IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


මළ ගෙදරට ගෙනා මාළු පාන් පසුදා මහ පාරේ අතුරලා

බුලත්සිංහල ලක්මි කුඩලිගම
මළ ගෙදරක රාත්‍රියේ නිදිවර්ජිතව සිටි පිරිසකට මාළු පාන් සමග තේ පැන් සංග්‍රහයක් ලබාදුන් බේකරි හිමියකුගේ නිවෙසට යන මාර්ගයේ පසු දින උදෑසන මාළු පාන් පහළොවක් විස්සක් පමණ විසිරී තිබී යැයි බස්නාහිර පළාතේ කුඩා ගම්මානයකින් වාර්තා වෙයි.


බේකරියක් හිමි පුද්ගලයකුගේ අසල්වැසි අතිජාත මිත්‍රයකුගේ මවක් ඉකුත් දිනක මිය ගියාය. විදේශ ගත රැකියාවේ නියුතු පුතකු පැමිණෙන තෙක් මවගේ අවසන් කටයුතු සිදුකිරීම දින කීපයක් ප්‍රමාද කළේය. ඒ දින කිහිපයේ ගමේ සමිති සමාගම් හා ඥාති හිතවත්හු තමනට හැකි පමණින් දිවා රාත්‍රියේ මළ ගෙදරට පැමිණෙන ඥාති හිතවතුන්ට සංග්‍රහ කිරීමට යුහුසුළුව කටයුතු කළහ.


මෙය දුටු බේකරි හිමියාද තමන්ටත් හැකි අයුරින් යමක් කළ යුතු යැයි සිතා, මමත් අද මාළුපාන් දෙතුන් සියයක් පමණ තේ පැන් සංග්‍රහයක් ලබාදෙන බව තම ශෝකාකූල මිත්‍රයාට පැවසීය. මිතුරාද සත් භාවයෙන් එයට අනුමැතිය ලබා දුන්නේය.


පොරොන්දු වූ පරිදි බේකරි හිමියා මාළු පාන් මල්ලක් රැගෙන තම බිරියද සමගින් පැමිණ නිදිවර්ජිතව රාත්‍රියේ මළ ගෙදර සිටි සියලුම දෙනාට තම සංග්‍රහය ලබා දී ඉතිරිවූ මාළු පාන් ෂොපින් බෑගයක දමා අවශ්‍ය වූ අයෙකුට නැවත මාළු පාන් ආහාරයට ගත හැකි බව දන්වා තම නිවෙසට ගියේය.පසුදා අලුයම අවදිවූ බේකරි හිමියා නැවත මළ ගෙදරට එන අතර තුර දැක ඇත්තේ තම නිවසට යන එන මාර්ගයේ මාළු පාන් විසිරී තිබෙන ආකාරයයි. මෙයින් කලකිරිමට පත් ඔහු තම බිරිඳට පවසා ඇත්තේ ගමේ පිරිසකට කළ හොඳ පස්සෙන් එවා ඇති බවයි.



අදහස් (1)

මළ ගෙදරට ගෙනා මාළු පාන් පසුදා මහ පාරේ අතුරලා

ගීතා Friday, 23 September 2022 07:20 PM

බලන්න බේකරි හිමියාගේ මනුස්සකම සහ මාළු බනිස් විසිකල මිනිසාගේ තිරිසන්කම... මෙවන් දුර්භික්ෂ කාලෙක කුසගින්නේ දහස් ගාණක් බඩගින්නෙ දුක් විදික මේ කාලෙ මිනිස්සු කොච්චර ඉන්නවාද? මේ කෑම විසිකළ අයට බඩගින්නේ තමයි මැරෙන්න වෙන්නේ... බේකරි හිමියා දිනෙන් දින දියුණු වේවි...!

:       0       12

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 67 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2016 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1562 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site