රථ වාහන වැරැද්දක් සම්බන්ධයෙන් පොලිසියෙන් ලැබුණු දඩ පත්‍රිකාවේ අගය තෙගුණකර පවසා සිය පියාගෙන් වැඩිපුර මුදල් ලබාගැනීමට උත්සාහ කළ දහනව හැවිරිදි පුතකු පිළිබඳ අපූරු කතාවක් දකුණු පළාතෙන් වාර්තාවේ.
ජංගම දුරකතනයෙන් කතා කරමින් පියාගේ යතුරුපැදියෙන් නගරයට යමින් කරමින් සිටි දහනව හැවිරිදි පාසල් සිසුවා රථ වාහන රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් විසින් නතර කර තිබේ.
තරුණයා සිදුකළ වරද පිළිබඳව පැහැදිලි කළ නිලධාරීන් වරදට නියමිත රුපියල් දහසක දඩ පතක් ද නිකුත් කළේය. දඩ කොළයද රැගෙන නිවසට ගිය තරුණයා සිදුවීම පිළිබඳව විස්තරය සිය පියාට පවසා රුපියල් තුන්දහස් පන්සියයක දඩ කොළයක් ද ලබාදුන් බව කීවේය.
එම වරදට රුපියල් තුන්දහස් පන්සියයක දඩයක් ලැබීම පිළිබඳව පුදුමයට පත් පියා පසු දින පොලිසියට ගොස් ඒ පිළිබඳව විමසීමක් සිදුකළේය.
රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා පියාගේ කරුණු පැහැදිලි කිරීමට සහ ප්‍රශ්න කිරීමට සාවධානව සවන් යොමුකළ අතර එම කරුණු පැහැදිලි කිරීමට අනුව දඩ මුදල ඔහුට ද ප්‍රහේලිකාවක් විය.
දඩ කොලය ලැබුණු දිනය සහ පුතාගේ විස්තර ළබාගත් රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා සිය කාර්යාලයේ එම කාරණයට අදාළ ලිපි ලේඛන සහ දඩ පත්‍රිකා පොත පරීක්ෂා කළේය.
තරුණයාට නිකුත් කර ඇති දඩ පත්‍රිකාවේ සඳහන් කර ඇත්තේ රුපියල් දහසක මුදලක් බව පැහැදිලිව දක්නට ලැබුණි. පුතාට නිකුත් කර ඇත්තේ රුපියල් දහසක දඩ කොළයක් බව පොලිසියෙන් සිදුකළ කරුණු පැහැදිලි කිරීමෙන් පියාටද වැටහුණේය.
වහාම පුතාට ඇමතුමක් ලබාගෙන ඒ පිළිබඳව විමසීමේදී පුතා සිය දුරකතනය විසන්ධි කර තිබේ. පුතා අඬමින් සිටින අතර සිදුවූයේ කුමක්දැයි සුළු වේලාවකින් බිරිඳ ඇමතුමක් දී විමසීම නිසා පුතා වංචාවක් සිදුකර ඇති බව ඔහුට පැහදිලි විය.
දඩ කොළය ගෙවා රියදුරු බලපත්‍රය ලබා ගැනීමට පැමිණි පසු පුතාට දැඩිව අවවාද සිදුකරන ලෙස රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරමින් පියා පොලීසියෙන් පිටව ගියේය.
2025 ඔක්තෝබර් මස 08
1900
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1518
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
531
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
යතුරු පැදියේ ගිහින් අහුවුණ පුතා තාත්තාටත් දඩයක් ගහන්න ගිහින්