඔහුගේ කාරුණික හදවතට දැනුනා රෝගියාගේ අවශ්‍යතාවය. මේ සටහන ද ඔහුට උපහාරයක් වේවා!
මාත් හිතුවේ අනිල් හිතපුදේමයි.ඔය මහත්තයා ඔය කියන තරම් සල්ලිකාරයෙක් නම්,අසරණ ගැහැණු ළමයාට රුපියල් 1000ම දීලා බෙහෙත් ටික අරගෙන, පස්සේ ඉතිරි සල්ලි ටික ගන්න තිබුනා. නැත්නම් එම ළමයාටම ඉතුරු සල්ලි ටික තියාගන්න කියලා කියන්න තිබුනා.මම එයා නම් කරන්නේ ඕක තමයි. (නි)
දිලුපා කියපු එක හරි. මට පස්සේ තමයි තේරුනේ. ගැහැණුන්ගේ හැඳි මිටේ මොළේ නිසාම වෙන්න ඇති මට එයා කියපු එක ඒ වෙලාවේ තේරුනේ නැත්තේ. (නි)
ඒ නංගිට පස්සේ දුකහිතෙන්න ඇති (නි)
මමත් දවසක් එංගලන්ත ජාතික තරුණයෙකුට ලංකාවෙන් සල්ලි ගන්න බැරුව ඉද්දි මගේ වියදමින් අපේ රටේ ගොඩක් තැන පෙන්නුවා. සීගිරිය, පින්නවල, දවස් දෙකක ආහාර වගේ ගොඩක් දේවල් කළා. පස්සේ මගේම ෆෝන් එකෙන් එයාගේ තාත්තට කතා කරලා ක්‍රෙඩිට් කාර්ඩ් එක හදාගෙන මට මගේ සල්ලිත් දීල අපේ ගෙදර ඇවිල්ල අපේ විදියට කෑමත් කාල, ගොඩක් ස්තුති කරලා වෙනම ලොකු මුදලකුත් දීල ගියා. අදටත් මම මිස් කෝල් එකක් කලාම එයා මට කතා කරනවා. සහෝදරයා කියල තමයි මට කියන්නේ. මේවගේ එකිනෙකාට උදව් කරගන්න. (බ)
මම ඉන්න රටේ,පොඩි කඩයකට ගිහින් භාණ්ඩයක් මිළදීගෙන පැන්සයක් දෙකක් අඩුවුණොත් කඩකාරයා බොහෝවිට පසුව ගතහැකියි කියා කිව්වත්,ලොකු සුපර් මාකට් එහෙකට ගොඩවෙලා පැන්සයක් අඩුවුණත්, පෝලිමේ කොපමණ සෙනඟ බලා හිටියත් එය දෙනතුරුම වෙළඳසැළේ සේවිකාව හෝ සේවකයා බලාසිටිනවා.එය දීමට ලොකු නෝට්ටුවක් දුන්නොත් එය අරගෙන මාරු සල්ලි පොදියක් දෙනවා.එම සේවකයෝ නීතියට බැඳී වැඩ කරන නිසාවෙනුයි.ෆාමසියේ වැඩකළ දෙන්නාම හොඳයි.එු වුණත් ගැහැණියක් තවත් ගැහැණියක්ව හැඳි මිටේ මිම්මෙන් මැනපු එක ගැන නම් මගේ හිතේ තියෙන්නේ කණගාටුවක්.... (නි)
අසංග,එතකොට අපි හැමෝටම ජීවය දුන්නෙත් කාන්තාවක් නේද? (නි)
සේවකයා මහතා කෙරෙහි විශ්වාසය තබා බෙහෙත් දුන්නා. මහත්තයා. ඒ විශ්වාසය කඩ නොකර මුදල් ගෙන දුන්න විතරක් නොවෙයි තමා කෙරෙහි තැබූ විශ්වාසයට රුපියල් දාහක් දුන්න. මෙතන මුදලට වැඩිය ඇගයිය යත්තේ එකී නෙකා කෙරෙහි තැබූ විශ්වාසයයි අවංක කමයි. (නදී)
මම ලංකාවේ ආයතනයක වැඩකරන කාලයේ මගේ සහායක තනතුරු වල තරුණියන් දෙදෙනෙක් වැඩ කළා. එක තරුණියක් ආයතනයේ කාටවත් නොදන්වා ඉහළ මට්‌ටමේ විවාහ උත්සවයක් ගත්තා. අනෙක් තරුණිය අප හැමටම ආරාධනා කර සාමාන්‍ය මට්‌ටමේ විවාහ උත්සවයක් ගත්තා. එම උත්සවයට මම රැගෙන ගිය වටිනා ත්‍යාගය කුමක්දැයි මගෙන් අසා දැනගත් මුල් තරුණිය "අපරාදේ මම සර්ට මගේ වෙඩින් එකට ඉන්වයිට් නොකළේ " කියා කිව්වා. (නි)
සුබෝදිනී හැඳි මිටේ කතාවට දුක්වුණත් ඇත්ත ඒක (නි)
ඒ තරුණිය තමන්ගේ වැටුපෙන් පවුලක්ම නඩත්තු කරනවා ඇති. එහෙමත් නැත්නම් මේ වගේ බොහෝ දේවල් වලින් පාඩු ලබල ඇති. අද සල්ලිකාරයෝ වගේ ඇවිත් කරන දේවල් දිහා බැලුවම ඒ තරුනියටත් වරදක් කියන්න බැහැ ඒ මහත්මය හොද නිසා මුදල් දුන්න. එහෙම නැත්නම් බෙහෙත් දීපු ළමයාගේ පඩියෙන් ඒ මුදල ගෙවන්න වෙනවා.(නදී)
අදකාලේ නං නාඳුනන මහත් හොරු කරන වංචාවල් ගැන හිතද්දී සේවිකාව පැත්තෙන් සාදාරණයි. නැත්නම් හවසට මුදල් බාර දෙද්දී අතින් නේ දාන්න වෙන්නේ. එ්ත් මහත්මයාගේ නියම මහත්ම ගතියටත් සේවකයාගේ ථානොචිත ක්‍රියාව ගැනත් අපි සැවොම ගරුකළ යුතු වෙනවා. (නදී)
නියම මිනිස්සු (නදී)
ඒ ළමය මොනා කරන්නද. රුපියල් විස්ස උනත් පස්සේ දෙන්නම් කාසිවලට දීලා අන්තිමේදී ඒ ළමයාගේ ජොබ් එකට ප්‍රශ්නයක් වෙනවනේ. පස්සේ පසු තැවුන එක වෙනම කතාවක්. නමුත් ඉතින් කවුරුත් ඔහොම තමයි සතේටත් හරියටම ගනුදෙනුව කරනවනේ. (නදී)
අද කාලේ රු 20 මොනවා කරන්නද කියලා 'ආවොත් ආවා ගියොත් ගියා' කියලා හිතාගෙන තරුණයා කරපු කටයුත්ත නම් අපුරුයි (නි)