කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත
මුහුණු පොතෙන් මිතුරු වූ මිතුරාගේ තරම මුහුණු පොත නිසාම දැන ගැනීමට හැකිවූ අයකු පිළිබඳ පුවතක් දකුණු පළාතෙන් අසන්නට ලැබේ.
දෙන්නාම මුහුණු පොත් ඔස්තාර්ලාය. ඔවුන් මිතුරු වූයේ ද මුහුණු පොතට පින් සිදුවන්නටය. දෙන්නට දෙන්නා සිටියේ නගරවල් දෙකකය. තරමක් දුරිනි. අයෙක් අනෙකාගෙන් උපකාරයක් ඉල්ලුවේය. එය මුහුණු පොත හරහාය. ඔහු එය ඉටුකර දීමට පොරොන්දු විය.
ඒ අනුව ඔහු සිය භාර්යාව යැයි හඳුන්වා දුන් කාන්තාව සමග ඔහු හමුවීමට ගියේය. ඒ වනවිටත් ඔහුට පොරොන්දු වූ පරිදි නිවාඩු දින දෙකක් ගත කිරීමට ලස්සන තැනක් ඔහු ලක ලැහැස්ති කර තිබුණේය. ඒ තමා දන්න හඳුනන කෙනකුගේ තැනක් ඉතා අඩුවටය.
එදා මේ මුහුණු පොතේ මිතුරෝ දෙදෙනා සාදයක් දැමූහ. වියදම නවාතැන ඉල්ලූ මිතුරා ගෙනි. ආ කාරිය කරගෙන ඔහු බිරිය සමග ආපසු ගියේය. මේ ආකාරයට මිතුරාගේ උපකාරයෙන් ඔහු බිරිය සමග අවස්ථා කිහිපයක්ම නිවාඩුවට යැයි කියමින් එම නිවාඩු නිකේතනයේම ලැගුම් ගෙන තිබුණේය. ඒ වනවිට මේ දෙදෙනා හොඳ මිතුරෝ වූහ. ඒ විතරක්ම නොව ඔහු සමග එන බිරිය ද ඔහුගේ හොඳම හිතවතියක් වී සිටියාය.
කාලය ගෙවී යද්දී ඔහුගේ භාර්යාවගේ මව කලුරිය කළ බව ඔහු මුහුණු පොතේ දමන්නේ ඒ සම්බන්ධයෙන් සිය හිතවතුන්ට දැන්වීමටය. ඒ අනුව මුහුණු පොතෙන් මිතුරුවී මුහුණු පොතෙන්ම උපකාර ගත් මිතුරා ද ඔහුගේ භාර්යාවගේ මළ ගමට නොකියාම යන්නේ ඔහු මෙන්ම ඔහුගේ බිරිය පුදුම කිරීමටත් එක්කය. ඒ ඔවුන් සමග දුක බෙදා ගැනීමේ අදහසිනි.
සිය යතුරුපැදියෙන් ඔහු මේ මළ ගමට ගියේය. එහි ගිය ඔහුට මුහුණු පොතේ මිතුරා ද හමු වූවේය. ඊළඟට ඔහු සෙවූවේ තමා දන්නා ඔහුගේ භාර්යාවය. ඒ සම්බන්ධයෙන් ඔහුගෙන් ඔහු නොඇසුවේ තමාම ඇය සොයාගෙන සොව පළ කිරීමටය. මිතුරා ද ඇය ගැන කිසි කතාවක් නොවිණ. බොහෝ වේලාවක් සෙවූවත් ඇය හමු නොවීයෙන් ඔහු අසල සිටි කෙනකුගෙන් ඇය ගැන විමසුවේය.
තමාගේ මනසේ නොවූ කාන්තා රුවක් දේහය ළඟ වැලපෙමින් සිටිනු ඔහු පෙන්නුවේය. කාරණය තේරුම් ගිය ඔහුට ඔහු තමා අන්දවා ඇති බව ද අවබෝධ විය. ඔහු අමාරුවේ නොදා ඔහුටත් නොකියා ඔහු එතැනින් මාරුවී සිය නිවෙසට ආවේ මුහුණු පොතෙන් මිතුරු වූ මිතුරාගේ තරම මුහුණු පොතෙන්ම දැන ගැනීමට හැකි වූ නිසා මුහුණු පොතට පින් දෙමිනි.
2025 දෙසැම්බර් මස 04
715
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
559
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්රී ලංක
2025 නොවැම්බර් මස 17
452
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මළගෙයින් හොරයක් අහුවී මූණු පොතේ මිතුරා නොකියාම ගිහින්