IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


යතුරු මාරු වී ජංජාලයක්

 


මොරගොල්ලාගම සිසිර කැලේගම.


අවුරුද්දට මුල් නිවසට පැමිණි දරුවන් දෙදෙනකුට තම නිවෙස්වල යතුරු මාරු කරගෙන යාම නිසා සිදු වූ අලකලංචියක් පිළිබඳව පුවතක් දකුණ හා රජරට පළාත් අතරින් අසන්නට ලැබුණි.

මවුපිය දෙදෙනාගේ මුල් නිවස රජරට පුරවරයේය. ඔවුනට දාව දරුවන් පස් දෙනෙකි. එක පුතකු රැකියාවකට ගොස් විවාහ වී සිටින්නේ දකුණු පළාතේය. බාල දියණිය ද විවාහකය. පාසල් වියේ පසුවෙන දරු දෙදෙනකුගේ මවක වන ඇය පදිංචිව සිටින්නේ රජරටට අයත් පොලොන්නරුව ප්‍රදේශයේය. ඒ සැමියාගේ ගම් පළාතේය. ඔවුන්ගේ රැකියාවන් හා දරුවන්ගේ ඉගෙනුම් කටයුතු නිසා නිතර නිතර මවුපියන්ගේ මුල් නිවසට පැමිණීමට ඉඩකඩ නැත.

එහෙත් ලෙඩට දුකට පිහිට වූහ .නිරතුරුවම සුවදුක් විමසා බැලුූහ. දරුවන්ට පාසල් නිවාඩුව නිසා බාල දියණිය දරුවන් ද කැටුව මවුපිය දෙදෙනා බලන්නට අවුරුදුවලට ගමේ යනවාය. ඇයගේ සැමියා අත්‍යාවශ්‍ය සේවා රාජකාරිවල නියැළෙන නිසා ඔහුට මේ සඳහා එක්වීමට බැරිය. මේ යන ගමන ගැන ඇය දකුණු පළාතේ සිටින අයියාට ද කිව්වාය.

“නංගි ඔයාලා එනවා නම් අපිත් කට්ටියම එන්නම්“ අයියා ද පිළිතුරු දුන්නේය.

කියු පරිදි ඔවුහු අම්මා තාත්තාට තෑගි බෝගද අරගෙන මුල් නිවසට පැමිණියහ.

අවුරුදු නැකැත් එහි සිට සමරා ගමේ අවුරුදු උත්සව ද නැරඹුහ. ඒ සඳහා ඒ අවට පදිංචිව සිටින අනිත් සහෝදර සහෝදරයෝ ද පවුල් පිටින් ඒක රාශි වූහ.

පාළුවට තිබු නිවසේ ගාල ගෝට්ටියකි. කෙසේ හෝ දුර සිට පැමිණි දියණිය හා පුතු තම නිවෙස් කරා යාමට පිටත් වූහ. එලෙස ගිය පුතු මුල් නිවසට කතා කළේ ය.

“තාත්තේ අපි ගෙදර ආවා. නමුත් ගෙදර යතුර කියලා ගෙනැත් තියෙන්නේ වෙන යතුරක් නේ“

“අනේ පුතේ අපේ ගෙදර යතුරු නම් තියෙනවා. දැන් පුතා කොහොමද ගෙට යන්නේ“ පියා විමසූවේ ය.

ඒ අතරේ නැගණිය ද කතා කළා ය.

“අයියේ, ඔයා අරගෙන ගිහින් තියෙන්නේ අපේ ගබඩාවේ දොරේ යතුර. ඔයාගේ ගෙදර යතුර මගේ බෑගයේ“ ඇය කීවාය.

තම තමන්ගේ බෑග්වල දමා තිබු යතුරු පොඩි වුන් එළියට ඇද දමා නැවත මාරුකර දැමීමෙන් මේ අලකලංචිය සිදු වී තිබෙනවාය.

ඒ යතුරු හුටපට මාරුව අරින්නට පොලොන්නරුව සිට දකුණට යා යුතුය. එසේ යාමට වැයවෙන මුදලට වඩා අඩු වියදමකින් තිබෙන යතුරු ඉවත් කර අලු‍තින් යතුරු දැමිය හැකි බව අයියා වටහා ගත්තේය.

ඒ අනුව අයියා දොරේ යතුර කඩා ගෙට ඇතුළු වී අලු‍තින්ම යතුරක් සවිකරද් දී නංගිගේ ගෙදර ගබඩාවේ යතුර කුරියර් තැපැල් සේවාවෙන් අයියා නංගිගේ ගෙදරට යවන තෙක් ඇය ගබඩාවේ දොර විවෘත නොකර වසාගෙනම සිටියාලු‍.

 



අදහස් (0)

යතුරු මාරු වී ජංජාලයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 406 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16750 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 647 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site