තිහගොඩ උපසේන ලියනගම
දකුණු පළාතේ උපනගරයක වූ සුළු පරිමාණ බේකරියකි. එය වඩාත් ප්‍රසිද්ධ වූයේ ඉතා රසවත්ව හදන මාළු පාන් නිසාය. එහෙත් පසුගිය දා මාළු පාන් මිලයට ගත් බොහෝ දෙනකු ඒවා තද තිත්ත බව පවසමින් ආපසු ගෙනා අතර බේකරි හිමියා ද එය හපා බැලු අතර තද තිස්ස රස බව දැන සේවකයන් සමඟ ඊට හේතු සොයා බැලුවේය.
මෙය ඇසු බේකරි හිමියාගේ බිරිය බේකරියේ කෑම සඳහා වූ අමුද්‍රව්‍ය ගබඩා කරන ශීත කරණය අසලට ගියේ සැකයෙනි. තම වැඩිමහල් පුතා වෙලාවක් ආවේලාවක් නොබලා තම මව් කිරි බීමේ කරදරයෙන් මිදීමට ඇය තම පියයුරුවල කොහොඹ කොළ දියර ආලේප කිරීමට ගෙනා කොහොඹ කොළ රහසේ දමා තිබුණේ ද මේ ශීතකරණයේය. මුදලාලිගේ ගෝලයෝ මාළු පාන් රස කිරීමට ගෙනා කරපිංචා කොළ ද තිබුණේ එහිමය.
එදා උදෑසන නිදිමතේ කරපිංචා කොළ වෙනුවට කොහොඹ කොළ දමා ඇති බව සිහිපත් වීමෙන් ඇයට දෙවියන් සිහි වුවත් මේ චෝදනාවෙන් ගැලවීමට සිතු ඇය ඉතිරිව තිබූ කොහොඹ කොළ අතු කීපයක් රැගෙන විත් එළියට විසිකොට කිසිත් නොදන්නා ලෙස සිටියාලු.
2025 නොවැම්බර් මස 04
67
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2016
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1562
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මාළු පාන් හදද්දී කරපිංචා වෙනුවට කොහොඹ කොළ දමලා