IMG-LOGO

2025 ජුලි මස 05 වන සෙනසුරාදා


රු. 20 ණයට බේත් අරන් දාහක් දී කළගුණ සලකලා

ෆාමසිය විවෘත කළා පමණි. අති සුඛෝපභෝගි රථයකින් පැමිණි මහතෙක් බෙහෙත් තුණ්ඩුවක් කවුන්ටරයේ සිටි තරුණියට දී ‘‘මේ බෙහෙත දෙන්නැයි’’ පැවසීය.


ඇය බෙහෙත දුන් විට හෙතෙම රුපියල් දහසේ නෝට්ටුවක් දිගු කළේය.


‘‘අනේ සර් දාහක් මාරු කරන්න නම් නැහැ. ගාන රුපියල් විස්සයි’’ ඇය පැවසුවාය.


‘‘අනේ ළමයෝ මා ගාව තියෙන්නේ ඔක්කෝම දාහේ කොළ. මට මේ බෙහෙත උදේට බොන්නත්  ඕනේ’’ මොකද දැන් කරන්නේ යනුවෙන් විමසූවිට ඇය පැවසුවේ ‘‘සර් කොහෙන් හරි මාරු කරන් එන්න මම බෙහෙත අරන් තියන්නම්’’ යනුවෙනි.


‘‘මම මේක කොහෙන් මාරු කරන්න ද අනෙක උදේම නේ’’ මහතා පැවසූ විට එතැනට පැමිණි සේවක තරුණයෙක් ‘‘මොකක්ද ප‍්‍රශ්නෙ’’ යනුවෙන් විමසීය. තරුණිය කාරණය පැවසුවාය. එවිට ඔහු


‘‘සර් බෙහෙත අරන් යන්න මේ බෙහෙත උදේම ගන්නත්  ඕනේ’’ සල්ලි පස්සේ දෙන්න යැයි පවසා ඖෂධය දීමට කටයුතු කළේය.


අනේක වාරයක් ස්තුති කළ මහතා පිටව ගියේය. පැයක් ඇතුළත ඔහු පැමිණ තරුණයාට රුපියල් විස්සදී රුපියල් දහසක්ද තරුණයා අත තබා ‘‘මේක මට බෙහෙත ගන්න උදව් කළාට’’ යැයි පවසා වාහනයට ගොඩවිය. එතැන සිටි පුද්ගලයෙක් ‘‘ඔය මහත්තයා ගොඩක් මහන්සියෙන් දියුණු වුණ කෙනෙක්. දැන් කෝටි පතියෙක්.’’ යැයි පැවසීය. බෙහෙත නිකුත් කළ තරුණියට එය ඇසී ‘‘අපරාදේ මට උදේ බෙහෙත් ටික දෙන්න තිබුණේ එහෙනම් රුපියල් දාහ මටනේ’’ යනුවෙන් ශෝකයෙන් පැවසුවාය.
(ක‍්‍රිස්ටෝපර් සීපියන්)



අදහස් (0)

රු. 20 ණයට බේත් අරන් දාහක් දී කළගුණ සලකලා

අනිල් Wednesday, 12 August 2015 02:42 PM

ඔය මහත්තයට තිබුනේ ඒ ගැණු ළමයට රුපියල් 1000 ම දීල ගිහින් ඇවිත් උදේට ඉතුරු සල්ලි ඉල්ලා ගන්න. ඒ ළමයට රුපියල් 20 වටිනවා ඒ මහත්තයට රුපියල් 20000 ටත් වඩා.. දුප්පත් මිනිසුන්ට මොලේ නැහැ කියන්න එපා. (අ)

:       0       0

දිලුපා Wednesday, 12 August 2015 05:33 AM

ගැහැනුන්ගේ හැඳි මිටේ මොලේ වැඩි කරන්න ක්‍රමයක් තියනවද ? (නදී)

:       0       0

ධම්ම Wednesday, 12 August 2015 05:34 AM

මේ කෝටිපතියාගේ ක්‍රියාවට වඩා මා නම් අගය කරන්නේ ෆාමසි සේවකයාගේ කාරුණිකභාවයයි. ඔහුගේ කාරුණික හදවතට දැනුනා රෝගියාගේ අවශ්‍යතාවය. මේ සටහන ද ඔහුට උපහාරයක් වේවා!

:       0       0

ඉනෝකා Wednesday, 12 August 2015 04:07 PM

මාත් හිතුවේ අනිල් හිතපුදේමයි.ඔය මහත්තයා ඔය කියන තරම් සල්ලිකාරයෙක් නම්,අසරණ ගැහැණු ළමයාට රුපියල් 1000ම දීලා බෙහෙත් ටික අරගෙන, පස්සේ ඉතිරි සල්ලි ටික ගන්න තිබුනා. නැත්නම් එම ළමයාටම ඉතුරු සල්ලි ටික තියාගන්න කියලා කියන්න තිබුනා.මම එයා නම් කරන්නේ ඕක තමයි. (නි)

:       0       0

සුබෝදිනී Thursday, 20 August 2015 06:27 PM

දිලුපා කියපු එක හරි. මට පස්සේ තමයි තේරුනේ. ගැහැණුන්ගේ හැඳි මිටේ මොළේ නිසාම වෙන්න ඇති මට එයා කියපු එක ඒ වෙලාවේ තේරුනේ නැත්තේ. (නි)

:       0       0

නිශාන්ත Wednesday, 12 August 2015 02:50 AM

ඒ නංගිට පස්සේ දුකහිතෙන්න ඇති (නි)

:       0       0

ටෙහාන් Wednesday, 12 August 2015 11:08 AM

මමත් දවසක් එංගලන්ත ජාතික තරුණයෙකුට ලංකාවෙන් සල්ලි ගන්න බැරුව ඉද්දි මගේ වියදමින් අපේ රටේ ගොඩක් තැන පෙන්නුවා. සීගිරිය, පින්නවල, දවස් දෙකක ආහාර වගේ ගොඩක් දේවල් කළා. පස්සේ මගේම ෆෝන් එකෙන් එයාගේ තාත්තට කතා කරලා ක්‍රෙඩිට් කාර්ඩ් එක හදාගෙන මට මගේ සල්ලිත් දීල අපේ ගෙදර ඇවිල්ල අපේ විදියට කෑමත් කාල, ගොඩක් ස්තුති කරලා වෙනම ලොකු මුදලකුත් දීල ගියා. අදටත් මම මිස් කෝල් එකක් කලාම එයා මට කතා කරනවා. සහෝදරයා කියල තමයි මට කියන්නේ. මේවගේ එකිනෙකාට උදව් කරගන්න. (බ)

:       0       0

සුබෝදිනී Wednesday, 12 August 2015 07:01 PM

මම ඉන්න රටේ,පොඩි කඩයකට ගිහින් භාණ්ඩයක් මිළදීගෙන පැන්සයක් දෙකක් අඩුවුණොත් කඩකාරයා බොහෝවිට පසුව ගතහැකියි කියා කිව්වත්,ලොකු සුපර් මාකට් එහෙකට ගොඩවෙලා පැන්සයක් අඩුවුණත්, පෝලිමේ කොපමණ සෙනඟ බලා හිටියත් එය දෙනතුරුම වෙළඳසැළේ සේවිකාව හෝ සේවකයා බලාසිටිනවා.එය දීමට ලොකු නෝට්ටුවක් දුන්නොත් එය අරගෙන මාරු සල්ලි පොදියක් දෙනවා.එම සේවකයෝ නීතියට බැඳී වැඩ කරන නිසාවෙනුයි.ෆාමසියේ වැඩකළ දෙන්නාම හොඳයි.එු වුණත් ගැහැණියක් තවත් ගැහැණියක්ව හැඳි මිටේ මිම්මෙන් මැනපු එක ගැන නම් මගේ හිතේ තියෙන්නේ කණගාටුවක්.... (නි)

:       0       0

සුබෝදිනී Thursday, 13 August 2015 10:14 PM

අසංග,එතකොට අපි හැමෝටම ජීවය දුන්නෙත් කාන්තාවක් නේද? (නි)

:       0       0

රෙජි-සිඩ්නි Wednesday, 12 August 2015 03:27 AM

සේවකයා මහතා කෙරෙහි විශ්වාසය තබා බෙහෙත් දුන්නා. මහත්තයා. ඒ විශ්වාසය කඩ නොකර මුදල් ගෙන දුන්න විතරක් නොවෙයි තමා කෙරෙහි තැබූ විශ්වාසයට රුපියල් දාහක් දුන්න. මෙතන මුදලට වැඩිය ඇගයිය යත්තේ එකී නෙකා කෙරෙහි තැබූ විශ්වාසයයි අවංක කමයි. (නදී)

:       0       0

දිනේෂ් Friday, 14 August 2015 12:12 AM

මම ලංකාවේ ආයතනයක වැඩකරන කාලයේ මගේ සහායක තනතුරු වල තරුණියන් දෙදෙනෙක් වැඩ කළා. එක තරුණියක් ආයතනයේ කාටවත් නොදන්වා ඉහළ මට්‌ටමේ විවාහ උත්සවයක් ගත්තා. අනෙක් තරුණිය අප හැමටම ආරාධනා කර සාමාන්‍ය මට්‌ටමේ විවාහ උත්සවයක් ගත්තා. එම උත්සවයට මම රැගෙන ගිය වටිනා ත්‍යාගය කුමක්දැයි මගෙන් අසා දැනගත් මුල් තරුණිය "අපරාදේ මම සර්ට මගේ වෙඩින් එකට ඉන්වයිට් නොකළේ " කියා කිව්වා. (නි)

:       0       0

අසංග Thursday, 13 August 2015 01:52 AM

සුබෝදිනී හැඳි මිටේ කතාවට දුක්වුණත් ඇත්ත ඒක (නි)

:       0       0

අසෝකා Wednesday, 12 August 2015 07:55 AM

ඒ තරුණිය තමන්ගේ වැටුපෙන් පවුලක්ම නඩත්තු කරනවා ඇති. එහෙමත් නැත්නම් මේ වගේ බොහෝ දේවල් වලින් පාඩු ලබල ඇති. අද සල්ලිකාරයෝ වගේ ඇවිත් කරන දේවල් දිහා බැලුවම ඒ තරුනියටත් වරදක් කියන්න බැහැ ඒ මහත්මය හොද නිසා මුදල් දුන්න. එහෙම නැත්නම් බෙහෙත් දීපු ළමයාගේ පඩියෙන් ඒ මුදල ගෙවන්න වෙනවා.(නදී)

:       0       0

මහින්ද ආර් කිතුල්ගොඩ සී ෂෙල්ස් Wednesday, 12 August 2015 07:57 AM

අදකාලේ නං නාඳුනන මහත් හොරු කරන වංචාවල් ගැන හිතද්දී සේවිකාව පැත්තෙන් සාදාරණයි. නැත්නම් හවසට මුදල් බාර දෙද්දී අතින් නේ දාන්න වෙන්නේ. එ්ත් මහත්මයාගේ නියම මහත්ම ගතියටත් සේවකයාගේ ථානොචිත ක්‍රියාව ගැනත් අපි සැවොම ගරුකළ යුතු වෙනවා. (නදී)

:       0       0

දුමින්ද Wednesday, 12 August 2015 04:46 AM

නියම මිනිස්සු (නදී)

:       0       0

ඉසුරන්දි Wednesday, 12 August 2015 08:42 AM

ඒ ළමය මොනා කරන්නද. රුපියල් විස්ස උනත් පස්සේ දෙන්නම් කාසිවලට දීලා අන්තිමේදී ඒ ළමයාගේ ජොබ් එකට ප්‍රශ්නයක් වෙනවනේ. පස්සේ පසු තැවුන එක වෙනම කතාවක්. නමුත් ඉතින් කවුරුත් ඔහොම තමයි සතේටත් හරියටම ගනුදෙනුව කරනවනේ. (නදී)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 13 August 2015 08:22 AM

අද කාලේ රු 20 මොනවා කරන්නද කියලා 'ආවොත් ආවා ගියොත් ගියා' කියලා හිතාගෙන තරුණයා කරපු කටයුත්ත නම් අපුරුයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 25 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 386 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 841 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site